සර්විස් ස්ටේෂන් එකක් පටන් ගමු.

 රස්සාවෙන් විශ්‍රාම යද්දී, එහෙම නැත්තන් අතට ටිකක් විතර වැඩිපුර මුදලක් හම්බුනාම අපි හැමතිස්සෙම ඒ තියෙන මුදල දෙතුන් ගුණයක් කරගන්න ක්‍රම හොයනවා... කම්මැලි මිනිස්සු ඉතින් බැංකුවක දාල මාසෙට සියට එකකටත් වඩා අඩු ගානක් උපයගන්නවා... තව සමහරු සක්විති වගේ අයියල ගාව ආයෝජනය කරලා බෙල්ලේ වැල දාගන්න ලෙවල් එකට වැඩ සලස්වා ගන්නවා... 

කවුරු කොහොම කිව්වත් නිකන්ම ඉඳල සල්ලි හොයන්න බැහැ... අනික ධාර්මික නොවන ක්‍රම වලින් හොයන සල්ලි තමන් ගාව රැඳෙන්නෙත් නැහැ... දාඩිය මහන්සියෙන්, තමන් ආස කරන  හරි දෙකින් හොයන මුදලකින් විතරයි ඔබට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්... 

ඉතින් අන්න එහෙම කරන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක් ගැන තමයි අපි අද මේ කියන්නේ... ඒ තමයි තමන්ගේම කියල "සර්විස් ස්ටේෂන්" එකක් පටන් ගන්න එක... මේ ව්‍යාපාරය ලංකාවේ ආධුනික ව්‍යවසායකයෙක් අතගහන්න වැඩිය කැමති නැහැ... ඒකටත් සාධාරණ හේතු තියෙනවා... 

ආධුනික ව්‍යවසායකයෙක් අතගහන්න වැඩිය කැමති නැහැ

1. මුලික වියදම වැඩි වීම.

2.  කරන්න ඕන දේවල් ගැන දැනුමක් නැති කම.

3. 

පලවෙනි හේතුව තමයි මේකට යන මුලික වියදම වැඩි වීම... 

ඔව්... සර්විස් ස්ටේෂන් එකක් පටන් ගන්න පොඩ්ඩක් වියදම යනවා... පහසුවෙන් යන්න එන්න පුළුවන් ලොකු ඉඩමක් ඕන... තව හයිඩ්රෝලික් ලිෆ්ට්, වොෂ් ගන්, තව බැටරි සර්විස් වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්නවා නං ඒ සඳහා උපකරණ වගේ දේවල් ඕන තමයි... හැබැයි මුලිකව පටන් ගන්න මේ සේරම ඕන නැහැ... කොහොම උනත් මුලිකව ලක්ෂ 7 සිට 10 දක්වා ගානක් යන්න ඉඩ තියෙනවා, ඉඩමේ වියදම නැතුව... 

කරන්න ඕන දේවල් ගැන දැනුමක් නැති කම...

මුලික වියදම දරන්න ශක්තියක් තිබ්බත් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට බහින්න අකමැති වෙන්නේ වාහන සර්විස් කරන්න ලොකු දැනුමක් ඕන කියල හිතෙන හින්ද... ඇත්තටම යම් යම් දේවල් ගැන දැනුමක් ඕන තමයි... හැබැයි සාමාන්‍ය මොලයක් තියෙන, කල්පනා ශක්තියක් තියෙන නිරෝගී මනුස්සයෙක්ට කිසිම බයක් නැතුව ඉගෙනගන්න පුළුවන් රස්සාවක් තමයි ඔය වාහන සර්විස් කිරිල්ල කියන්නේ... 

මේ දේවල් වලට බය නැතුව පටන් ගත්තොත් සර්විස් ස්ටේෂන් එකක් කියන්නේ ධන උල්පතක් කරන්න පුළුවන් දෙයක්... මාසිකව ලක්ෂ 2 ඉඳල ලක්ෂ 10 දක්වා උනත් ඔයාලට සාමාන්‍ය ප්‍රමාණයේ සර්විස් ස්ටේෂන් එකකින් හම්බ කරන්න පුළුවන්... දෙන සර්විස් වල ප්‍රමාණය හා කොලිටි එක වැඩි කලොත් ඔය ගැන දෙතුන් ගුනයක් කරගන්නත් පුළුවන් ගේමක් නැතුව... කොහොම හරි මේකේ තියෙන වාසිය තමයි රිසක් එක ගොඩක් අඩු ව්‍යාපාරයක් වීම... ලොකුවට මාසිකව වියදම් එන්නේ නැහැ... ලංකාවේ ගොඩක් සර්විස් ස්ටේෂන් තමන් කරන දේ හරියටම දන්නේ නැතුව කරන හින්ද ඔබ හරියටම දැනගෙන එකක් පටන් ගත්තොත් ගොඩ යන්න ඕන තරම් ඉඩ ප්‍රස්ථාව තියෙනවා... 


ඉතින් තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න හොඳ ක්‍රමයක් ඔබ හිත හිත ඉන්නවා නං සර්විස් ස්ටේෂන් එකක් දාන එක ගැනත් පොඩ්ඩක් හිතල බලන්න.. මොකද සර්විස් ස්ටේෂන් එකක් කියන්නේ මුලික වියදම සිද්ද කලාට පස්සේ පවත්වාගෙන යාමේ වියදම් ඉතාම අඩු ව්‍යාපාරයක්... අනික රිස්ක් එක ගොඩක් අඩු ව්‍යාපාරයක්... නිකන් හරි බිස්නස් නැතුව වහල දාන්න හිතුනොත් සර්විස් ස්ටේෂන් එකේ ඔබ ගාව තියෙන සේරම දේවල් නැවත පාඩු නැතුව විකුනන්න පුළුවන්... 

ඉතින් තුන් හිතක හරි ඔය විදියට සර්විස් ස්ටේෂන් එකක් පටන් ගන්න අදහසක් තිබ්බ නං අපේ මේ ලිපි මාලාව කියවන්න... කරන්න ඕන දේවල් ගැන සුපිරි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි...