මෙය කියවන බොහෝ දෙනෙක් ගොඩක් දුරට මාසේ පඩියට රැකියාවක් කරන කෙනෙක් කියලා හිතනවා. උදේ වැඩට යනවා හවස 5ට 6ට එහෙම නැත්තන් OT පාරක් දාලා ගෙදර එන එක නේද කරන්නේ. බොහෝ දෙනෙක්ගේ අදායම අඩු මට්ටමක තියෙන්න පුළුවන් නේ. එහෙම නැත්තම් හොද අදායමක් තිවුනත් තියෙන ගෙවල් වල ණය වාරික සහ වාහන වල ලීසිං වාරික ගෙව්වහම සල්ලි මදියි වගේ අයත් ඇතිනේ. මේ ඔක්කොටම මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.
එතකොට ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර් කෙනෙක් කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ද ? අති බහුතරයක් වූ සාර්ථක වූ අය පැමිණි ගමන් මග ඉතාම කටුකයි නුමුත් අවසානයේ ඔවුන් ජීවිතය ජයගත් චරිත නේද. මේ පහල තියෙන වීඩියෝ පටය නරබන්න ඊට පස්සේ ලිපය කියවන්නකෝ
ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර් කෙනෙක් එම තත්වයට පැමිණියේ ඔවුනට පහත තියෙන ගතිගුණ තිවුනා නිසා.
1) Do not hesitate to take a risk / අවදානමක් ගැනීමට බිය නොවීම
ඔවුන් සැමවිටම අවදානමක් ගන්න කැමති අය. එහෙම අවදානමක් නොගෙන රැකියාවක් කර කර හැමදාම හිටියනම් ඔබ දන්නා කියන ලෝ ප්‍රකට ආයෝජකයන්, වියාපරිකයන් සහ ට්‍රේඩර්ලා නිකන්ම නිකන් අට පහ රැකියාව කරන කෙනෙක් නේ. ඔබ දැනට සේවය කරන ආයතන බොහොමයක හිමිකරුවන් එවැනි අවදානමක් ගත්ත නිසානේ අනිත් අයටත් රැකියාවක් ලබාදෙන්න පුළුවන් පසුබිමක් හදන්න පුළුවන් වුනේ.
2) Dedication and Patience / දැඩි කැපවීම සහ ඉවසීමක්
ඔවුන් හැම විටම දෙයක් කරද්දී එය සාර්ථක කරගන්න දැඩි කැපවීමකින් සහ ඉවසීමකින් වැඩ කරන්නේ. සමහර වෙලාවට දින කීපයක් වුවත් නිදා ගන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කැපවීමක් සහ ඉවසීමක් ඔවුන්ගේ තියෙනවා. කෙනෙක් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් තව කෙනෙක්ට එම සාර්ථකත්වයට ලගා වෙන්න අවුරුදු 1-5ක් වුනත් යන්න පුළුවන්. එහෙම වෙන්නේ එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ සහ ඒවා ක්‍රියාතමක කරන විදිය අනුව. අන්න ඒ නිසා එවැනි ඉවසීමක් තියෙන්නේ ඕන සාර්ථක වෙන්න.
උදාහරණයකට ගන්න බිට් කොයීන් කියන අන්තරජාල මුදල් ඒකකය. 2013ට පෙර මේක ඉතාම පහල අගයක තිවුනේ. නුමුත් එදා අවදානමක් අරගෙන ඩොල්ලර් දාහක විතර අරගෙන අද වෙනකන් හොද ඉවසීමකින් හිටියනම් අද නිකන්ම කෝටිපතියෙක්. කලබලකාරයන්ගේ ගමන කෙටියි කියලා කතාවක් තියෙනවනේ. ඒක නිසා හොද ඉවසීමක් එක්ක ගමනක් යන්න අදවත් තීරණය කරන්න !
3) Courage and Prepared to try new things / ධෛර්යය, උත්සාහය සහ අත්හදාබැලීම් වලට පසුබට නොවීම
ගොඩක් වෙලාවට ඔවුන් අලුත් වියපෘති වලට ලෝබ වෙන්නේ නැතුව කාලය සහ මුදල් යොදවන්නේ එහි ඉහල ප්‍රතිලාබ අපේක්ෂාවෙන්. යම් විදියකින් එම වියාපෘතිය අසාර්ථක වුනොත් ඔවුන් අපේ සමහර අය වගේ ලෝකේ වටේ බැන බැන යන්නේ නැතුව කොහෙද වැරදුනේ මොකද වැරදුනේ කියලා හොයලා බලනවා. වැරදි නිවැරදි කරගෙන ඔවුන් ගමනේ යනවා. ඒවගේම අත්හදාබැලීම් වලට පසුබට වෙන්නෙත් නෑ. එහෙම කරලත් අසාර්ථක නම් ඔවුන් තව කීප සැරයක් උත්සහ කරනවා අපේ සමහර අය වගේ මගදී අතැරලා දාන්නේ නෑ. නුමුත් අපි හිතමු 10සැරයක් කරලත් සාර්ථක නෑ කියලා, එහෙම වෙලාවට ඔවුන් කරන්නේ තෙවෙනි පාර්ශවයක උපදෙස් ගැනීම. එහෙමත් කරලා බැරි වුනත් තමයි ඔවුන් මෙය අසාර්ථක වියාපෘතියක් මම ඊලග වැඩේට යොමු වෙන්න ඕන කියලා තීරණය කරන්නේ.
4) Money Management / මුදල් කළමනාකරණය
මුදල් කළමනාකරණය ඉතාම වැදගත් දෙයක්. එදිනෙදා මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා වගේම තමන් කරන වියපෘති වලදීත් මුදල් හරියට කළමනාකරණය වැදගත්. බිල් ගේට්ලා මාර්ක් සකර්බර්ගලා ජෝර්ජ් සොරෝසලා අදින පළදින විදිය බලන්න ! අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නෑ නේද !
5) Choose the right people and equipment / වැඩේට හරියන මිනිස්සු සහ දේවල් හරියට තෝරාගැනීම
මේක ඉතාම වැදගත් දෙයක්. ඔවුන් තමන්ගේ ඉල්ලකයට යන්න හැම තිස්සෙම හරිම දේවල් තෝරාගන්නේ. උදාහරණයකට ගන්න ලංකාවේ මෑතකදී අර වැල්ලවත්තේ කඩන් වැටුන බිල්ඩිම. හරි මිනිස්සු නොදා කරපු නිසා නේද එම අවාසනාවන්ත සිද්දිය ඇති වුනේ. නැත්තන් ඉතින් අනිත් ගොඩනැගිලිත් බිමට සමතලා වෙන්න එපැයි ! ඒවගේම ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් ඒකට සුදුසු වන්නේ පරිගණයක් එහෙම නැතුව දුරකතනයක් නෙමේ ( දුරකථනය හොදයි දාපු ට්‍රේඩ් වල තත්වය මොකක්ද කියලා වගේ බලාගන්න ) .
6) Creating multiple sources of income / අදායම එන මාර්ග කීපයක් සාදාගැනීම
ඔවුන් හැමවිටම අදායම් මාර්ග කීපයක් ක්‍රමානුකුලව හදාගන්නවා අලුත් වැඩ වලට යොමු වීමට පෙර. තව තව අලුත් අදායම් මාර්ග හදා ගැනීම තමයි ඔවුන් ඊළගට කරන්නේ. එහෙමත් නැත්තම් තියෙන වියාපාර වලටම තවත් දේවල් එකතු කරගැනීම තමයි කරන්නේ. ඔයා බයිනරි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆොරෙක්ස් වලටත් ක්‍රමානුකුලව යොමු වෙන්න.
7) Hardly consider taking loans & No Show off work / ණය සහ අනුන්ට පෙන්න වැඩ නැති වීම
ගොඩක් අපේ මිනිස්සුගේ මුදල් හිර වෙලා මානසික පීඩනය වැඩි වෙලා තියෙන්න ලෝකෙටම පේන්න ණයට සල්ලි අරන් ගෙවල් වාහන වගේ ඒවා අරන් තමන්ට දරාගන්න බැරි වාරික නිසා මිසක් වෙන දෙයක් නිසා නොවේ නේද. වාරික ගෙවාගන්න බැරුව ගෙවල් සින්න වෙලා වාහන වාරික ගෙවා ගන්න බැරිව ලීසිං ආයතන වාහන උස්සන් යනකොට තිවුන ලොකු කම ඉවරයි නේද ! අන්තිමට ගෙයත් නෑ වහනෙත් නෑ නේ !
එතකොට සාර්ථක වූ ආයෝජකයෙක්, වියාපරිකයෙක්
සහ ට්‍රේඩර්ලා එහෙම නොවේද ? ඔවුන් හැම විටම අවදානමක් ගන්න පුළුවන් මුදල්
යොදවන්නේ ඕනෙම දෙකට. එවිට සාර්ථක වූ විට වැඩි අදායමක් වගේම සතුටක් ලබාගන්න
පුළුවන්. අසාර්ථක වුනත් නැතිවෙන්නේ ඔබේම මුදල් එහෙම නැතුව තව කෙනෙක්ගේ
මුදල් නොවේ. ඕනෙම කෙනෙක් සාර්ථක වූ පසු ( අනුන්ට පේන්න ) ඕන මගුලක් ගත්තට
කමක් නෑ තමන්ගේ සල්ලි වලින් !
8) Do not worry about blames / චෝදනා, නින්දා අපහාස වලට මුහුණ දීමේ හැකියාව
මේකත් වැදගත් දෙයක්. කෙනෙක් සාර්ථක ගමනක යනකොට චෝදනා වගේම නින්දා අපහාස
වලට අනන්තවත් මුහුණ දෙන්න වෙනවා. මතකයි නේද කවුද පුද්ගලයෙක් බිල් ගේට් හට
මාධ්‍ය ඉස්සරහම කේක් ගෙඩියකින් ගැහුවා. දැන් සාර්ථක කවුද ? බිල් ගේට්ද අර
කේක්ගෙඩියෙන් ගහපු පුදගලයද ? චෝදනා වගේම නින්දා අපහාස වලට සාර්ථකව මුහුණ
දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තමන් හදාගන්න ඕන සාර්ථක ආයෝජකයෙක්,
වියාපරිකයෙක් සහ ට්‍රේඩර්ලා වීමට.
9) Never blames others for failures instead correct the mistakes / අරයා නිසා මෙහෙම වුනේ මෙයා කිව්වා නිසා එහෙම වුනේ කියා කියා අදෝනාවක් නොවී සිදුවූ වැරදි නිවැරදි කරගෙන යෑමේ හැකියාව
අපෙත් ඉන්නවානේ මෙහෙම, වැඩේ සාර්ථක වුනේ නැතොත් කව්රු හරි අල්ලගන්න තමයි බලන්නේ. සාර්ථක වුනොත් ඉතින් එයා තමා පොර ! ආයෝජකයන්, වියාපරිකයන් සහ ට්‍රේඩර්ලා එහෙම කව්රු හරි මත වගකීම පටවන එකනෙමේ කරන්නේ. නැවත නැවත උත්සහ කිරීම. එහෙම කරලා බැරිම වුනොත් තමයි එක අතැරලා අලුත් වැඩකට යොමු වෙන්නේ.
10) Ability to adapt / කාලයට උචිත ලෙස වෙනස් වීම
තාක්ෂනය වේගයෙන් දියුණු වන ලෝකයක තමයි අපි ඉන්නේ. ඉතින් කාලයත් සමග අපි හැඩගැසීම වැදගත්. යම් කාලයක් හරි අරගෙන එහෙම හැඩගැසීමට අපොහොසත් වුනොත් වෙන්නේ බොහෝ දුරට අමිහිරි අද්දැකීම් වලට මුහුණ දෙන්න. ඉතින් කාලයත් සමග කාලයට උචිත ලෙස වෙනස් වන්න සාර්ථක වෙන්න !
මීට අමතරව හැම විටම අලුත් දේවල් කියවන්න, ඉගෙන ගන්නත් ඔවුන් පසුබට වෙන්නේ නෑ.