වෙබ් අඩවි වල ඔයාට පුළුවන් ලියාපදිංචි වෙලා ඔබේ සේවාවන් සපයන්න.

 ඔබට සාමාන්‍ය අදහස් හුවමාරු කරගන්න පුළුවන් සහ තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුමක් එක්ක ග්‍රාෆික් වැඩ, වෙබ් ඩිසයින් වැඩ, seo, content writing, අන්තරජාල මාර්කටින්, වීඩියෝ සංස්කරණය,  පුළුවන් නම් ඔන්න තවත් වැඩක් තියෙනවා අවදානමක් නැතුව කරන්න පුළුවන් ( trading වැඩ වලට කැමති නැති අයට, අවදානමක් ගන්න කැමති නැති අයට මේක වඩා හොදයි =D  )



මේ තියෙන වෙබ් අඩවි වල ඔයාට පුළුවන් ලියාපදිංචි වෙලා ඔබේ සේවාවන් සපයන්න. මුල්ම කීප දෙන හොයා ගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන් නුමුත් කීප දෙනෙක් හොයාගත්ටට පස්සේ ඉතින් ගැටළුවක් නැතුව එයාලගේ reviews ඒවත් පාවිච්චි කරලා තව වැඩ කරලා මුදල් හොයාගන්න පුළුවන්. ප්‍රදනම දේ තමා හොදටම වැඩ කරලා හොද reviews ගන්න එක. මොකද ඒවා මුල ඉදන්ම අවුල් වුනොත් ඉතින් ලේසි නෑ අලුත් අයව හොයා ගන්න. ඔන්න දැම්මා ලිස්ට් එක ඔයාලාට කරන්න පුළුවන් වැඩ තියෙන වෙබ් අඩවි වල ලියාපදිංචි වෙලා. profile හදන් වැඩේට බහින්නකෝ..

Fiverr

ඔයාට ග්‍රාෆික් වැඩ, intro වීඩියෝ හදන්න, වෙබ් අඩවි නිර්මාණය, seo, ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියන්න පුලුවන්නම් මේක නියම වෙබ් අඩවියක් ඔබට සම්භන්ධ වෙන්න. $5සිට ඉහලට ඔබ ලබාදෙන සේවාවට මිලක් නියම කරන්න මේකේ පුළුවන්. ඒවගේම මේකෙන් ඔයාට ගන්න පුළුවන් වාසියකුත් තියෙනවා. හිතමු ඔයා හොද ග්‍රැෆික් කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් මේකේ ඉන්න පළපුරුදු ලිපි ලියන සේවා සපයන්නෙක් හරහා ඔබ ලබාදෙන සේවය ගැන ලියවගන්නත්. ඒවගේම ඔබ දෙන සේවයට ඕන කරනා intro වීඩියෝ එකත් හදාගන්න පුළුවන් වැඩි ආකර්ෂණය සදහා.

SEO Clerk

SEO සහ එයට අදාල සේවා ඔබට ලබාදෙන්න පුළුවන් නම් මේ වෙබ් අඩවියට ඔබට සම්භන්ධ වෙන්න පුළුවන්. Fiverr එකේ වගේ වෙනත් සේවාත් යම් ප්‍රමාණයක් මේකේ තියෙනවා නුමුත් මුලික ලෙස මෙම වෙබ් අඩවිය ජනප්‍රිය seo වැඩ වලට. ඔයාට seo වැඩ පුළුවන් නම් මේ වෙබ් අඩවිය ඔබට හොද ස්ථානයක් වෙනවා නියතයි.

Freelancer

මේකේ ග්‍රාෆික් වැඩ, වෙබ් ඩිසයින් වැඩ, seo, content writing, අන්තරජාල මාර්කටින්, වීඩියෝ සංස්කරණය වැනි දේවල් වගේම මෘදුකාංග නිර්මාණය කරණ අයටත් හොද ස්ථානයක්. Bid කරලා තමා ඔයාට project හොයාගන්න වෙන්නේ මේකෙදි.

Upwork

මේකේ ග්‍රාෆික් වැඩ, වෙබ් ඩිසයින් වැඩ, seo, content writing, අන්තරජාල මාර්කටින්, වීඩියෝ සංස්කරණය වැනි දේවල් වගේම මෘදුකාංග නිර්මාණය කරණ අයටත් හොද ස්ථානයක් freelancer වෙබ් අඩවිය වගේම. Bid කරලා තමා ඔයාට project හොයාගන්න වෙන්නේ මේකෙදිත්.

99 Designs

ලෝගෝ නිර්මාණය වැනි තරගාවලි තමයි මේකේ තියෙන්නේ. ග්‍රැෆික් වැඩ හොදටම පුළුවන් නම් අනිවාර්යයෙන් ඔබට මේක හොද ස්ථානයක් !

iWriter

ඔබේ දක්ෂතාවය අනුව. ලිපි ලියන්න හෝ ලිපි වල දෝෂ හදලා දෙන්න ඔබට පුළුවන් නම් මේක ඔබට හොද ස්ථානයක් වෙනවා.