විශ්‍රාම සැලසුම

 විශ්‍රාම සැලසුම, විශ්‍රාම දිවිය ගතකරන අතරතුර ඔබට ඇතිවන මුල්‍යමය අවශ්‍යතාවන්ට අනුකූලව සිදු කළ හැකි ආයෝජනයකි. ඔබ යම් දිනෙක විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔබගේ අනාගතය සුරක්ෂිත බැවින් ඔබට සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් විය හැකිය. 

මා හට විශ්‍රාම සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි?

  • මුල්‍යමය ගැටළුවලින් තොරව විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා
  • මාසික වියදම් සඳහා මුදල් ලැබීමට
  • නියත මාසික ප්‍රතිලාභයක් අත්විඳිම සඳහා

විශ්‍රාම සැලසුම සඳහා ඇතුළත් විය හැක්කේ කාටද?

  • වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට
  • පුද්ගලික අංශයේ රැකියා කරන පිරිසට
  • රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි වැනි අර්ධ-රාජ්‍ය අංශයේ සේවය කරන පිරිසට
  • ස්වයං රැකියාවල නිරත වන්නන්ට
  • ද්විත්ව පුරවැසිභාවය නොමැති, වෙනත් රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට
  • අර්ථසාධක අරමුදල හෝ ඉතිරිකිරීම් එකවර ලබා දීම මගින් විශ්‍රාමික පිරිසට
  • සේවක-සේව්‍ය දායකත්වයෙන් සිය සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයන්ට

විශ්‍රාම සැලසුමට ඇතුළත් විය යුත්තේ ඇයි?

  • ඉහලම ප්‍රතිලාභ
  • දැනට වෙළඳපළේ පවතින වඩාත් සුවිශේෂීම විශ්‍රාම සැලසුම
  • සුරක්ෂිත දිගුකාලීන (ජීවිත කාලය පුරාම වුවද) ප්‍රතිලාභ

විශ්‍රාම සැලසුම් ක්‍රම මොනවාද? (SAMPLE)

විශ්‍රාම සැලසුම් ක්‍රමය ප්‍රතිලාභ හිමි වීම ආරම්භවන වයස (අවුරුදු) ප්‍රතිලාභ ලැබෙන කාල සීමාව

Retirement Plan Option

Ret. Benefit commences from (age)

Retirement Benefit period

1

Year 55  

වසර 10 (වාරික 120)

2

Year 55

වසර 15 (වාරික 180)

3

Year 60

වසර 10 (වාරික 120)

4

Year 60

වසර 15 (වාරික 180)

5

Year 55

ජීවිත කාලය පුරා 

6

Year 60

ජීවිත කාලය පුරා 

7

55 හෝ ඊට වැඩි 

මීළඟ මාසයේ සිට වසර 10ක් දක්වා (වාරික 120)

8

55 හෝ ඊට වැඩි 

මීළඟ මාසයේ සිට වසර 15ක් දක්වා (වාරික 180)

9

55 හෝ ඊට වැඩි 

මීළඟ මාසයේ සිට ජීවිත කාලය පුරා 

විශ්‍රාමික ප්‍රතිලාභ මුදල කොපමණද?

  • රු. 10,000 ගුණාකාරයක්වන ඕනෑම අගයක් 

මෙම විශ්‍රාමික සැලසුම සඳහා ඇතුළත් වන්නේ කෙසේද?

  • දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් 

විශ්‍රාමික ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේද?

  • මාසික විශ්‍රාමික ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුමට බැරවන අතර, ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ ATM කාඩ්පතකින් මුදල් ලබා ගත හැකිය.

දායක කාලය සහ මුදල කොපමණද?

  • වාරික ක්‍රමය සඳහා මාසික වාරිකය වයස, තෝරා ගත් විශ්‍රාම සැලසුම සහ විශ්‍රාමික ප්‍රතිලාභ මුදල මත තීරණය වේ. (මෙය ස්ථාවර නියෝග මගින් ද ගෙවිය හැකිය.)
  • විශ්‍රාම සැලසුම සඳහා ලියාපදිංචිවන විට එකවර මුදලක් ගෙවීමට ද හැකිය.

මාසික වාරිකය ගෙවීමට මා අපොහොසත් වුවහොත් කුමක් සිදු වේද?

  • හිඟ මුදල ගෙවීමෙන් විශ්‍රාම සැලසුම යළි සක්‍රිය කර ගත හැකිය.
  • අඛණ්ඩව වාරික 12ක් ගෙවීමට අපොහොසත් වුවහොත් විශ්‍රාම සැලසුම අත්හිටුවවනු ලබන අතර දැනට ගෙවා ඇති මුදල යළි බාර දෙනු ලැබේ.

මා මියගියහොත් කුමක් සිදු වේද?

  • ඔබ විසින් නම් කරන ලද ඕනෑම පුද්ගලයෙකුට හෝ ඔබ එවැනි පුද්ගලයෙකු නම් කර නොමැති නම් නෛතික උරුමක්කරුට අදාළ ප්‍රතිලාභ/මුදල් හිමි වේ. (ගෙවන මුදල සහ ගෙවීම් ක්‍රමවේදය බැංකුව විසින් තීරණය කරනු ලැබේ.)

මාසික වාරිකය සඳහා මගේ සේවායෝජකයාට දායක විය හැකිද?

  • හැකියි. සේවක-සේව්‍ය ඒකාබද්ධ ක්‍රමයට හෝ මුළුමනින්ම සේවායෝජකයාට හෝ විශ්‍රාම සැලසුමක් ආරම්භ කළ හැකිය.

මගේ සේවක අර්ථසාධක අරමුදල මෙම විශ්‍රාම සැලසුමට ආයෝජනය කළ හැකිද?

  • හැකියි. ඔබ වයස අවුරුදු 55 ඉක්මවා ඇත්නම් මීළඟ මාසයේ පටන්ම ඔබට ප්‍රතිලාභ හිමිකර ගත හැකිය.

දායක කාල සීමාව අතරතුර මෙය අත්හිටුවිය හැකිද?

පහත අවස්ථාවලදී එසේ කළ හැකිය

-          ස්වේච්ඡාවෙන්

-          මරණයකදී 

-          අඛණ්ඩව මාස 12ක් වාරික ගෙවීමට අපොහොසත් වීම.

*කොන්දේසි සහිතයි

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය බැංකුව සතුය.)