Keyword Research and Content For SEO Website For Rank No:1 In Google
Keyword Research එක සහ Website එකේ Content (Articles) ගැන අදහසක් දෙන්න කලින් කියන්නම්, මේක මට අනුව නම් සංකීර්ණ මාතෘකාවක්. මං ඔබට මේ ගැන මගේ අදහසක් විතරක් දෙන්නම් පුංචි සීමාවක් තුල, මොකද එකිනෙකට වෙනස් ක්‍රම ඕන තරම් මේ වැඩ වලට තිබිය හැකි. ඒ නිසා මේ කතාව මා කියූ පමණින් ඔබ පිලිගන්නවට වඩා, ඇස් සහ කන් ඇත්තන් සිහිබුද්දියෙන් අහලා විමර්ශනය කර තේරුම් ගන්නවට මං කැමතියි. එහෙනම් වැඩේට බහිමු.
Keyword Research එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
එකට මට හරිම උත්තරයක් ඔබට දෙන්න බෑ. ඒක එකිනෙකාගේ අවශ්‍යතාව හා වුවමනාව මත රදා පවතින දෙයක්. ඉතින් මං මෙතැනදී ඉලක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මා වැනි පුංචි පහේ Website එකක් සාදන්න සැලසුම් කරන අයයි.
ඉතින් බොහෝ විට Keyword Research එකකින් බලාපොරොත්තු වෙන්නේ එහෙම කෙනෙක්, Google SERP එකට ඇතුළු වෙන්න පහසුම හෝ හොදම එහෙම නැත්නම් තමන්ගේ Business එකට ගැලපෙනම තැනකට උචිත පරිදි Website එකක් හදලා Traffic ගන්න හදන එක, සහ Business Sales වැඩි කරගන්න හදන එකයි.
මොකක්ද මේ Keyword එකක් කියන්නේ.
තේරෙන සින්හලෙන්ම කියනවා නම් වාක්‍යක් හෝ වාක්‍ය ඛණ්ඩයක්. (Key or Key Phrase/Word or Word Phrase)
e.g:
- Beauty
- Beauty Tips
- Beauty Tips For Women
- Saloon
- Beauty Saloon In Sri Lanka
- Beauty Saloon In Colombo City
- Weight Loss
- Weight Loss For Men
- Weight Loss Tips
- Top 10 Weight Loss Tips For Healthy Life
මේ ඕන එකක් මේක යටතට ගත්ත හැකි.
Keyword එකකට කොහොමද එක පාරටම අදහසක් හොයාගන්නේ?
මං මේකට නම් ඔබට කෙලින්ම උත්තරයක් දෙන්නේ නෑ, ඔබට හිතන්න පුළුවන් ගවේෂණය කරන්න පුළුවන්, ඔබේ අවශ්‍යතා, උවමනාව මත හා ඔබේ නිර්මාණශීලි හැකියාවන් මේකට ඕන වෙයි. අවශ්‍ය නම් ඔබට පුළුවන් Social Media, Forums, Google SERP, Niche Websites, Classified Ads websites, eCommerce Websites, Blogs, Newspapers, Books, SEO Tools. එකී, මෙකි, නොකී, මේ ඕන එකක් භාවිත කල හැකියි මේ වැඩේට. මේ ඕන දෙයක් කරලා Keywords හොයාගන්න පුළුවන්. ඔබටම ආවේනික ක්‍රම ඕන තරම් හම්බවෙයි ටිකක් හිතුවොත්.
Keyword එකකුත් හොයාගත්ත කියමුකෝ කොහොමහරි. ඊට පස්සේ.
හ්ම්,,,
මේක කියවන බොහෝ දෙනෙක් මාගේ අවබෝදය පරිදි ඉලක්ක කරන්නේ Google Adsense වලින් කියක් හරි හොයාගන්න, එහෙම නැත්තනම් Affiliate Marketing වලින් කියක් හරි හොයන්න. ඒ නිසා ඔබ අනිවරෙන්ම Google SERP එකට ඇතුළු වෙන්න උත්සහ කරන්නේ අඩු තරගයක් ඇති Keywords සහිත Website එකකින්.
#දැන් කොහොමද මේ හොයාගත්ත Keyword එක හොදද නරකද කියල හොයාගන්නේ?
මේකට අපිට Keyword Research SEO Tools වලින් උදව් ගන්න එක තමා පහසු. බොහෝ දෙනා කරන්නෙත් එහෙම තමා