1) ඔබේ website එක යොදාගෙන කුමණ මාද්‍යක් ඔස්සේද මුදල් උපයන්නේ?
මෙහිදී ඔබට යොදාගත හැකි සාර්ථකම සහ බොහෝ දෙනෙක් යොදාගන්නා
ක්‍රමවේදයන් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් බොහොමයක් දෙනා අතර ජනප්‍රිය ක්‍රම
තමයි google adsense, media net, ezoic ඇතුළු website එක තුළ දැන්වීම් පළ
කල හැකි ad network එකක් යොදාගැනීම , ඊට අමතරව amazon, ebay clickbank,
commission junction, maxbounty ඇතුලු affiliate programs යොදාගැනීම.
මෙදිදී ඔබ මුදල් උපයන්න බලාපොරොත්තු වෙන ක්‍රමවේදයන් මත website එක
සාදන ආකාරය පිළිබව තීරණය කළ යුතුමයි. නැතිනම් ඔබ බලාපොරොත්තු වෙන
සාර්ථකත්වට යන්න අපහසු වේවි.
Adsense මගින් මුදල් ඉපයීම අරමුණු කරණ නිසාවෙන් මුලිකවම Adsense ආයතනය විසින් පනවා ඇති නීති රෙගුලාසි අද්‍යනය කළ යුතු වෙනවා.එම නීති රීති වලට අනුකුළ website එකක් ඔබ සෑදිය යුතු වෙනවා.
2) Website එකට visitors ලා ගෙන්වා ගන්නෙ කෙසේද?
මේ මත තමා සම්පුර්ණයෙන්ම ඔබේ ආදායම තීරණය වෙන්නෙ, එම නිසා ඔබට මෙය නිවරදිව සැලසුම් කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. visitors ලා ගෙන්වා ගන්න පහසුම ක්‍රමවේදය ලෙස facebook ඇතුලු social media යොදාගැනීම ලෙස සලකන්න පුලුවන්, සාර්ථකම ක්‍රමවේදය වන්නෙ නම් SEO කර website එකක් සාදා ගැනීමයි. ඒ ගැන තමා ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න යන්නේ.

social media මගින් මුදල් ඉපයීම අරමුණු කරන්නේ නම් ඔබට දිනපතා ඔබේ audience එකට ගැලපෙන්න article දැමීම තුලින් දෛනික traffic ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනවා. SEO වගේ කාලයක් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ traffic ලබා ගන්න. එදිනෙදා දාන article වලට එදිනෙදා traffic ලබාගත හැකියි. facebook විසින් ලබා දෙන audience network යන ad network එක යොදාගෙනද මුදල් ඉපයිය හැකියි. social media මගින් traffic ලබාගැනීමේදී සාර්ථකත්වය ප්‍රධාන වශයෙන් රදා පවතින්නේ ඔබේ social media likes, followers මත සහ ඒ අයට ගැලපෙන article ඔබ දානවද යන්න මතයි.
3) Target කරන audience එක මොකක්ද?
මෙහිදී විශේෂයෙන්ම ඔබ website එකට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන visitors ලා පැමිනෙන රට ගැනත් සිතිය යුතුයි, adsense කරද්දි high cpc (cost per click) වගෙ රටවල් target කිරීම වැදගත් වෙනවා ආදායම වැඩි කරගැනීමට. ඊට අමතරව විශේෂ වූ වයස සීමාවන් සහ සමාජ කොට්ඨාස හා නගර සීමාවල් target කර හැකියි ඔබේ අවශ්‍යතාව පරිදි.
4) ඔබේ website එක සාදන්නේ කුමක් ගැනද?
ඉහත සදහන් කළ සියලු කාරණා වලට අවදානය දෙමින් මේ ගැන සිතා බැලිය යුතුය. මෙහිදී ඔබට ඉක්මනින් google එකේ rank කරගැනීමට හැකියාව පවතින ආකාරයේ topic එකක් තෝරාගෙන සෑදුවහොත් ඔබට ඉක්මනින්ම මුදල් ඉපයීමේ කාර්ය කල හැකි වෙනවා. මේ සදහා ඔබට ගැලපෙන හොද මාතෘකාවක් (topic) සහ article සදහා ගැලපෙන topics තෝරාගැනීමට නිවැරදිව keyword research එකක් කරගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. keyword research එකක් කියන්නේ මොකක්ද සහ කොහොමද කරන්නේ කියල අපි පසුවට බලමු
මිට අමතරව ඔබ මෙහිදී කිසිවිට ඔබේ ප්‍රමුක කාර්ය adsense ගිණුමක් සදා ගැනීම කර නොගන්න. මොකද ඔබ නිවැරදි ලෙස සාර්ථකව website එකක් සදා ගැනීමට හැකි වුවහොත් adsense ලබා ගැනීම එතරම් සිතිය යුතු කාරණාවක් නොවනු ඇත. Adsense වෙනුවට ඕනෑ තරම් විකල්ප ක්‍රමද වර්තමානයේ ජනප්‍රියව ඇත.
ඒ කොහම වෙතත් මෙය කළ යුත්තේ හරියට ගෙයක් හදනවා වගේ, ඔබේ පලමු කාර්ය විය යුත්තෙ ගෙදර වහලය සෑදීම නෙවෙයි. සවිමත් අත්තිවාරමක් දමා ගැනීමයි. එහි සවිමත් භාවය මත ඔබට යන්න පුලුවන් ආදායම තීරණය වෙයි, සමහරවිට මේ ගෙය ගොඩනගන්න ඔබට කාලයක් ගත වෙවි, නමුත් නිසකවම එය සාර්ථක වෙවි. ගෙදර වහලය ලෙස සලකන්න පුලුවන් adsense ගිනුම, ඔබ එය මුලින්ම හදාගන්න දැගලුවට ඔබට ලැබෙන දෙයක් නෑ. Approve කරපු adsense ගිනුමක් උනත් visitors ලා එන්නෙ නැති website එකක දාගෙන හිටියා කියලා ඔබට මුදල් එන්නෙ නෑ. එම නිසා අත්තිවාරම හරියට දාගත්තොත් ඔබට මේ ගෙය කැමති පරිදි ලස්සන කරගත හැකි සේම ඔබේ website එක මුල සිට නිවැරදි ආකාරයට පිළිවෙලකට සදගතහොත් ඔබ බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයකට යා හැක.
Keyword Research එකක් කියන්නේ මොකක්ද? අපි හදන website එකට ගැලපෙන්න Keyword Research එකක් කරගන්නේ කොහොමද?
Keyword Research කියන්නේ ඉතාමත් සංකීර්ණ මාතෘකාවක් ලෙස සලකන්න පුලුවන්. මොකද මෙය එකිනෙකාට අවේනික ක්‍රමවේදයන් ඔස්සේ කිරීමේ හැකියාව පවතින නිසා, නිශ්චිතවම මේ විදියට කරන්න ඕනෑමයි කියලා කියන්න බෑ. නමුත් මෙහිදීද යම් පොදු වූ කාරණා පවතිනවා. Keyword Research එක හරි විදියට නොකලත් මෙතනින් ඉස්සරහට කනර අනිත් හැමදේම කොච්චර හොදට කලත් website එක අසාර්ථක වෙන්න පුලුවන්. ඒ නිසා මේ වැඩේදී Keyword Research එක අපිට කරන්න තියෙන ඉතාමත් වැදගත්ම වැඩේ ලෙස හදුන්වන්න පුලුවන්. මෙය නිවැරදිව කළහොත් ඔබේ website එක rank කරගන්න පහසු වෙනවා මෙන්ම මෙම website එක සාර්ථක ගමනක වඩාත් ස්ථිරත්වයක් ඇතුව කරගෙන යන්න හැකි වෙනවා.