Keyword Research එක සහ SEO Tools

 


මොනාද භාවිත කල හැකි SEO Tools?

කිහිපයක් විතරක් කියන්නම් බොහෝ අය භාවිතා කරන.

Ahrefs, SEMRush, Moz, LongTailPro, Majestic SEO, Google Trend, Google Keyword Planner, Buzzsumo වගේ ගොඩක් තියෙනවා තව. ඊට අමතරව Google SERP එකත් භාවිත කරන්න පුළුවන් ලොකු අදහසක් ගන්න. මේ වැඩේට ඔබට Tools එකක් හෝ කිහිපයක් භාවිත කල හැකියි. ඒක ඔබේ අවශ්‍යතාව මත හෝ Keyword එක ඔබේ වැඩේ සදහා නිසැකවම ගැලපෙනවද යන්න තහවුරු කරගන්න උදව් වෙයි. මං පුදගලිකව ගොඩක් ඒව භාවිත කරනවා, මොකද Google ඇරෙන්නට අන් සියලු SEO Tool ගැන අපට විස්වාසය තැබිය හැක්කේ උපරිම 90% පමණ මට්ටමක්. ඒ කොහොම වුනත් එකක් උනත් ඇති ඔබේ වැඩේට. Keyword Research එකේදී Ahrefs Tool එක තමා මේ දක්වා මා තුල නම් වැඩිම විස්වාසයක් ඇති කලේ.

කොහොම වුනත් එකිනෙකාට ආවේණික වූ ක්‍රමවේදයන්  සහ Tools භාවිත කරන්නවා බොහෝ දෙනා. මෙහෙ නම් ගොඩක් දෙනා පුරුද්දට වගේ Moz Tool එක තමා යොදාගන්නවා මං දැකලා අහලා තියෙන්නේ.

Keyword Research එකකදී අවදානය යොමු කල හැකි හෝ යොමු කල යුතු කාරණා.?

Keyword Difficulty.

මේකට නම් SEO Tools භාවිත කරන්න පුළුවන් මුලිකවම.

Keyword-Difficulty
                                                                                                  Keyword-Difficulty

Keyword Difficulty එක හොද යයි සැලකිය හැකි උපරිම සීමාව කුමක්ද?

මේකට මට ඔබට නිශ්චිතවම පිළිතුරක් දිය නොහැකි. ඔබ භාවිත කරන Tool එක මත සහ ඔබේ අරමුණු මත තීරණයකට යා හැකියි. උපරිම අවම මට්ටමක පවතින තරමට ඔබට පහසු වෙයි. මෙහෙ බහුතරය Moz භාවිත කරන නිසා මගේ නම් අදහස 55% ට අඩු මට්ටමකට යා හැකි නම් හොදයි යන්නයි.

හෑ, එච්චර. 25% අඩු ඒවා නෙවෙයිද?

මං කිව්වනේ ඒ තීරණය ඔබේ අතේ තියෙන්නේ, අඩුවෙන තරමට හොදයි. මං ඔබට ඒ ගැන තවදුරටත් අදහසක් දෙන්නම්.

මා එක්ක කතා බහ කර තිබෙන, SEO කරලා Website දැනටමත් හදාගත්ත බොහොමක් අය පවා Keyword Research එකේ අවසාන ප්‍රතිපලය තීරණය කර තිබුනේ Moz Difficulty එක මත පමණයි. 😀

ඔව්න්ට අනුව,

Moz Difficulty එක 20% ට අඩු නම් ඒක පට්ට ලේසි Keyword එකක් ලෙසත්.  25% අඩු නම් ලේසි එකක් ලෙසත්, Moz Difficulty එක 40%  අඩු නම් එකට බැහැලාම උතසහ කරොත් බැරි වෙන එකක් නෑ වගේ එකක් ලෙසත්. 45% ටත් වැඩි නම් ඉතින් ඒ පැත්තවත් බලල නෑ.

ඔබත් එහෙම කරනවා වෙන්න පුළුවන්,

මං ඒ ක්‍රමයට වැරදියි කියන්නෙත් නෑ මෙතැනදී. එක දෙයක් විතරක් කියන්නම්. SEO Tool එකක Keyword Difficulty මත පමණක් පදනම්ව තීරණය කලා නම් ඔබට බොහෝ Keywords මග හැරි ඇත නිසැකවම. ඒක මත පමණක් අපිට නිවැරදි තීරණයකට එන්න අමාරුයි.

හෑ, මාත් එහෙමනේ කරේ, ඒක වෙන්නේ කොහොමද?

ඔබ දන්නවා ඇති Moz දර්ශකය වැඩි බරක් දෙන්නේ DA සහ PA (Domain Authority, Page Authority) ඉතින් ඔබට දැනටමත් උත්තරේ ලැබුණා නේද?

නෑ?

හ්ම් ,

DA සහ PA අගය ගොඩක් ඉහල සහිත Websites මොනාද Google SERP හි අපිට පහසුවෙන් පසු කරයන්න පුළුවන්..?

කිහිපයක් කියන්නම්…

Facebook, Twitter, Instagram, Pinterest වගේ  Social Media Links, ecommerce websites products Links (Amazon,ebay,Aliexpress) Youtube Video Links, Forum website’s question links වගේ ඒවා.

ඒක වෙන්නේ කොහොමද ඒවා ලොකු Websites නේ?