ඉතින් මීට කලින් ලිපි වලදී අප ඔබ සමග Affiliate Marketing යනු කුමක්ද හා එමගින් මුදල් උපයන්නේ කෙසේද පිළිබඳව සාකච්ඡා කළා මතක ඇති. එහිදී අප ඔබට පුන පුනා සදහන් කළ කරුණ වූයේ ලංකාවේ මෙලෙස සම්බන්ධ වී වැඩ කර මුදල් ඉපයිය හැකි Affiliate Program ඇත්තේ ඉතා කිහිපයක් බවයි. අද අප මේ ලිපියෙන් කතා කරනුයේ එලෙස ලංකාවේදී ඔබට Affiliate Agent කෙනෙක් ලෙස සම්බන්ධ වී මුදල් ඉපයීම කළ හැකි Ontech SL ආයතනය පිළිබදවයි.
Ontech Sl යනු ලංකාව හා විදේශයන්හි තම ව්‍යාපාර පවත්වාගෙන යන සමාගමකි. 2016දී ආරම්භ කළ මේ සමාගම අද වන විට විශාල පාරිභෝගිකයින් සංඛයාවකට සේවය සලසා හොද කීර්ති නාමයක් දිනාගත් සමාගමකි. ඔවුන් විසින් ව්‍යාපාර හා ඒවා කළමනාකරණයට අදාල මෘදුකාංග විශාල සංඛයාවක් නිර්මාණය කර අලෙවි කිරීම කර ඇත. එසේම ඕනෑම ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ලෙස ඔවුන් විසින් අදාල මෘදුකාංග සකසා දීමද කරනු ලබයි.
Ontech Affiliate Program
මෙම ආයතනය තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමේ අරමුණින් රට පුරා Affiliate Agent ලා ලියාපදිංචිය දැන් අරඹා ඇත. මේ ලිපිය කියවන ඔබටද ඔවුන් සමග සම්බන්ධ වී Part time ජොබ් එකක් කිරීමේ හැකියාව දැන් විවෘතය.
මෙහිදී ඔබට සිදුකිරීමට ඇත්තේ පුහුණුවෙන් පසු ඔවුන් ලබාදෙන මෘදුකාංග අලෙවි කිරීම සදහා අලෙවිකරුවෙකු ලෙස සේවය කිරීම පමණි. මේ සදහා ඔබේ නිදහස් කාලය ඔබට හැකි පරිදි සකසා ගැනීම කළ හැකි අතර ඕනෑම අවස්ථාවක මෙයින් ඉවත් වීමටද නිදහස ඇත. ඔබ විසින් සිදුකරන සාර්ථක අලෙවි කිරීමක් අවසානයේදීම අදාල මෘදුකාංගයේ වටිනාකමෙන් 5-40% දක්වා කොමිස් මුදලක් ඔබට හිමිවේ.
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ මූලික පරිගණක දැනුම ඇතුලු කුඩා සුදුසුකම් කිහිපයක් පමණි. එබැවින් Part Time Job සොයන හෝ අමතර ආදායිමක් ලැබීමට කැමති සියලු දෙනාට මේ හා සම්බන්ධ වි කටයුතු කිරීමට ආරාධනා.