Keyword Research එකකදී ඔබ මතක තිය ගත යුතු වැදගත්ම කරුණු

 


ඔබ දන්නවා නේද Google Search Engine එක වටිනාකමින් ඉහල ගැලපෙන Content එකකට කොච්චර කැමතිද කියලා. මේ වගේ වගේ Websites වල එතරම් වැඩි වටිනාකමක් සහිත Content එකක් බොහෝ විට නොමැති බව ඔබ හොදින්ම දන්නවා ඇති? එසේ නම් වටිනාකමින් ඉහල Content එකක් සහිතව ඔබේ Website එක නිර්මාණය කිරීමෙන් මෙවැනි Websites පහසුවෙන් පසු කර Google SERP හි ඉදිරියට යන්න ඔබට නොහැකිද?

Keyword Research එකකදී ඔබ මතක තිය ගත යුතු වැදගත්ම කරණය තමයි, Tool එකක් මත පමණක් පදනම්ව ඔබට Keyword එක පිලිබදව සම්පුර්ණ නිගමනයකට එළබෙන්න බැහැ. මං ඔබට ආයෙත් කියන්නම් ඔබ එසේ කරන්නේ නම්, එක්කෝ ඔබට තවත් බොහෝ දේ මග හරි ඇත. එහෙම නැතිනම් ඔබේ Keyword Research නිරවද්‍ය තාවය සැබෑ ලෙසම ප්‍රශ්නකාරී.

මං හිතනවා ඔබට වැඩේ ගැන යම්කිසි අවබෝදයක් එන්න ඇති කියල.

#Search Volume

එකත් ඔබේ අභිමතය පරිදි කල හැකියි. Google Adsense, Affiliate Marketing වගේ අරමුණු කරන අයට නම් ටිකක් වැඩි Search Volume එකක් ඇති Keywords වලට අවදානය යොමු කල හැකියි. අඩුම තරමේ එක Article එකක් සදහා යොදාගැනීමට බලාපොරොත්තු වන Keywords වල එකතුවේ Search Volume එක 3000ට වත් වැඩි නම් ඔබේ Earning  වලට හොද වෙයි. උපරිම වැඩි මට්ටමක ඇති Keywords ඔබට වාසිදායකයි.

#Organic CTR

මේකේ වාසි අවාසි දෙකම තියෙනවා. ප්‍රදානම, මේක වැඩි නම් ඔබේ Website එකට ලැබෙන Visits ගාන වැඩි වෙන්න පුළුවන් අනිත් පැත්තට ඕක අඩු වුනොත් ඔබ Google තුල පළමු Result එක ලෙස හිටියත් Visits අඩු වෙයි මොකද Google SERP හි වැටෙන Ads ගාන වැඩි නිසා,. ඒක නිසාම මේ Keyword එක වැඩි වටිනාකමක් හා ඉල්ලුමක් එකතු වෙනවා අනිත් අතට. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබේ අවශ්‍ය තාව පරිදි.

දැන් ටිකක් මේ Tool  එක ඇතුලේ කතාවෙන් එලියට එමු.

මෙතනින් Keyword එකක් හොයත්තට පස්සේ තව මොනාද Keyword එකේ හොද නරක තීරණයට අවදානය යොමු කල හැකි තැන්?

එතනින් Keyword එක තහවුරු කරගත්තට පස්සේ ඔබට තව ටිකක් ඉස්සරහට එන්න පුළුවන්.

දැන් ඔබට පුළුවන් මේ Keyword එකට කොයි තරම් මිනිස්සු උනන්දුවක් දක්කවනවද යන්න සොයා බලන්න.

– Google Trends තුල පැහැදිලිවම ඔබේ Keyword අදාළව පෙන්නුම් කරන්නේ Down Trend එකක් නම්, එම Keyword එකේ අනාගතය එතරම් සුබ නෑ.

– Facebook, Twitter,  වගේ Social Media වල බලන්න පුළුවන් කොයි විදියේ කතාබහක් ඇතිවී ද යන්න. මේක නම්  Buzzsumo Tool එකෙනුත් පුළුවන්.

– Forums තුල ඇති වී පවතින කතාබහ, ප්‍රශ්න ගැටළු ආදිය.

– Youtube  තුල මේ සදහා ඇති ඉල්ලුම Videos සහ  Views

– Products සම්බන්ද Keyword එකක් නම් Amazon, ebay වගේ Websites වල ඉල්ලුම ගැනත් අවදානය යොමු කල හැකියි.

ඉහත Tests සියල්ලටම පසුව ඔබ තෝරාගන්නවා හොදම Keyword එකක්. කොහොම වුනත් ඉහත සදහන් කල සමහර කාරණා ඔබට මගහැරිය හැකියි ඔබේ අවශ්‍ය තාව මත.

දැන් කොහොමද මේකෙන් Article එකක් ලියන්නේ.

තාම ඉවර නෑ, ඊට කලින් ඔබ කළ යුතුම දෙයක් තියෙනවා.

ඔබ ඉලක්ක කරන Audience එකේ Main Keyword එකට සහ අමතර Keywords වලට අදාල Google SERP හි පළමු Page  එකේ ඇති අපිට සැබෑ ලෙසම තරග කිරීමට සිදුවෙන මුන්ම Websites 10 පිලිබදවයි.(මේ සදහා ඔබට usearchfrom. com Website එක භාවිත කරලා ඔබේ  Keyword එක search කරලා Country or Area එකට අදාල ප්‍රතිපල බැලිය හැකියි, VPN එකක් වුනත් හොදයි වැඩේට)

එම Websites 10 එකින් එක අද්‍යනය කරන්න වෙනවා, මේක ගොඩක් වැදගත් කොටසක් මේ වැඩේ සාර්ථකත්වයට. තරගකරුවන්ගේ ශක්තිමත් සහ දුර්වල තැන හදුනාගෙන තමයි Article එක ගැන හිතන්න වෙන්නේ.

අද්‍යනය කල හැකි කාරණා කීපයක් කියන්නම්.

Backlinks Profile

– Backlinks  අඩුවෙන් හෝ ගුණාත්මක භාවයෙන් අඩු Backlinks තියෙන තරමට ඔබට වාසි සහ ඔබ Backlink සදහා යා යුතුද නැද්ද යන්න අදහසක් ගත හැකියි.

Content quality and Words Count

– අනිත් අයගේ Websites වල Article ඇති ගුණාත්මක භාවය Topic එකට අදාල බව, ඔව්න් විස්තර කර ඇති සිමාවන් වචන ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝදයක් අරන් ඔව්න්ට වැඩ හොදට වැඩියෙන් කරන්න බලන්න වෙනවා තරගයක් දෙන්න.

On Page SEO කර ඇති සීමාවන් සහ Website එකේ ආකෘතිය Interlinks, Videos And Images.

මේක ගැන වැඩි අවදානයක් දෙන්න.

මේ ටික දැනට ඇති කියල හිතනවා.  සොයන්න වුවමනාව ඇත්තන්ට තව සම්බවේවි.

දැන් Article එකට එමු.

මේකෙදි වැදගත්ම දේ තම ගුණාත්මක භාවයෙන් පිරි ගැලපෙන Content එකක් ලියන එක. ඔබට කෙනෙක් කියයි, ඕවා වැඩක් නෑ, Backlinks තමා ඕන කියලා google rank කරන්න. එත් Content එක හරියට නැත්තන්,  On Page SEO නැත්තන්, ඔබට ලෝකේ හොදම Backlinks ටික ආවත් google rank තුල පැවැත්මක් නම් නැති වේවි මිත්‍රවරුනි.

ඔබට google rank තුල පවතින්න වැදගත්ම සාදකයක් තමයි Content එක, ඒක නැතුව ඔබ On Page SEO or Off Page SEO මොන විදියට කරත් පැවැත්මක් ඇති ප්‍රතිපලයකට යන්න නම් බැරි වෙවි.

මං ඔබට නැවත නැවතත් කියන්නම්,  Content එක ඉතාම වැදගත් ඔබේ අරමුණට යන්න. ඒ නිසා ඔබේ Website එකේ Articles ඔබ ලිව්වත් ඒ ගැන ලොකු අවදානයක් දෙන්න. ඔබ වෙන කෙනෙක්ව හයර් එකට ගන්නවා නම් තවත් වැඩියෙන් අවදානයෙන් ඉන්නවා වෙනවා. මොකද ඔබ මෙහෙ ඉන්න Highly Recommend කියා කියා නම හදාගත්ත සමහරුන්ගෙන් කෙනෙක් ලගට යයි නිසැකවම, අන්තිමට ඔව්න්ගේ Highly Recommend එක ඔබට තේරෙන කොට ඔබට බොහෝ දේ ඔබට පාඩු වී හමාරයි. හරි පුද්ගලයන් තෝරාගන්න අනිවාරෙන්ම, ඔබ මේ වැඩේ ගැන හරියට දැනගෙන වැඩේට බහින්න. අනිත් කාරණාව SEO Article එකක් වෙනත් භාෂාවකින් තියෙන දෙයක් එහෙන් මෙහෙන් English වලට Translate කරලවත්, කෑලි කෑලි කොපි කරලා අරන් Article එක ලියල, එහෙම නැත්තන්  නිකන්ම Keyword එක කීප සැරයක් Article එකේ  වැටෙන්න ලියාගත්තා කියල මේ වැඩේ වෙන්නේ නෑ. එහෙම දේවල් කරලා ඔබ ඔබේ අරමුනට යන පාර ඔබ විසින්ම හරස් කරගන්න එකයි වෙන්නේ. ඔබේ Topic එකට අදාලව

Unique Relevant Content නිසැකවම Article එක තුල අන්තර්ගත විය යුතුමයි.

ඔබ කිසිම විටක අමතක නොකළ යුතුම කාරණය තමයි ඔබ මේ Article එක ලියන්නේ මිනිස්සුන්ට කියවන්න බව. මන් ඔබට ආයේ ආයෙත් කියන්නම්, ඔබ Article එක ලියන්නේ ඔබ වැනිම මිනිසුන්ට කියවන්න විතරමයි, ඔව්න් Google හි ඔබේ Keyword එක Search කර ඔබේ Website පිටුවකට පැමිණෙන්නේ නම්, ඔබට ඔව්න් බලාපොරොත්තු වෙන දේ දෙන්නම වෙනවා, ඔබට google rank තුල රැදෙන්න ඕන නම්.

මන් දන්නවා ඔබ උනත් ඔබ සොයන දේ එක Website පිටුවකින් නොලැබුනොත් වෙන එකකට යනවා ඔබේ අවශ්‍යතාව ඉටු කරගන්න. එසේ නම් google එකේ ඉන්නේ ඔබ වැනිම මිනිසුන් බව අමතක නොකර යුතුයි. ඉතින් ඔව්න් ඔබේ Website එකේ රදවාගන්න වෙනවමයි ඔබට.

ඔබේ Article එකෙන් ඔබ කොයි තරම් Google Search Engine එක සතුටු කරන්න උත්සහ කලත් වැඩක් නෑ Google එක බලාපොරොත්තු වෙන්නේ ඔව්න්ගේ Search Engine එක සතුටු කරන Content නොවෙයි. ඔව්න්ට ඕනේ Google භාවිත කරන්නන් සතුටු වෙන විදියේ Content එකක්. තාමත් ඔබට තේරුනේ නැත්තන් ඔබ නැවත මේ පොස්ට් එකේ උඩ ඉදන් පහලට කියවගෙන එන්න, මේ පොස්ට් එකේ Topic එකේ කියන්නේ Keyword සහ Content ගැන. නොහිතම වගේ මං ඒ Keywords කි පාරක් නම් මේ පොස්ට් එකේ යොදාගෙනද. ඊට ගැලපෙන අමතර Relevant Keywords කියක් නම් යොදාගෙන. මේක හිත මතා Keywords හෙන ගොඩක් ඔලුවේ තියාගෙන කරන්න ඕන අමුතු මැජික් එකක් නෙවෙයි, ඔබ ඔබේ Topic එකට උපරිම සාදාරණය කරන්න, ඔබට අවශ්‍ය දේ ඉබේටම වෙයි.

මේ කතාව තව දුර ගෙනියන මගේ බලාපොරොත්තුවක් නෑ,. මට ඕන උනේ ඔබ මේ කාරණා සම්බන්දව අදහසක් දීම පමණයි, සොයන්නන්ට යන්න පාරක් හම්බවේවි. මෙතනින් ඉවර කරනවා

මේ කතාව කෙතරම් දුරට ඔබට practical ද යන්න මන් නොදනිමි. යෝජනා චෝදනා වලට comments section එක භාරයි. 😀