ජොබ් එකක් කරන ගමන් ඔයාගෙ නිදහස් වෙලාව Internet Money වලට නිවැරදිව ආයෝජනය කරමු.

 


ඉතින් මේ බ්ලොග් එක කියවන ඔයා අනිවාර්‍යයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමති කෙනෙක් හරි  අන්තර්ජාලය හරහා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න හරි ප්‍රවර්ධනය කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනෙ. නැතිනම් මේ බ්ලොග් එක කියවන්නෙ නෑ ඔයා. ඉතින් මම මුලින්ම ස්තුති වන්ත වෙනවා අපේ බ්ලොග් එක කියවන ඔයාලා හැමෝටම. අද මම මේ ලිපියේ කතා කරන්නෙ කොහොමද ඉගෙන ගන්න අතරේ හරි ජොබ් එකක් කරන අතරේ ඔයාගෙ නිදහස් වේලාව අන්තර්ජාලයෙන් කිසියම් මුදලක් උපයා ගන්න නිවැරදිව භාවිතා කරන්නෙ කියලා.

ඉතින් මගෙන් සමහර අය අහනව ගෙදර ඉදලා කිසිම ජොබ් එකක් නොකර Internet එකෙන් සල්ලි හම්බ කරන්න බැරිද කියලා. ඒ අයට මම දෙන උපදේශය තමා තමන්ගෙ තියෙන ජොබ් එක නැති කරගෙන මේ ෆීල්ඩ් එකට එන්න එපා කියලා. මොකද මේකේ සල්ලි හම්බ කරන්න පුලුවන් වගේම කෙල වෙද්දි සුපිරියටමත් කෙලවෙන හින්දා. ඒ නිසා Full-Time කවදාවත් Internet Money කරන්න එපා. Fiverr කරන කෙනෙක් දන්නවා එක Negative Feedback එකකින් තමන්ගෙ Sale කොච්චර අඩු වෙනවද කියලා. ඒ වගේම අපි සල්ලි හම්බ කරන වෙබ් එකක් හරි බ්ලොග් එකක් තිබුනොත් ඒක අපිට එක දවසකින් නැති වෙන්න පුලුවන් මොකෙක් හරි Hack කලොත්. Bitcoin, IQ options, Forex වල එහෙමත් තියෙන්නේ ලොකු අවදානමක්. ඒකයි කීවෙ සල්ලි හම්බ කරන්න ඕනෙ ජොබක් කරන ගමන් කියලා. ඔක්කොම කෙලවෙලා ගියත් අපිට කරන ජොබ් එක හරි තියෙයි.

සමහරක් අහනවා අන්තර්ජාලයෙන් කොහොමද මාසෙකට ලක්ශයක් හොයන්නෙ කියලා. මමනම් දන්න කවුරුත් නෑ එහෙම මාසෙකින් ලක්ෂ ගානක් හොයපු. Chanux Bro, ලසන්ත වික්‍රම්සිංහ, SL Geek පසිදු, දිලින දක්ෂිල වගේ මේ අන්තරජාල මුදල් හා ව්‍යාපාරවලින් උඩට ගියපු හැමෝම බින්දුවෙන් පටන් අරන් හෙමින් හෙමින් තමගෙ ව්‍යාපාර දියුණු කරලා තමා අද ලොකු ලොකු තැන්වල ඉන්නෙ. ඔවුන් කවුරුත් පටන් ගත්ත ගමන් ලක්ෂ ගණන් හෙව්වෙ නෑ. ඒ නිසා ඔයාලා කවුරුහරි Internet එකෙන් එක පාරම ලක්ෂ ගණන් හොයන්න බලන් ඉන්නවා නම් මේ වැඩේ නවත්තලා සල්ලි හොයන්න පුලුවන් වෙන වැඩක් කරන්න. මේකෙන් ගොඩ යන්න අනිත් හැමදේකදිම වගේ කට්ටක් නම් කන්න්නම වෙනවා. අනික හොද සැලසුමක් ඇතුව වැඩ කරන්නත් ඕනි.

ඔයාට දවසකට පැය 2-3ක් හරි Free Time තියෙනවනම් Films බල බල, Games ගහලා වෙලාව නාස්ති නොකර ඔයාගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. අලුතින් මොනාහරි ඉගෙන ගන්න බලන්න මොනාහරි. දැන් Youtube එකේ ඕනෙ තරම් Tutorials තියෙනවනෙ. මොනාහරි Skill එකක් හදා ගත්තොත් ඔයාට අනිවාර්‍යයෙන් ඒක පාවිච්චි කරලා මුදල් උපයන්න පුලුවන්. Web Design Development, Software Development, Mobile app development, android වගේ මොකක් හරි ඔයා කැමති ෆීල්ඩ් එකක් හරියට ඉගෙන ගන්න. එතකොට මේ ඔයාගෙ Skills වලට අදාලව Freelancing වලින් මුදල් උපයන්න ඔයාට පුලුවන්. Fiverr, Freelancer, Guru, Peopleperhour වගේ ඔයාගෙ හැකියාවන් වලින් මුදල් උපයන්න පුලුවන් Freelancer වෙබ් අඩවි ඕනෙ තරම් තියෙනවා. මේ හැම එකක් ගැනම වගේම ඒවගෙ වැඩ කරන විදිය ගැනත් ඕනෙ තරම් විස්තර Google කරලා හොයාගන්න පුලුවන් ඔයාලට. Fiverr ගැනනම් අපේ බ්ලොග් එකෙත් ලිපි කීපයක්ම ලියල තියෙනවා. ඕනෙ කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවන්න.

ආ තවත් වැදගත්ම දෙයක් තමා මේ අන්තර්ජාලයෙන් හම්බ කරන්න බලන් ඉන්න එවුන් කෝමහරි ඉංග්‍රීසි ටිකක් ලියාගන්න වගේම කියවලා තේරුම් ගන්න පුරුදු වෙයල්ලා නැත්තම් උබලා අතරමං වෙනවා. පොඩි කාලෙ ඉදන් ඉංග්‍රිසි ඉගෙන ගන්න කියන්නෙ අන්න ඕක නිසා. කඩ්ඩ පුලුවන් එකාට සැර ගේමක් ගහන්න පුලුවන්. බෑ කියලා නිකන් ඉන්න එපා එකෙක්වත් ඕනෙ තරම් ක්‍රම තියෙනවා කඩ්ඩ හදාගන්න. ඕනෙ උබලගෙ මහන්සිය කැපවීම උනන්දුව විතරයි. කඩ්ඩ පුලුවන් එකාට කඩ්ඩෙන් බ්ලොග් ලියලා ඇඩ්සෙන්ස් අරන් සැර ගේමක් ගහන්න පුලුවන් වැඩි අමාරුවක් නැතුව. කඩ්ඩ බැරි එවුන්ට පොඩ්ඩක් අමාරු වෙනවා Fiverr එකේ සමහර Customers ලා එක්ක වැඩ කරන්න. ඒ නිසා උබලා පුලුවන් තරම් කඩ්ඩ පොලිෂ් කර ගනිල්ලා. ඒත් කඩ්ඩ බෑ කියලා වැඩේ අතාරින්න එපා කඩ්ඩ බැරිව සිංහලෙන් ගේම ගහලා මුදල් උපයන ක්‍රම ඕනෙ තරම් තියෙනවා.

ඔයාලට පුලුවන් නම් සිංහලෙන් හොදට ලියන්න, මෙන්න මේ අපි කරනවා වගේ තමන් කැමති ක්ෂේත්‍රයකින් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න. හැබැයි ඔයාගෙ Free Time දාලා ලිපි ලියන්න පටන් ගන්න. සතියකට දෙපාරක් විතර වචන් 500ට වැඩි ලිපි ලියන්න පුලුවන්නම් මාස කීපයකින් ඒක හරහා මුදල් උපයන්න පුලුවන් ඔයාට. ගූගල් කරලා කට්ටිය එන්න ගන්නකොට ඔයාගෙ උපයන මුදල් එන්න එන්නම වැඩිවේවි. ඒකට ඉතින් කට්ට කාලා හොද ලිපි ලියන්න ඕනෙ හැබැයි. මේකට ඔයාට ලොකු වියදමක් යන්නෙ නෑ. වියදම් කලොත් කරන්න වෙන්නෙ Domain & Hosting වලට තමා. අන්න ඒකට යන වියදම් ඔයාගෙ ජොබ් එකෙන් උපයන මුදලෙන් කොටසක් ඉතුරු කරලා පියවගන්න පුලුවන් ඔයාට. අන්න ඒකයි ජොබක් කරන ගමන් මේ ගේම් එක සෙල්ලම් කරන්න කීවෙ. බ්ලොග් එකකින් සල්ලි හම්බ කරන ක්‍රම රාශියක් තියෙනවා. ඒවායින් කීපයක් ගැන අපි ලියලා තියෙනවා මේ මගේ බ්ලොග් එකේ. ඕනෙ අය හොයන් කියවන්න.

 ඔයාට හොදට Screen එකක් ඉස්සරහ කතා කරන්න පුලුවන් නම් සල්ලි ටිකක් වියදම් කරලා හොද කැමරා එකක් අරන් හොද සැලැස්මක් ඇතුව Youtube Channel එකක් පටන් ගන්න. වීඩියෝ Edit කරන විදිය ගැන ඕනෙ තරම් Tutorials තියෙනවා. ඒවා බලලා ඒවත් ඉගෙන ගන්න. ඔයාගේ ගෙදර ඉන්න නිදහස් වෙලාව හොද වීඩියෝ හදන්න වෙන් කරන්න. ටික කාලයක් යනකොට Views, Subscribers ලා වැඩි වේවි. එතකොට ඒකෙන් මුදල් උපයන්න ඔයාට පුලුවන්. මේ ගැනත් අපි ලිපි කීපයකින්ම කතා කලා. ඒවා කියවපු නැති අය පහලින් ගිහින් ඒවත් කියවන්නකො.


ඒ වගේම ඔයා නිකන් ඉන්න වෙලාවට Facebook, Instagram වලනම් ඉන්නෙ ගොඩක් වෙලාවට, ඔයාට පුලුවන් ඒ වෙලාව Facebook Page එකක් හදලා ඒකට Like අරන් ඒක ජනප්‍රිය කරලා මුදල් උපයන්න. 

ඒ වගේම ඔයාගෙ මොකක් හරි Offline ව්‍යාපාරයක් තියෙනවනම් ඒකෙ බිස්නස් වැඩි කරගන්න මේ අන්තර්ජාලය යොදාගන්න පුලුවන්. ඒ වගේම ඔයාගේ නිකන් ඉන්න වෙලාව Affiliate Marketing වලට යොදවලා ඒකෙනුත් මුදල් උපයන්න පුලුවන්. ඒ වගේම තවත් ක්‍රම ගොඩක් ගැන මම මේ බ්ලොගයේ ලියලා තියෙනවා. ඒවා හොයාගෙන ඕනෙ අය කියවන්න.

මට මේ ලිපියෙන් ඔයාලට මූලිකවම කියන්න ඕනෙ උනේ කරන ජොබ් එක කරන ගමන් තමන්ගෙ නිදහස් වෙලාව මේ අන්තර්ජාල මුදල් වලට යොදවලා ඒකෙන් ගානක් හොයාගන්න කියලා. කාලයක් කරගෙන ගියොත් උබලා ගොඩ යනවා මට විශ්වාසයි. මග නවත්තන එවුන්ට කියන්නෙ උබ කතරගම යන්න ගිහින් අතරමං වුනා කියල තම. මොන දේ කරන්නත් කලින් හොදට හොයල කියවලා ඉගෙන ගෙන කරපල්ල. උබලා Adsense, Fiverr හරි වෙන දේකින් සාර්ථක වෙලා සල්ලි හම්බ කරන්වා කියන්නෙ රටට ඩොලර් එනවා කියන එකනෙ. ඒකෙන් රටටත් හොදක් වෙයි. ඒක නිසා ජොබ් නැති එවුන් මුලින් ජොබක් හොයාගනිල්ල. ඊට පස්සෙ මේකට බැහැපල්ලා. නිකමෝ වගේ ඉන්න එපා ඒකෙන් උබට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. සල්ලි එද්දිත් ඒවා ඉතුරු කරලා තව තව බිස්නස් වලට ආයෝජනය කරපල්ලා. එතකොට උබලට තව තව සල්ලි එයි….එහෙනම් මේ ලිපිය ගැන උබලගෙ අදහස් පහලින් Comment කරපල්ලකො….උබලට ජය.