අන්තර්ජාලයෙන් ගෙදරට වෙලා මුදල් උපයන්න හැමෝම කැමතී. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි Google Adsense කියන්නේ. Adsense වලින් මාසිකව ස්ථිර අදායමක් උපයන්න තිබ්බොත් ඇත්තටම ඒක හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනා දෙයක් වෙයි කියල හිතනවා. Adsense ගැන තේරෙන sinhalen ඉගෙන ගන්න තමයි මේ ලිපිය.
කලිනුත් අපි ගොඩක් දේවල් adsense ගැන කතා කරලා තියෙනවා, නමුත් ඒ හැමදේමත් ඇතුලුව මේකෙදි ඊට එහා ඔබ්බට ගිහින් ඔබට adsense වලින් මුදල් උපයන්න පටන් අවශ්‍ය website එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මග පෙන්වීමද ලැබෙනවා.එහෙනම් අපි කතාවට බහිමු ආයේ මුල ඉදලා හැමදේම.
Google Adsense මගින් මුදල් ඉපයීමේ ක්‍රියාවලිය
Google Adsense කියන්නේ Google සමාගමට අයිති අනුබද්ධ සමාගම් වලින් එකක්. මේකෙන් තමා අපේ website එක දැන්වීම් ප්‍රචාරණය සදහා සුදුසු ගුණාත්මක භාවයකින් තිබේද යන්න පරික්ෂා කර බලා දැන්වීම් ප්‍රචාරණය සදහා අවස්ථාව ලබා දෙන්නේ. Google Adword ආයතනය වෙත දැන්වීම් පළකිරීම සදහා ලෝකේ බොහොමයක් ආයතන හා පුද්ගලයන් විසින් ලබා දෙන්නාවූ දැන්වීම් (Ads) තමයි මේ විදියට adsense ආයතනය මගින් අප website තුල පලකිරීමට අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ලෝකේ තිබෙන විවිද ආයතන හා පුද්ගලයන් විසින් Adword ආයතනය වෙත මේ සදහා එක් දැන්වීම් click කිරීමක් උදෙසා කරන ලද ගෙවීමෙන් 68% කොටසක් තමා අපේ website එකට එන්නාවූ අයකු විසින් අප website එකේ පළකර ඇති දැන්වීමක් click කළහොත් අපහට adsense ආයතනය විසින් ගෙවනු ලබන්නේ. එම ක්‍රියාවලිය තමා adsense මගින් මුදල් ඉපයීමේදී සිදු වෙන්නේ. මෙය ඉතා පුංචියට පෙනුනට ඔබේ website එකට දෛනිකව බොහොමයක් පරිශීලකයන් එන්නාවූ website එකක් නම් මාසිකව $100- $10000 හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වාද ඉපයීම සිදු කල හැක.
Adsense සදහා ගෙවීම් සුදුකරන ප්‍රමාණයන් මුලික වශයෙන් කරුණු කීපයක් මත රදාපවතී.
- මුලික වශයෙන් Website එකට Traffic (Visitors) එන Country එක මත, සාමාන්යෙන් American, European වැනි රටවල් සදහා වැඩි මුදලකුත් Asian හා African රටවල් සදහා ඉතා අඩු මුදලකුත් ගෙවයි. මෙයට adword වෙත දැන්වීම් පළකිරීම සදහා පාරිබෝගිකයන් ගෙවන මුදලේ අඩු වැඩිය බලපායි.
- ඔබේ Website එක තුල පෙන්වන Ads මත. තරගකාරිත්වය වැඩි ව්‍යාපාරික Ads සදහා වැඩි මුදලක් ගෙවයි තරගය අඩු වෙන තරමට ගෙවන මුදලත් අඩුයි. මේ සදහා දැන්වීම වෙන්වන ලද Visitor ගේ රුචි අරුචිකම්ද බලපෑමක් ඇති කරයි.
- Website එකට Traffic එන Traffic Source මත. කුමක් ඔස්සේද Visitors ලා ඔබේ Website එකට පැමිනෙනේ. Google, Yahoo, Facebook, Twitter, Youtube, Other Website’s Ads වැනි දේ ඔස්සේ විය හැක. නමුත් මින් Google හරහා එන Traffic වල Ad Click සදහා වැඩිපුර ගෙවයි.
- Website එක සදා ඇති Niche, Category මත සහ භාවිත කර ඇති Keywords මත ගෙවීම අඩු වැඩි වේ.
- Google Adsense ගිනුමේ Active භාවය මත යම් අවස්ථා වල. නිතරම Ad Click සිදුවන්නේ නම් ඔබට යම් මටටම්කින් ගෙවන මුදල වැඩි වීමේ අවස්ථාව ඇත.
සාමාන්යෙන් Ad Click එකක් සදහා $0.01 පමණ සිට $5 පමණ දක්වා බොහොමයක් websites සදහා ගෙවීම් වෙනවා. ඊට අමතරව යම් websites සදහා $5-$15 අතර දක්වාද, යම් සුවිශේෂී සිම්ත ප්‍රමාණයක් Ads සදහා $15 -$300 පමණ දක්වා හෝ ඊට වැඩියෙන් ද ගෙවන අවස්ථා පවතී. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. Asian Countries සදහා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. American, European Countries සදහා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ගෙවනු ලබයි.
මාසිකව ඔබට දල වශයෙන් 0.1 බැගින් ගෙවන ලද Ads clicks 1000 ලැබුනහොත් මාසිකව $100ක පමණ මුදලක් ලබා ගත හැක. ($0.1 x 1000= $100) ඔබට මසකට $1 බැගින් ගෙවන ලද Ads clicks 1000ක් ලැබුණොත් මාසිකව $1000ක මුදලක් ඉපයිය හැක. ($1 x 1000= $1000) සෑම විටම ගෙවන මුදල් ප්‍රමාණය visitor ගෙන් visitor ට වෙනස් අගයක් ගැනීමට හැකියාව ඇත. ඉතින් ඔබට ඉහල මුදලක් ඉපයීමට ලොකු අවස්ථාවක් පවතිනවා ඔබේ website එකට ලොකු traffic (visitors) ප්‍රමාණයක් පැමිණෙන්නේ නම්.
එහෙනම් දැන් යම් අදහසක් ඇඩ්සෙන්ස් සම්බන්දව පැමිණෙන්න ඇති කියල හිතනවා, දැන් අපි බලමු කොහොමද මුදල් ඉපයීමේ අරමුණින් සාර්ථකව website එකක් ආරම්භ කරන්නේ කියලා.