
මම මුලින්ම Bitcoin ගැන ටිකක් කියන්නම් .Bitcoin කියන්නේ Digital currency එකක් .අපිට කාටහරි මුදල් යවන්න ඕනනම් කිසිම කරදරයක් නෙතිව ලෝකේ ඕනෑම කෙනෙක්ට යවන්න ඕන කෙනාගේ e -wallet එකට යවන්න පුළුවන් .බැංකු අවශ්‍ය වෙන්නේ නැ .ඉතින් dollars වලින් ගනුදෙනුකරනවට වඩා බොහොම පහසුවෙන් ගනුදෙනුකරන්න පාවිච්චි කරන්න පුළුවන් currency එකක් .
මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි.
Bitcoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ඒ නිසාම ඔහුගේ නමින් BTC උප ඒකකයක් හදුන්වලා දීලා තියෙනවා. ඒ Satoshi (1 Satoshi = 0.00000001 BTC)
Bitcoin කරලියට එන්නේ මිට අවුරුදු 5කට 6කට කලින් .අපිත් ඉතින් ඒකාලේ හිටියනේ .දැන් බලාගන්න මම කියන්න යන්නේ අපි නැතිකරගත්ත ලොකුම chance එක ගැන .
මේ crypto currency කියන්නේ සීමිත supply එකක් තියන දෙයක් .Dollers ,රුපියල් ,central banks වලින් print කරනවනේ කාලෙකට සැරයක් .හැබැයි මේ crypto currency කියන එක එහෙම නිෂ්පාදනය කරන්න බැ .පලවෙනි සැරේ නිකුත්කරන ප්‍රමාණය විතරයි .
උ .ද – මොකක්හරි crypto currency එකක් නිකුත්කරනකොටම තීරණය කරනවා උපරිම වශයෙන් coins කොච්චරක් market එකෙට නිකුත්කරන්න ඕනද කියල .අපි හිතමු 85.0Mn coins කියල .එතකොට එතනින් එහෙ කිසිමදවසට coin එකක් එලියට එන්නේ නේ .
ඒ කියන්නේ කවදාහරි දවසක ඉල්ලුමට හරියන සැපයුම නැතිවෙනවා කියන එකනේ.අන්න එතකොට මේ coins වලට තියන මිල හිතාගන්නවත් බැරිතරම් වැඩිවෙනවා .
එතකොට කෙනෙක් මේ coins වල මිල අඩු කාලේදී අරන්තිබ්බනම් මිල වැඩිවෙනකොට විකුණලා ලොකු ලාබයක් ගන්න පුළුවන්කම තියනවා .හරියට share මර්කෙට් wage.
ලංකාවේ share මර්කෙට් එක ගැනනම් දැන් කතාකරල වෙඩක් නැනේ .
Bitcoin 2011 වර්ෂයේ පටන්ගනිද්දී එක coin එකක් උනේ $ 0.008 එකියන්නේ රුපියල් වලින් බැලුවත් බොහොම පොඩි ගානයි.
දැන් වෙනකොට එකියන්නේ අද දවසේ bitcoin 1 ක් වෙලදපොලේ කියක් වෙලා කියල ද ඔයාල හිතන්නේ ,මම මේක ලියම මේ වෙලාවේ bitcoin 1 වෙනවා $3050 ක් .
කොහොමද වැඩේ .
හිතන අපි රුපියල් 5000 ක bitcoin මිට අවුරුදු 5 කට කාලින ගත්තනම් අද කීයකට විකුනන්න තිබ්බද
හදලම බලමුද ???
හරි ඔන්න මම මිට අවුරුදු 5කට කලින් විදේශ විනිමය අනුපාතය දැන් තියන ගානමයි කියල හිතනවා ඒ කියන්නේ 1$ = Rs 153 (අවුරුදු 5කට කලින් විනිමය අනුපාතය මිට වඩා ගොඩක් අඩුයි.ඒ ගාන දෙම්මොත් ලාබය තව වැඩිවෙනවා )
Rs 5000/153 = $ 33 (ඒ කියන්නේ Rs 5000 ට $ 33 ක් ලැබෙනවා)
$ 33/0.008 = Bitcoin 4000 ($ 33 ට Bitcoin 4000 ක් ගන්න පුළුවන් )
අද bitcoin එකක මිල $ 3050
bitcoin 4000 * $ 3050 = $ 12,200,000 (අපි අරන් තිබ්බ bitcoin 4000 අද විකුනවානම් ලැබෙන $ ගාන තමයි ඔය )
දැන් මේක රුපියල් වලට හරවමු
$ 12,200,000 * Rs 153 = Rs 1,866,600,000 /-
ඔන්න වැඩේ …..කොහොමද seen එක …අපි ඕව දන්නේ නෙතිව හිටිය නේද .එත් වෙනරටවල මිනිස්සු හොදට හම්බකරගත්ත .”
හරි දැන් bitcoin කියන්නේ මොකද්ද කියල තෙරෙනේවනේ .