ඒකක භාරකාර අරමුදලක් යනු කුමක්ද?
ඒකක භාරකාර අරමුදලක් යනු ආයෝජකයින් ගේ සහ වෙනත් ගිණුම් ලැයිස්තු වල මෙන්ම ආරක්ෂිත තැන්පතු වලින් සැදුම් ලත් මුදුල් සංචිතයකි.මෙම සංචිතය සදහා විවිධ ආයෝජකයින් විසින් අරමුදල් සම්පාදනය කරයි.මෙ අරමුදලේ මුදල් විවිධ අංශයන් වල ආයෝජනය කිරීම සිදුකෙරේ.ඒවා කොටස්,ණයකර,භාණ්ඩාගාර බිල්පත් සහ මුල්‍ය වෙළද පල වශයෙන් ආයෝජනය කෙරේ. මෙහිදී ආයෝජනය සිදුකරන ස්වරූපය ඒ ඒ ආයෝජකයා ඉදිරිපත් කරන ඉල්ලීමට අනුව සිදුවෙයි. එලෙස ආයෝජනය කිරීමෙන් පසු ආයෝජකයා ලාභාංශ, පොලිය ආදී වශයෙන් ආදායම් ලබාගනියි. මෙම ප්‍රතිලාභ වල ස්වභාවය එක් එක් ආයෝජකයා ආයෝජනය කර ඇති මුදලට අනුව වෙනස් වෙයි.
ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක් යනු කුමක් ද?
ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක් අරමුදල් කළමණාකරණය මුලික කාර්යය කරගෙන කටයුතු කරයි.දෛනිකව කොටස් අලෙවි කිරීම් , ගිණුම්කරන වාර්තා ලබාගැනීම්, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ තීරණ ගැනීම සිදුකරන ආයතනයයි. ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක ප්‍රධාන කාර්යයන් අතර
අරමුදල් කළමණාකරණය
අලෙවි සහ වෙළඳ
මෙහෙයුම් සහ ගිණුම්කරන
භාරය
කළමණාකරුවන්ගෙන් සැදුම්ලත් නිදහස් ආයතනයක් වන මෙහිදී දෛනික කටයුතු නිරීක්ෂණය කිරීම සිදුකරයි.විශේෂයෙන් නියාමන අවශ්‍යතා සපුරාලමින් ඒකක නිර්මාණය කිරීම සහ අවලංගු කිරීම සිදුකෙරෙනනේ මෙම අංශය තුළිනි.
ඒකක භාර අරමුදල් සංකීර්ණ වල විවිධතා මොනවාද?
ඒකක භාර අරමුදල් පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය.
සැලසුම අනුව
විවෘත අවසන් අරමුදල් - මෙහිදී ආයෝජකයින්ට තමන් කැමති ආකාරයට ඒකක් මිළදී ගැනීම් සහ අලෙවි කිරීම් සිදුකළ හැකිය. මේ සඳාහා ස්ථාවර කල්පිරීමේ කාලයක් නොමැත.
ආවෘත අවසන් අරමුදල - නිශ්චිත කල්පිරීමේ කාලයක් සහිත මෙම අරමුදලේ අයෝජකයින්ට අයෝජනය කළ හැක්කේ නම් කරන ලද කාල සීමාවේ පමණි.
ආයෝජන අරමුණ අනුව
වර්ධන අරමුදල් - වර්ධන අරමුදල මාධ්‍ය හා දිගු කාලීන ලාභ අපේක්ෂා වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.ඉක්මනින් ලාභ ලැබීමකට වඩා තම ආයොජනය කරන මුදල ද ආරක්ෂා කර ගනිමින් ලාභ ලැබීමට මෙය සුදුසු ක්‍රමයකි.
තුලන අරමුදල් - වර්ධනය සහ සමාකාර ආදායම් යන දෙකෙහි තුලනයක් ලෙස මෙම අවස්ථාව දැකිය හැකිය. ඇතැම් ක්‍රම අනුව උපයන මුදල් වලින් කොටසක් ස්ථාවර සහ ද්‍රවශීලතාවයෙන් ඉහළ යන අංශ දෙකෙහිම ආයෝජනය කෙරේ.මෙම ක්‍රමය ආදායම සහ වර්ධනය පිළිබඳ උනන්දු වන ආයෝජකයින්ට කදිම අවස්ථාවකි.
ප්‍රකාශ පත්‍රයක් යනු කුමක් ද?
අරමුදල් ආයෝජකයින් පිලිබඳව තොරතුරු ඇතුළත් ලියවිල්ලක් වන මෙය ආයෝජනය කිරීමට පෙර තමන් සිදුකිරීමට යෝජිත ආයෝජනය සම්බන්ධයෙන් පුර්ව තොරතුරු දැනැගැනීම සඳහා පහසු වෙයි.එහි පහත තොරතුරු ඇතුළත් වෙයි.
අරමුදලේ ස්වභාවය
අයකිරීම් සහ ගාස්තු
අරමුදලේ ආයෝජන අරමුන
ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සහ භාරය
ආයෝජන ක්‍රමෝපාය සහ සීමා
අවධානම් කරුණු සහ විස්තර
ආයෝජන කළමණාකරනය සහ හානි පුර්ණය
ලාභාංහ බෙදාදීම
ඒකක හිමිකරුවන්ගේ අයිතීන්
වෙනත් සේවා
දළ වත්කම් වටිනාකම යනු කුමක් ද? (NAV)
දල වත්කම් වටිනාකම යනු අරමුදලේ දළ වත්කම් වල සියලු වටිනාකමයි.සෑම වෙළඳ දිනයකදීම අවසානයේ මෙය ගණනය කරනු ලබයි.
ඒකකයක මිල සෑම දිනකම නිවේදනය කර අතර එම මිල තීරණය වන්නේ මෙම දළ වත්කම් වටිනාකම අනුවය.
ලාභාංශ යනු මොනවාද?
ඒකක භාර අරමුදලට වෙළඳ ගණුදෙනු වලින් යම් ආදායමක් හිමිවෙයි. මෙම අදායම සිට ඒකක කොටස්කරුවන් වෙත බෙදා දීම ලාභංශ ලෙස හැඳින්වෙයි. බොහෝවිට මෙම ලාභාංශ එම අරමුදලෙහිම යළි ආයෝජනය කිරීම සිදුකෙරේ. වාර්ෂිකව මෙම ලාභාංශ බෙදීම සිදුකෙරෙයි.