ඉතින්, විශ්‍රාම ජීවිතය ගැන ඔයා දකින මේ හීනය හැකි ඉක්මනින් ජය ගන්නේ කොහොමද? කල්තියා විශ්‍රාම ගැනීම සාර්ථකව අත් කර ගැනීමට බොහෝ ක්‍රම ඇති අතර ඒ සියල්ල රඳා පවතින්නේ හොඳ සැලැස්මක් නිර්මාණය කිරීම හා අනුගමනය කිරීම මත බවත් අමතක කරලා බැහැ. ඒ නිසා අපි අද කතාකරමු හැකි ඉක්මණින් ඒ ගමන සාර්ථක කරගන්නේ කොහොමද කියන දේ!
ණය තුරුස් අවසන් කරලා ඉක්මනින් විශ්‍රාම යන්න
අප කවුරුත් දන්නා පරිදි, ණය කියන්නේ ඔබේ මහන්සියෙන් උපයාගත් ආදායම දුර්වල කරන ප්‍රධානතම මෙවලමක්. ණය සඳහා වන ගෙවීම් ඔබගේ මුදල් ප්‍රවාහය අඩු කරන අතර විශ්‍රාම යාමේදී ඔබට ඉතිරි කර ගත හැකි සහ ආයෝජනය කළ හැකි හෝ වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයට මෙය සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරනවා. එනිසා කල්තියා විශ්‍රාම යාමේ පළමු පියවර වන්නේ ණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමයි. ඉහළම සිට පහළම පොලී අනුපාතය දක්වා ඇණවුම් කර ඇති සියලුම ණය ලැයිස්තුවක් සකස් කරලා සහ කාලරාමුවකින් ඒවා ගෙවීමට ප්‍රමුඛත්වය දෙන්න මෙහිදී ඔබ පියවර ගන්න අවශ්‍යයි. මේ අතර, ඔබේ වියදම් හැකිතාක් දුරට අඩු කරන්න, එවිට ඔබේ ණය ශේෂයට දිගින් දිගටම එකතුවීම් සිදුවෙන්නේ නැහැ. ඔබ ණය පියවීම පටන් ගත් විගසම වාගේ විශ්‍රාම ගැනීම සඳහා මුදල් යොමු කරන්නත් හැකියාව ලැබෙනවා.
අනාගත විශ්‍රාම අයවැය සඳහා වන අවශ්‍යතා සලකා බලන්න
ඔබගේ වර්තමාන වියදම් කපා හැරීම මඟින් ඔබ සිතුවාට වඩා වැඩි මුදලක් ඉතිරි කර විශ්‍රාම ගැනීමට ඇති හැකියාව වැඩි කරන්න පුළුවන්. එසේම, අනාගතයේ දී ඔබට වියදම් කිරීමට අවශ්‍ය දේවලට වඩා, විශ්‍රාමික ඉතිරිකිරීම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. විවිධ කාල වකවානු අනුව විවිධ තත්වයන් වලදී වියදම් කිරීමට විශ්‍රාම සැලසුම් කල්තියා ගණනය කරන්න,ඔබට එක් වරකදීම වියදම් සඳහා තරමක ලොකු අයවැයක් ද සැකසීමේ හැකියාව තිබෙනවා.
ඔබගේ වර්තමාන වියදම් පාලනය කරන්න
ඔබගේ වර්තමාන වියදම් පිළිබඳව ඔබට අදහසක් නොමැතිව ඔබට කලින් විශ්‍රාම දිවියකට එළඹෙන්න ඇති හැකියාව ගැන දැක්මක් ඔබට ලබාගන්න බැහැ.ඔබේ මූල්‍ය කටයුතු පාලනය කිරීමට සහ විවිධ තේරීම් කිරීමට ඇති එකම ක්‍රමය යථාර්ථවාදී අයවැයක් නිර්මාණය කිරීමයි. ඔබගේ වර්තමාන වියදම් ඉතා සවිස්තරාත්මකව සොයා බලන්න, එය ඔබගේ සමහර මුදල් යන්නේ කොතැනටද යන්න පිළිබඳ හොඳ අදහසක් ලබා ගැනීමට උපකාරී වන අතර, ඉතිරි සියල්ල ඔබව පුදුමයට පත් කළ හැකිය!
ඉතින් එහෙනම්,ඔබට කල්තියා විශ්‍රාම ගත හැකිද?
ඔබ කලින් විශ්‍රාම ගැනීමට තෝරා ගන්නා විට, ඔබ බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. ඇත්තෙන්ම, ඔබ කලින් විශ්‍රාම ගැනීමට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය ද? ඔබට විශ්‍රාම යාමට අවශ්‍ය වයස අනුව මෙය බෙහෙවින් වෙනස් වෙනවා. වයස අවුරුදු 45ට වඩා 55දී විශ්‍රාම ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ඉතිරිකිරීමේ වෙනස්කම් මොනවාද? දැනගත හැකි එකම ක්‍රමය වන්නේ සංඛ්‍යාමය වශයෙන් ඒවා ගණනය කර මාසිකව හා කාර්තුමය වශයෙන් නිරීක්ෂණය කිරීමයි. එසේනම් ප්‍රීතිමත් විශ්‍රාමයක් ලබා ගැනීමට ඔබටත් වාසනාව ලැබේවා!