විදේශ ඉපයීම් මත වාහන ආනයනය

 

සුදුසුකම්

  • අයදුම්කරු විදේශ රැකියාව අවසන් කර ආපසු පැමිණිය යුතුයි.
  • අයදුමිකරැගේ නමින් ලියාපදිංචි වු ඔහු විසින් පාවිචිච කරන ලද වාහනය විය යුතුය.
  • ලියාපදිංචි සහතිකය ඉංග්‍රීසි පරිවර්තනය සමගින්
  • ගමන් බලපත්‍ර පිටපත් (අයිතිකරුගේ ඡායාරුප, පිටවීමේ අනුමැතිය, රැකියා යෙදෙන කාල පරිච්ඡේද සදහා වීසා බලපත්‍ර වලංගුතාවය පෙන්වන පිටපත් )
  • වාහනය දකුණු පසින් පැදවිය යුතුය.
  • වාහනය නිදහස් කර ගන්නා විට ඔහුගේ/ ඇයගේ ගමන් බලපත්‍ර ඉදිරිපත් කල යුතුය.
  • වාහනය බලපත්‍රයේ සදහන් නමින් ලියාපදිංචි කල යුතුය. වසර 3 කට මාරු කල නොහැක.
  • ආනයන වසර 5 කට එක් වරක් පමණි.
  • සී එෆ්.සී. සහිත වායු සමීකරණ වාහන ගෙවීමට අවසර නොමැත.


අවු. 5 කට නොවැඩි පාවිච්චි කරන ලද වාහන ආනයනයඃ - විදේශ ඉපයීම් යටතේ

  • විදේශ රැකියා වල වසර 03 ට නොඅඩු සහ විදේශ ඉපයීම්.
  • කාර්මික අයදුම්කරුගේ නමට ලියාපදිංචි කර තිබිය යුතු අතර සහ ඔහුගේ පිටවීමට පෙර වසර 1 ක වැඩි කාලයක් භාවිතා කර තිබීම.
  • පළමු ලියාපදිංචි දිනයේ සිට මෝටර් කාර් එක වසර 5 කට නොවැඩි විය යුතුය.
  • වසර 5 ත් 10 ත් අතර වයස පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය - විදේශ ඉපයීම් යටතේ
  • වසර 5කට නොවැඩි කාලයක් විදේශ රැකියාවේ නියුතු හා විදේශ ඉපැයීම් කරන
  • අයදුම්කරුගේ නමට ලියාපදිංචි වී තිබීම හා වසර 3 කට නොවැඩි කාලයක් අයදුම්කරු භාවිතා කර තිබීම.
  • ලියාපදිංචි මුල් දිනයේ සිට වසර 10 කට වඩා පැරණි නොවිය යුතුය.


අවශ්‍ය අමතර ලිය කියවිලි

  • කුවිතාන්සි පිටපත් 4
  • ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්
  • ලංකාව තුල සිටින හේතු සහ පුද්ගලයා පිළිබද තොරතුරු සටහන් දිවුරුම් පෙත්සමක්
  • වාහන කුවිතාන්සි පිටපතක්
  • ආනයන/ අපනයන පාලන දෙපාර්තමේන්තුව අයකැමිගෙන් ලබා ගත් කුවිතාන්සි
  • වාහනයේ ඡායාරූපයක්
  • ගමන් බලපත්‍රය පහත දැක්වෙන පිටුවල ඡායා පිටපත්
  1. නම
  2. කල් ඉකුත් වන දිනය
  3. ශ්‍රී ලංකාවෙන් පිටත් වන දිනය
  4. ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය
  • විදේශ රැකියාවේ ඉතුරුම් පිළිබද බැංකු ප්‍රකාශන
  • වසර 05 කට නොවැඩි පාවිච්චි කරන ලද වාහන ආනයනය
  • වසර 03 කට නොඅඩු කාලයක් විදේශ සේවයේ නියුතු බවට හා විදේශ ඉපයීම් පිළිබද සහතික
  • වසර 05 ත් 10 ත් අතර පාවිච්චි කරන ලද වාහන ආනයනය
  • වසර 05 කට නොඅඩු කාලයක් විදේශ සේවයේ නියුතු බවට හා විදේශ ඉපයීම් පිළිබද සහතික

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය
අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
ගෙවීම් : කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරීම
කවුන්ටරය - 02 ඒකකය

අයදුම්පත්: විදේශ ඉපයීම් හුවමාරු යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත.

ආකෘති අයදුම්පත්‍ර


පියවරෙන් පියවර  ක්‍රියාපටිපාට්ය
පියවර 01: අයදුම්පත දෙවන ඒකකයෙන්  ලබා ගැනීම.
පියවර 02: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා ලියවිලි ඒකක 2 ට ඉදිරිපත් කිරිම.
පියවර 03: සියළුම ලියවිලි ඉදිරිපත් කර ඇත්නම් සහ නිවැරදිව අයදුම්පත පුරවා ඇත්නම් සහාකාර පාලකගේ අනුමතිය සදහා ඉදිරිපත් කිරීම
පියවර 04: බලපතය නිකත් කිරීමට සහකාර පාලකගේ අනුමතිය ලැබී ඇත්නමි අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවා කුවිතාන්සි ඒකක 2 ට ඉදිරිපත් කිරීම.
පියවර 05: බලපත්‍ර නිකුත් කිරීම.

සටහන
අදාල ලියවිලි ඉදිරිපත් කර නොමැති නම් අවශය ලියවිලි සම්බන්ධව පාරිභෝගිකයාට දැනුම් දෙනු ඇත.
නිවැරදිව අයදුම්පත සම්පූර්ණ කර නැතිනම් අයදුම්කරුට සහාය වේ.

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාල සීමාව
එක් දිනකදී හෝ දෙකකදී.

ඉදිරිපත් කිරීමේ කාල සීමාව
අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම්: කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුමිපත, ඉල්ලීම් ලිපිය සහ ලියව්ලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාල සීමාව
මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.
සටහන
අයදුම්කරුට අවශ්‍ය නම් වලංගු කාල පරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට, ඔහු/ ඇය වලංගු හේතු දක්වා ඉල්ලීමක් පාලක වෙත ඉදිරිපත් කල යුතුය. එවිට පාලක ඉල්ලීම ලබා දෙනවාද නැතිද යන්න තීරණය කරයි

සේවා සදහා අදාල මිළ ගණන්
ඉල්ලුම් පත්‍රය ගාස්තු: වාහනයේ කාලය අනුව ගාස්තු වෙනස් වේ. ගාස්තුව පහත සදහන් මුළු වටිනාකමින් සියයට ගණනක් වේ.

වාහන කාලය

මුළු වටිනාකමෙන්
සියයට ගණන

5 – 7 වසර  5%
7 – 8 වසර 7%
8 – 9 වසර 9%
9 – 10 වසර 12%
5 ට අඩු     3%

     
දඩ
වාහනය නිදහස් කර ගන්නා අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔහුගේ/ ඇයගේ බලපත්‍රය අවලංගු වන අතර වාහනය රාජසන්තක වේ.

අමතර ගාස්තු
අමතර ගාස්තු නොමැත. බ.ප. ලබා ගැනීමට පෙර නැව්ගත කර ඇත්නම් අමතර ගාස්තුවක් ගෙවිය යුතු වේ.

විශේෂ අවස්ථා
කිසියම් අවස්ථාවක අයදුම්කරුට වලංගු කාල පරිච්ඡේදය දික් කර ගැනීමට කැමති නම් පාලක වෙත ඉල්ලීමක් කල යුතුය. පාලක විසින් පරික්ෂා කර බලා ඉල්ලීමට එකග විය හැකිද නොහැකිද යන වග තීරණය කරනු ලැබේ.
කුවිතාන්සියේ සදහන් වටිනාකමට වඩා ආනයන භාණ්ඩ වල වටිනාකම වැඩි නම් එම මිල වෙනස ගෙවිය යුතුය.

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774
ෆැක්ස් අංක:+94-11-2328486
විද්‍යුත් තැපෑල:deptimpt@imexport.gov.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk