Fiverr feature වලින් උපරිම ප්‍රයෝජන ගමු

අලූතෙන් එන ගොඩක් අය දැනටමත් Fiverr එක හරහා මුදල් හොයන්න පටන් අරන් ඉවරයි. ඒ වගේමයි එයාලා ගොඩක් සාර්ථක වෙලත් තියෙනවා. කෙසේ වෙතත් Fiverr කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් එක් ක්‍රමයක් විතරයි.


Fiverr buyer Requests


Buyer Requests කියන්නේ Potential Customer ඔහුගේ කාර්යය කරගැනීමට අවශ්‍ය පුද්ගලයා සොයා ගැනීමට උදවු කරන Fiverr එකේ හොඳම feature එකක්. මුල් කාලයේ ඔබ හැකි උපරිම ඔබට කිරීමට හැකියාව පවතින දේ සදහා Buyer Requests යැවීම මගින් ඔබට order ඉක්මනට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.


Fiverr sales analytics


Online Marketing වලදි analytics කියන්නේ අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් දෙයක්. මේකෙන් වෙන්නේ Fiverr account එකේ sales වල විස්තර වගේම ඔයා හොයන මුදල් ප්‍රමාණය, ඔයාගේ Gig ප්‍රසිද්ධ රටවල්, පෙන්වන එකයි.


Fiverr sales analytics information


AVG. Selling Prize – මේකෙන් කියන්නේ ඔයාට එන සාමාන්‍ය sale එකක ගාණ.


Delivered Orders  – මෙතන පෙන්වන්නේ ඔයා deliver කරන order ගාණ. මේක ඔයාගේ Public Fiverr Profile එකේ පෙන්වනවා. ඒ නිසා දවසකට ඔයාට ලැඛෙන order මඟ නොහැර deliver කරන්න. කිසිම order එකක් cancel කරගන්න එපා. එහෙම කිරීම අත්‍යවශ්‍ය දෙයක් වර්තමානයේදී fiverr තුල ස්ථිරව පැවතීම හා ලැබෙන order ප්‍රමාණය වැඩි කරගැනීමට. මුල් කාලයේදී Negative review එකක් දාගන්න වෙනවට වඩා යහපත් වෙනවා වැඩෙත් deliver කරලා order එක cancel කරලා සල්ලිත් එපා කියලා පැත්තකට වෙන එක.


Responsiveness – මේක fiverr තුල වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඔබ සිදු කල යුතු ඉතා වැදගත්ම දෙයක්. මිනිත්තු කීපයක ප්‍රමාදය වුනත් ඔබට හොදම අවස්ථාවක් මග ඇරෙන්න පුලුවන්. ඒ වගේම ගැනුම්කරුවන් සමග හොද communication එකක් තිය ගැනීම ඔබට fiverr තුල සාර්ථක වෙන්න අවශ්‍යම වෙනවා.


Fiverr තුල වැඩ කරද්දී ඔබට දිගින් දිගටම orders ලැබීම රදා පවතින සාදක තුනක් තමයි Response Rate, Delivered on Time, Order Completion කියන්නේ. ඉතින් මේවා ඉහල අගයක රදාපවත්වා ගැනීම ඔබේ අනාගතය තීරණය කරන සාදකයක් බවට පත්වෙන්න පුලුවන්.


Fiverr Gig Stats

fiverr analytics

Fiverr menu bar එකේ Gigs වලට ගියාම ඔබට ඔයාට එක එක Fiverr Gig එකේ Performance බලාගන්න පුළුවන්. මේකෙන් ඔයාට පහත දේවල් බලාගන්න පුළුවන්.


Impression – මේකෙන් කියන්නේ ඔයාගේ Gig එක Fiverr website එක ඇතුලේ පෙන්වපු වාර ගාණයි.

Click – මෙතනින් තමයි පෙන්නන්නේ Gig එක පෙනවපු වෙලාවලදි ඒක Click කරපු වාර ගාණ. Gig එක බැලූවත් නැතත් මෙතන Click count වෙනවා.

Pageviews – මේ තිරුවේ පෙන්වන ගාණ Click තිරුවේ පෙන්නපු ගාණට වඩා අඩු වෙන්න ඕනි. මොකද Gig එක Click කරලා එන හැමෝම Gig එකත් එක්ක engage වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ එහෙම එන කෙනා වැඩි වෙලාවක් Gig page එකේ ඉන්නේ නැතුව ඉක්මනින් ගියාම ඒක pageviews වලට අයත් වෙන්නේ නෑ.

Purchases – ඔයාගේ මිලදී ගත්ත අය ගාණ තමයි මෙතනින් පෙන්නන්නේ. pageviews එකට අයිති වෙන කෙනෙක් තමයි අනිවාර්යෙන්ම ඔයාගේ customer කෙනෙක් වෙන්නේ. එක pageview එකක් ඇවිල්ලා ඕන තරම් Purchase වෙන්න පුළුවන්. මොකද Gig extras හා mutiple gig units කියන දේවල් තියෙන නිසා.

Conversion rate – මේක Rate එකක්. Gig එක බලන Pageviews කට්ටියගෙන් ඔයාගේ customer කෙනෙක් වෙන ප්‍රතිශතය. මේ Rate එක වැඩී කියන්නේ ඔයාගේ Fiverr Gig එක සාර්ථකයි කියන එක.

Maximum Optimized Fiverr Gig

Fiverr ගැන අපි හැමදේම දැන ගත්තට වැඩක් නෑ අපි දන්න දේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම්.  සමහරු නම් Fiverr එකෙන් සල්ලි හොයන්න ආසාව තිබුණට මුකුත් නොදන්නවා වෙන්නට පුළුවන්. සමහරු හැමදේම දන්නවා වුණාට පටන් ගන්නේ කොහොමද කියලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඒ හැමෝටමයි කියන්නේ, ඔයා දන්න දේ පටන් ගන්න. නොදන්න අය මේක කියවලා දැනගන්න.


අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ Business එකක්. ඔයා ඔයාගේ සේවාව සපයලා තමයි සල්ලි හොයන්නේ. ඒකෙදි ඔයා කරන්න ඕනි නිකන්ම Fiverr Gig 2 ක් 3ක් දාලා ඒවා sale වෙනකන් බලන් ඉන්න එක නෙමෙයි. ඔයා කරන්න ඕනි ඔයාගේ හැකියාවන් පාවිච්චි කරලා Fiverr Gig එක උපරිම විදිහට දාන එකයි.


ඔයාගේ Gig එක හොඳට sale වෙන්න නම් සාධක කිහිපයක් බලපානවා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ සාධක ඔයාට වාසි වෙන විදිහට පාවිච්චි කරලා sales වැඩි කරගන්න.


Demand – මේ කියන්නේ ඉල්ලූම ගැන. ඔයා ඔයාගේ ඉල්ලූම වැඩි කරගන්න ඕනි. ඒකට ඔයා වැඩිම ඉල්ලූමක් තියෙන දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. ඔයා ඔයාට කරන්න පුළුවන් දේවල් වලට උපරිම සේවාවක් කරන්න.

Professionalism – ඔයා කරන වැඩේ අඩුපාඩු තියෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයා දෙන සේවාව ගැන දැන ගත යුතු සියලූ දේ දැන ගෙන සිටිම ඉතාම වැදගත්. ඒ වගේමයි ඔයාට මේ හැකියාව තියෙනවා කියලා Fiverr Gig visitors ලට පෙන්වන්නත් ඕනි.

Attractiveness – අපි ගනුදෙණු කරන්නේ තවත් පුද්ගලයෙක් එක්ක. ඒ නිසා ආකර්ශණය කියන එක වැදගත්. අපිට තවත් පුද්ගලයෙක්ව ආකර්ශණය කරගන්න පින්තූර වගේම වචන යොදාගන්නත් පුළුවන්. ඒ නිසා මේකදි ඔයා ඔයාට පුළුවන් හැමදේම කරලා ඔයාගේ Gig එකට Fiverr Gig visitors ලගේ අවධානය ගන්න ඕනි.

Creativeness – ඔබේ නිර්මාණාත්මක හැකියාවන් ඉතාමත් වැදගත් වෙනවා සාර්ථකත්වයට. මොකද සමහර වෙලාවට හැකියාවට පමණක් හැමදේම කරන්න අමාරුයි. fiverr තුල සිටින අයගේ අවදානයට ලක් වෙන විදියේ gig එකක් හදාගන්න මෙය ඉතා වැදගත් වේවි.