ඩ්‍රොප්ෂිපිංවල වාසි

 



ඩ්‍රොප්ෂිපිං (Dropshipping) යනු කුමක්ද?

අවදානම ඉතා අඩු නව රැකියා අවස්ථාවක් ලෙස Dropshipping වෙත දැන් බොහෝ දෙනෙක් යොමු වන්නට අපේක්ෂා කරනවා. එහි වාසි, ආරම්භ කිරීමේ දී ඇතිවන බාධක සහ අඛණ්ඩව එය කරගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ හැකිතාක් පුළුල්ව සාකච්ඡා කරන්නට යි මේ ලැහැස්තිය.
ඩ්‍රොප්ෂිපිං යනු නිෂ්පාදනාගාරයක් හෝ ඇතැම් විට, තොග ගබඩාවක් හෝ නඩත්තු නොකර වෙනත් නිෂ්පාදකයකු මත යැපෙමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලන ව්‍යාපාර ආකෘතියකි.ඉතා සරලව කිව්වොත් ඔයා කරන්නේ අතරමැදියෙකුගේ වැඩක් වගේම දෙයක්.
ඔයාගේ වෙබ් අඩවියේ ඔයා පරිගණක උපාංග දාලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් කෙනෙක් ඇවිත් ඔන්ලයින් ගෙවලා ඔර්ඩර් කරා කියලා හිතමු පෙන් ඩ්‍රයිව් එකක් Rs 2000 වගේ දීලා . දැන් ඔයාට තියෙන්නේ හොද Aliexpress සෙලර් කෙනෙක් හරහා ඒ ජාතියම පෙන් ඩ්‍රයිව් එකක් ඔර්ඩර් කරන එක අර ඔයාගේ වෙබ් අඩවියට ආපු කෙනාගේ විස්තරේ දාලා ( හිතමු ඔයා ඒක 1500ක් ගෙව්වා කියලා ). Aliexpress සෙලර් ඔයගේ කෙනාගේ නමට ඒක යවනවා. ඉතින් ඔයාට නිකන්ම Rs 500 ලාභයි.
මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාර දෙකකි. එකක් නම්, සිල්ලර වෙළෙන්දකු විසින් නිෂ්පාදකයකු හෝ තොග ගබඩාවක් සමග සම්බන්ධතාවක් ඇති කරගෙන, තමාගෙන් පාරිභෝගිකයා ඇණවුම් කරන දෑ ඔවුන් වෙත ඉදිරිපත් කොට ඍජුව තැපැල් කිරීමට ඉඩ සැලසීම යි. අනෙක, තමා වෙත ලබා ගෙන නැවත පාරිභෝගිකයන් වෙත තැපැල් කිරීම යි. මේ ක්‍රම දෙකෙහිම විවිධ වාසි සහ අවාසි පවතී.
එහි බහුලව සිදුවන ක්‍රියාවලිය සරලව මෙසේ ය:
  • පාරිභෝගිකයා සිල්ලර වෙළෙන්දාගේ මාර්ගගත වෙළඳසැලෙන් නිෂ්පාදනයක් ඇණවුම් කරයි.
  • සිල්ලර වෙළෙන්දා ස්වයංක්‍රීයව හෝ හස්තීයව (manually) ඇණවුම සහ පාරිභෝගික තොරතුරු ඩ්‍රොප්ෂිප් කරන සැපයුම්කරු වෙත යොමු කරයි.
  • ඩ්‍රොප්ෂිප් සැපයුම්කරු සිල්ලර වෙළෙන්දාගේ නමින් ඇණවුම ඍජුවම පාරිභෝගිකයාට යවයි.

ඩ්‍රොප්ෂිපිංවල වාසි

නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නකු ලෙස ඔබ ඊට යොමුවිය යුත්තේ මන්දැ යි විමසා බැලීම වැදගත් වේ. ව්‍යාපාර ආකෘතියක් ලෙස, ඩ්‍රොප් ෂිප් කිරීම වාසි සහගත බව ඔප්පු කරන විවිධ අංශ කිහිපයක් ඇත:

  • ප්‍රාග්ධනයක් අනවශ්‍ය වීම - සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය විශාලතම ගැටළුව ප්‍රාග්ධනය යි. නමුත් මෙයට අවශ්‍ය මූල්‍ය කැපකිරීම ඉතාම අඩුය. පරිගණක, අන්තර්ජාල ගාස්තු අමතක කළ විට eBay, AliExpress වැනි වෙබ් අඩවියක වෙළඳාම් ඇරඹීමට කිසිදු මුදලක් වැය නොවේ.
  • පහසුවෙන් ව්‍යාපාර කටයුතු ඇරඹිය හැකිවීම - මෙයට අවශ්‍ය පියවර 3 ක් පමණක් වන බැවින් පහසුවෙන් විකිණුම් ඇරඹිය හැකියි. සැපයුම්කරු සොයා ගැනීම, ඔබේ වෙබ් අඩවිය හෝ මාර්ගගත වෙළඳසලක ප්‍රොෆයිලයක් සකසා ගැනීම සහ භාණ්ඩ විකිණීම ආරම්භ කිරීම එම පියවර 3 යි. ඊ-වාණිජ්‍ය කර්මාන්තය වෙත පිවිසෙන නවකයෙකුට පවා මෙම ව්‍යාපාර ආකෘතිය තේරුම් ගැනීමට සහ ක්‍රියාත්මක කිරීම සාපේක්ෂව පහසු ය.
  • අමතර වියදම්, තොග ගැන වද විය යුතු නොවීම - ඔබ සතුව භාණ්ඩ නොමැති හෙයින් ඒවායේ කල් පැවැත්ම, ආරක්ෂාව ගැන වගවීමක් අනවශ්‍ය අතර, වෙළඳසල් හෝ ගබඩා කුලීවලින් පවා ඔබ නිදහස් ය.
  • භාණ්ඩ වෙත සීමාවන් නොමැති වීම - ඉලෙක්ට්‍රොනික හෝ ලී බඩු වැනි එක් ක්ෂේත්‍රයකට සීමා නොවී විවිධාංගීකෘත නිෂ්පාදන ප්‍රමාණයක් විකිණීමට හැකි වීමෙන් විවිධ ක්ෂේත්‍රවල වැඩිපුරම අලෙවි වන දේවල් ඔබ හරහා විකිණිය හැකි වේ.
  • ව්‍යාපාරය පහසුවෙන් පුළුල් කළ හැකි වීම - සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දෙවන අදියරක් වශයෙන් එහි සැපයුම් වැඩි කිරීමට අවුරුදු කිහිපයක් ගතවුවත්, සති ගණනකින් ඔබට සැපයුම් පුළුල් කළ හැකි වේ.