ඔයා Fiverr Gig එක හදද්දි කොහෙන් හරි Fiverr Gig එකක් අරගෙන ඒකට මොකක් හරි image එකක් දාලා ඒකට පුංචි Description එකක් දැම්මට ඒ Fiverr Gig එකේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේ Fiverr Gig එකක් විකිණීමට තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි. සමහර විට ඔයාගේ වාසනාවට 1 ක් 2ක් sell වෙන්න පුළුවන්.
මේකෙදි ඔබම ගැලපෙන ක්‍රමයට gig එක හදාගන්න එක වැදගත්ම දෙයක් වර්තමානයේදී, ඒ වගේම අනිත් අයගේ gig copy කරන්න එපා. ඒවා බලලා අදහසක් අරගෙන ඊට වඩා හොදට ඔබ හදන එක ගොඩක් වැදගත්.
Fiverr gig එක Optimize කරද්දී සලකා බැලිය යුතු වැදගත්ම සාදක කීපයක් තියෙනවා.
1. Gig Title.
2. Gig Images.
3. Gig Video.
4. Gig Description.
5. Gig Tags.
Fiverr Gig Title Creation
Gig එක හදන්න මුලින්ම පටන් ගද්දි ඔයා ඒකට හොඳ title එකක් දාන්න ඕනි. ඔයා දාන title එක තමයි visitor කෙනෙක් මුලින්ම දකින්නේ. ඒ නිසා title එක Powerful එකක් වෙන්න ඕනි. මොකද title එක අනුව තමයි visitor කෙනෙක් එනවද නැද්ද යන්න තීරණය වෙන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ title එක ලියද්දි ඔයා buyer කෙනෙක් විදිහට attractive title එකක් දාන්න.
Fiverr Gig title එක ලියද්දි තිබිය යුතු දේවල් කිහිපයක්ම තියෙනවා.
- ඔයා සැපයීමට බලාපොරොත්තු වෙන සේවාව ගැන පැහැදිලිව තනි වාක්‍යයකින් ඔයාගේ Idea එක ඉදිරිපත් කිරීමක් තමා මේ title එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ title එක පැහැදිලි වෙන්න ඕනි කියන එකයි.
- Fiverr Gig title එක දිග කරන්න එපා. ඒක short & sweet විදිහට ඉදිරිපත් කිරීම මත තමයි ඔයාගේ දක්ෂතාවය තියෙන්නේ.
- මේකෙන් ඔය සපයන්න බලාපොරොත්තුවෙන service එක ගැන පැහැදිලි සහ ආකර්ශනීය පණිවිඩයක් දකින අයට යන එක වැදගත් දෙයක් වෙනවා
Fiverr Gig title එක ඔයාට උදව් වෙනවා ඔයාගේ Fiverr Gig එක බලන visitorව ඔයාගේ Fiverr Gig එක ගැන වැඩි විස්තර කියවන්න උනන්දු කරන්න.
Fiverr Gig images Creation
Fiverr Gig එකට images 03 ක් දාන්න පුළුවන්. නමුත් සමහරු 01ක image එකයි දාන්නේ. image එකේ size එක වෙන්නේ අවමය 550px- 370px ගොඩක් අය කරන්නේ Google එකෙන් images හොයාගන්න එක. නමුත් ඒ size එකට ගැලපෙන image නම් Google එකෙන් හොයාගන්න අමාරුයි. Google එකෙන් image හොයාගෙන දාන එක කොහොමටත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි වර්තමානය වෙද්දී.
- හැම Fiverr Gig එකටම 550px- 370px එකෙන් Quality Gig images 03ක් හදලා දාන්න. ඔබ සපයන සේවය ගැන අදහසක් මේ images වලින් දෙන්න උත්සහ කරන්න.
- පලවෙනි image එක ආකර්ශනීය එකක් වීම වැදගත් .
- Gig image 03ම එක සමාන වෙන්න බෑ.
- වැදගත් දේවල් highlight කරන්න.
- ඔයාගේ Gig එක හැමදේම සඳහන් කරන්න. ඇයි Gig එක ගන්න ඕනි, අරගෙන මොනාද කරන්න පුළුවන්, මොනවගේ අයටද සේවය ගැලපෙන්නේ යන වග.
- ඔයාගේ සේවයේ තියෙන වාසි වගේම, ඔයාගේ Gig එක sale එකක් වෙන්න බලපාන හැම point එකක්ම Gig image එකේ සඳහන් කරන්න බලන්න.
Fiverr Gig Video Creation
Fiverr එක, Fiverr Gig එකට video එකක් දාන්න කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. නොදා ඉන්නත් පුලුවන් නමුත් දාන එක ඉතා වැදගත් සාදකයක්. මොකද video එකකින් පුළුවන් sales වර්ධනය කරන්න. ඒක හරි පුංචි වැඩක්.
- ඔයාට පුළුවන් ඔයාම Present කරන video එකක් හදාගන්න. මොකද එහෙම කරන video එකක් ගොඩක් Personalized වගේම trust එකකුත් ලැඛෙනවා. හැබැයි ඔයාම present කරන්න ඕනි කියලා එකක් නම් නැහැ.
- ඔයාගේ කටහඩින්ම පුංචි video script එකක් හදලා කියන්න බලන්න. robo recording දාලා නම් video එක trust කරන්නේ නැහැ.
- Gig එක ගැන උපරිම විස්තරයක් සරලව video එකට එකතු කරන්න.
- උපරිම තත්පර 59 කට Gig video එක හදන්න.
- Gig Extras එහෙම දෙන්න තියෙනවනම්, ඒවා ගැනත් video එකේ කියන්න.
Fiverr Gig Description Creation
Gig title එක බැලූවට පස්සේ ගොඩක් දුරට බලන්නේ Gig Description එක. ඉතින් අපි අපේ Service එක ගැන සඳහන් කරන්න ඕනි. මොකද නැත්නම් අපට sales මඟ හැරෙන්න පුළුවන්. Gig Description Writing Technique කිහිපයක් තියෙනවා.
Fiverr Description
Gig Description එක ලියන layout එක වගේම ඒකට ඇතුළත් කල යුතු දේවල් list එකක් තමයි පහළින් දාලා තියෙන්නේ. ඒවා ඔක්කොමනම් දාන්න ලැඛෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මේ අතරින් හොඳම ඒවා තෝරාගෙන Fiverr Gig Description එක ලියන්න.
- Fiverr Gig Description එක සම්පුර්ණ කරන්න ඔයාට ලැඛෙන්නේ අකුරු 1200ක් විතරයි.
- ඔයාගේ සේවය මොකද්ද කියන එක.
- අනිත් අය සපයන සේවාවත් එකක් සැසදීමේ දී ඔයා සපයන සේවායේ තියෙන විශේෂත්වය.
- ඔයා සපයන සේවයේ තියෙන ප්‍රධාන features ටික.
- ඔයාගේ සේවයේ තියෙන ප්‍රධාන වාසි ටික.
- ඔයා $5 ට මොනාද සපයන්නේ? තව වැඩි ගණන් වලට මොනාද කරන්නේ?
- ඔයාගේ සේවයේ free offers තියෙනවද, discounts තියෙනවද, bonuses තියෙනවද යන්න.
- ඔයා සපයන සේවාව සැපයීමට ඔයාට තියෙන සුදුසුකම්.
- ඔයාගේ සේවාව ගැලපෙන පුද්ගලයන්.
පුළුවන් තරම් ඉහත කරුණු පාචිච්චි කරලා ඔයාගේ හැම Gig Idea එකකටම Maximum Optimized Fiverr Gig Description හදන්න.
Fiverr Gig Tag Selection Technique
ඔයාගේ Gig එක Fiverr Search එකේ හොයද්දී උඩට එන්න උදව් කරන feature එකක් තමයි Fiverr Gig tags කියන්නේ. ඔයා දෙන Services එකට ගැලපෙන ඔක්කොම tags ගහන්න පුළුවන්නම්, ඔක්කොම කිව්වට ඔයාට ගහන්න පුළුවන් tags 5ක් විතරයි. ඒ නිසා හොඳම tags 5 තෝරගන්න.