මෝටර් වාහන බඳ කොටස් ආනයනය

 සුදුසුකමි

  • මෝටර්රථ කොමසාරිස්ගේ සහතිකය, වාහනය නිදහස් කරගෙන සති 6 ක් ඇතුලත මෙම කාර්යාලයට ඉදිරිපත් කල යුතු වේ.
  • පස්/ මඩ වර්ග වාහන කොටස් වලින් ඉවත් කිරිම සදහා මෙය නිපදවීමට සහතික කිරිම.
  • මෙම බලපත්‍රය වලංගු වන්නේ වාහන බද කොටස් ආනයනයට පමණි.
  • වාහන කදන් වාහනයට සවි කල යුතුයි. බලපත්‍ර ලබා ගැනීමට භාවිතා කල නොහැක.
  • මෝටර් රථ කොමසාරිස් වෙත සති 4 ක් ඇතුලත් පරික්ෂණ සදහා ඉදිරිපත් කල යුතුය.
  • වාහන බද කොටස් ගෙන්වීමට බලපත්‍ර ඉල්ලීමේදී වාහනය පාවිච්චි කර නොමැති බවට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලබා ගත යුතුය.

අමතර ලියකියවිලි

  • වාහන අමතර කොටස් ආනයනයට ඉල්ලීම් ලිපිය
  • මොට්ර් රථ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ගැනීමේ ලිපිය
  • ක්‍රියාකිරී කුවිතාන්සි
  • වාහන බලපත්‍ර ලියවිලි
  • ආනයන/ අපනයන පාලන දෙපාර්තමේන්තුව අයකැමිගෙන් ලබා ගත් කුවිතාන්සි

විශේෂ අවස්ථා
අයදුම්කරු වලංගු කාල පරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට කැමති නම් පාලන වෙත ඉල්ලීමක් කල යුතුය. එවිට පාලන ඒ පිළිබද සලකා බලා තීරණය කරනු ලබයි.

ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය   
අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02

ගෙවීම් කිරිම

කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත් . ඉල්ලීමෙි ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරිම
කවුන්ටරය - 02 ඒකකය

අයදුම් පත්‍ර
ආදර්ශ ආකෘති අයදුම්පත
 

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ඒකක 2 මගින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: අදාල ලිය කියවිලි සහ පුරවන ලද අයදුම්පත ඒකක 2 වෙත ඉදිරිපත් කිරිම.
පියවර 03: අදාල ලියවිලි හා සම්පූර්ණ කරන ලද අයදුම්පත නිසි ලෙස පුරවා ඇතිනම් අනුමතිය සදහා සහකාර පාලක වෙත යොමු කිරිම.
පියවර 04: බලපත්‍රය සදහා අනුමතිය ලැබී ඇත්නමි අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවා කුවිතාන්සි ඒකක 2 වෙත යොමු කිරීම.
පියවර 05: බලපත්‍රය නිකුත් කිරීම.
සටහන
අදාල ලියවිලි ඉදිරපිත් කර නොමැති නම් අයදුම්කරුට එම අඩු ලියවිලි පිළිබද දැනුම් දේ.
අයදුම්පත නිසිෙ ලස පුරවා නැතිනම් ඒ සදහා සහාය වීම.
 

කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය: එක් දිනයකදී හෝ දින දෙකකදී
ඉදිරිපත් කිරිමේ කාල සීමාව: අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරිම

කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුමිපත ඉල්ලීමෙි ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම

කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාලය

වලංගු කාල පරිච්ඡේදය මාස 03 කි.
සටහන:අයදුම්කරුට අවශ්ය නම් වලංගු කාල පරිච්ඡේද දීර්ඝ කර ගැනීමට ඔහු/ ඇය වලංගු හේතු සදහන් ඉල්ලීමක් පාලන වෙත යොමු කිරීම. එවිට පාලන ඒ පිළිබද තීරණය කිරීම.

සේවයට අදාල මිල ගාස්තු

ගාස්තු: අයදුම් පත් ලබා ගැනීමට අය නොකෙරේ.
බලපත්‍ර ගාස්තු : CIF හි වටිනාකමින් 0.1% ක ගාස්තුවක් අය කෙරේ.
අතිරේක ගාස්ත්‍ර :ආනයන කුවිතාන්සියේ සදහන් වටිනාකම වඩා වැඩි නම් එම අගය එම අවස්ථාවේදී පියවිය යුතුය.
අමතර ගාස්තු : අදාල නොවේ.

ආදර්ශ දත්ත සමග අයදුම් පත්‍රය


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774
ෆැක්ස් අංක:+94-11-2328486
විද්‍යුත් තැපෑල:deptimpt@imexport.gov.lk