වාහන සිහිනය සැබෑ කරගන්න කලින් මේ දේවල් ගැනත් දැනගෙන ඉන්න

 තමන්ගේම කියලා වාහනයක් මිලදී ගන්න එක හැමෝගෙම වගේ හීනයක්. අද කාලේ එය එතරම් පහසු දෙයක් නෙවෙයි. මොකද සාමාන්යයෙන් වාහනයක් මිලදී ගැනීමේදී ඔබට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.


ඔයා ගන්න වාහනය මොකක් වුණත්,එය අලුත් එකක් ද? කලින් පාවිච්චි කරපු එකක් ද? කියන එක කලින් තීරණය කළ යුතු වෙනවා. එහෙම තීරණය කළාම ඔයාට යන වියදම් ගැන දළ අදහසක් සහ වාහනයේ තත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ Second Hand වාහනයක් මිලදී ගන්නවා නම්, මේ කරුණු ටික ගැනත් සළකා බැලිය යුතු වෙනවා.


වාහන සඳහා වූ වෙළඳපොළ


ඔයා මොන වාහනයක් මිලදී ගත්තත් එහි වෙළඳපොල ගැන අවබෝධයක් තියෙන්න ඕන. මොකද සමහරවිට ඔයා මිලදී ගන්නා වාහනය ටික කාලයකින් විකුණන්න වුවමනාවක් ඇති වෙයි. ඒ වගේ වෙලාවට එම ගොඩක් ප්රයෝජනවත් වෙනවා.


වාහනයේ මිල සහ අතේ ඇති මුදල


වාහනයක් මිලදී ගැනීමට පෙර ඔයාගේ අතේ ඇති මුදල ගැනත් හිතන්න. අතේ ඇති මුදලට මිලදී ගැනීමක් කරන්න පුළුවන්ද ? බැරිද? කියලා හොයලා බලන්න. විශේෂයෙන්ම මේ සඳහා ඔයාට වාහන විකුණුම් ගැන සඳහන් වෙබ් අඩවි වලින් උදව් ගන්න පුළුවන්. සමහර වෙලාවට මෙම වෙබ්අඩවි හරහා ඔයා හොයන වාහනය ඔයා සිතනවාටත් වඩා අඩුවෙන් මිලදී ගන්නත් හැකියාව ලැබෙයි.


වාහන ගැන දැනුමක් ඇති අයගෙන් උදව් ගැනීම


වාහනයක් මිලදී ගන්න යනවිට වාහන ගැන කාර්මික සහ නීතිමය වටපිටාව ගැන දන්නා කෙනෙක් සමඟ යනවා නම් ගොඩක් වටිනවා. මොකද ඔයා බ්රෝකර් කෙනෙක් හරහා වාහනය මිලදී ගන්නවා නම්, ඔවුන් ඔයාව රවටන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒත් වාහන ගැන දැනුමක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඔයා රැවටීමකට හසුවන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයා ඔයාගේ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු වීම හෝ ඔයා හොඳින් දන්නා අඳුනන මෝටර් මැකැනික් කාර්මිකයෙකු වීම ඉතා වැදගත්.


Valuation Report එක


සාමාන්‍යයෙන් වාහනයේ Valuation Report එකක් ගන්න ගොඩක් අය උත්සහ කරනවා. ඒ, වාහනය කල්බදු ක්රමයට මිලදී ගන්නට සිතනවා නම්, ඊට වාහනයේ වටිනාකම සහ වාහනයේ තත්වය ගැන සහතිකයක් ඔවුන්ට අවශ්‍ය වන නිසයි. හැබැයි එත් ඔයා කල්බදු ක්‍රමයට නොගත්තත් වාහනයේ තත්වය පිරික්සන්නට Valuation Report එකක් ගත්තට කිසිම වරදක් නැහැ.


නීතිමය වටපිටාව


වාහනය ලියාපදිංචි කරන කටයුතු වලදී ඒ නීතිමය වටපිටාව දන්නා කෙනෙකු සම්බන්ධ කරගන්න උත්සහ කරන්න. ඔයා බැංකුවක් හෝ කල්බදු සමාගමක් හරහා කරනවා නම් මේ ගැටලුව ඇතිවන්නේ නැහැ. මොකද ඔවුන් දෙවන වෙළඳපොල අඩු වාහනයකට ඔයාව යොමු කරන්නේ නැති නිසා. එත් ඒ ගැන අවබෝධයක් තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා.


ඔයා අලුත් වහනයක් එකක් හෝ Second Hand මිලදී ගන්න කලින් මේ කරුණු ගැන අවධානය යොමු කරන්න එපා. මොකද එතකොට ඔයාට පුළුවන් අමාරුවේ නොවැටී, රැවටීම් වලට නොරැවටී නිවැරදි තෝරා ගැනීම කරන්න.