දැන් ඔයා දන්නවා Fiverr Business එකක Fiverr Gig කීියක් දානවද, ඒ Gig එකක තියෙන අත්‍යාවශ්‍ය දේවල් මොනාද කියලා.
- Gig title
- Gig images 3
- Gig Description
- Tags
- Buyer instruction
- Gig video
Fiverr Gig Creation
දැන් අපි හදාගත්ත ඔක්කොම එකතු කරලා Fiverr Gig එක හදාගමු.
මුලින්ම Fiverr.com ගිහින් username & password ගහලා log වෙන්න. ඊට පස්සේ උඩම menu එකේ Gigs වලට ගිහින් CREATE A NEW GIG වලට ගිහින් gig එක සෑදිය හැකිය.

Fiverr Gig Creation Title & Category
Fiverr එක කැමතියි Fiverr Gig title එක නිතරම “Just Perfect” කියන එකේ තියාගන්නවනම්.
ඊට පස්සේ ඔයා Gig එක හරහා දෙන්න සුදානම් Service එකට හොඳටම ගැලපෙන Category එකයි Sub-Category එකයි තෝරගන්න.
Service type – ඊළගට මොන වර්ගයට අදාළ සේවාවක්ද ඔබ සපයන්නේ යන්න තෝරන්න.

Gig metadata – කුමන industry වලට අදාළව ඉලක්ක වෙන gig එකක් යන්න සහ යොදාගැනෙන භාෂාවන් ගැන සදහන් කළ යුතුය.
Search tags – පෙර පැහැදිලි කල පරිදි ගැලපෙන විදියට tags යොදාගන්න. මේ ගැන අදහසක් ඔබට ඔබේ සේවය සපයන අනිත් අයගේ gig බැලුවා නම් අදහසක් ලබාගන්න පුලුවන් තවදුරටත්.
මීලගට මිල ගණන් $5 සිට ආරම්භ කළ හැක. අරභක අවදියේ ඔබට $995 දක්වා උපරිම මිළක් දක්වා සේවය විකිණිය හැකියි. ඔබ සපයන සේවය package 3ක් විදියට හෝ එහෙම නැතිනම් package එකක් විදියට සිදුකරගත හැකියි.
Add Extra Services – ඔබේ package මගින් ලබා දෙන අමතර සේවයන් ඇත්නම් වෙනම එකතු කළ හැකියි.

මීලගට අපි කලින් කතා බහ කළ Description එක නිසි පරිදි ගැලපෙන විදියට සහ කියවන්න පහසු ආකාරයට විස්තර කරන්නයි තියෙන්නේ.
Frequently Asked Questions – විකල්පය මගින් ඔබට ගැනුම් කරුවන් නිතර අසාවි යයි සැලකෙන ප්‍රශ්න කීපයක් සහ පිළිතුරු කලින්ම සපයා සිටිය හැකියි. නමුත් මුල් කාලයේ මෙම පහසුකම ප්‍රධාන පෙලේ ප්‍රශ්න වලට යොදා නොගැනීම යහපත් දෙයක් ලෙස සලකන්න පුලුවන්, මොකද වැඩි දෙනෙක්ට එවිට ඔබට message කර ඒ ගැන අසන්නට වෙන නිසා.
Requirements – ඔබේ සේවාව කිරීම සදහා මුදලට අමතරව ඔබට ගනුම්කරුගෙන් අවශ්‍ය කරන කරුණු ගැන මෙහි සදහන් කළ යුතුයි. මෙය පැහැදිලිව සදහන් කිරීම ඔබට පහසු වේවි order එකක් ලැබුණු වහාම වැඩ කිරීම ආරම්භ කිරීමට.
Build Your Gig Gallery – පෙර කතා කල පරිදි ඔබ සුදානම් කරගත් images & video or PDF ආදිය යොදාගන්න.
ඉන්පසු කිරීම තමයි කරන්න තියෙන්නේ.
Orders ඉක්මනට ලබා ගන්න කළ හැකි කාරණා, Fiverr තුළ සාර්ථක වීම සහ Fiverr Gig SEO ගැන වැඩිදුර ඉද්රියේදී කතා කරමු.