එක් එක් අරමුදල් වල ආයෝජනය කිරීමේ ආරක්ෂිත භාවය විවිධ වෙයි.එය නිරතුරුවම ආයෝජනයේ අරමුන සමඟ බැඳී පවතී.අවධානම අවම ගනයට වැටෙන ආයෝජන සාමාන්‍ය ආයෝජන වන අතර ඒවා ද්‍රවශීලතාවයෙන් ඉහලය. කොටස්වෙළඳ පළට සම්බන්ධ ආයෝජන පිළිබඳ ආරක්ෂාකාරීත්වයක් අපේක්ෂා කළ නොහැකි අතර ආයෝජකයින් අවධානම් දැරීම ට සුදානම් විය යුතු වෙයි.
ඒකක භාර අරමුදල් වල අවධානම කුමක්ද?
සමකොටස් අරමුදල් විවෘත වෙළඳපලේ අවධානමට ලක්වෙයි.කොටස් වෙළඳපලේ මිල උච්චාවචනයන් සිදුවන එම තත්වයන්ට මුහුන දීමට සිදුවේ.මිල අඩු වනවිට අවදානමක් හිමිවනවා සේම මිල ඉහල යන විට එහි ප්රුතිලාභ ද අත්විඳිය හැකිවෙයි.
ඒකක භාරකාර අරමුදලේ වාසි මොනවාද?
ඔබේ මුදල් කළමනාකරනය කිරීම පළපුරුදු අත්දැකීම් සහිත වෘත්තිකයින් පිරිසක් විසින් සිදුකිරීම
ඔබේ මුදල් විවිධ සමාගම් විශාල ප්‍රමාණයක එකවර ආයෝජනය කෙරෙන නිසා අවධානම් දැරීමට ඇති ඉඩකඩ අඩුවීම
ඔබේ මුදල් ඉතා ද්‍රවශීලතාවයෙන් ඉහළ වීම නැතහොත් ඉක්මනින් මුදල් බවට පත්කර ගැනීමට ඇති හැකියාව
අවම අවධානමක් සහිතව ආයෝජනය කරන මුදල මද්යම හා දිගු කාලීන ආයෝජන මගින් වඩා වැඩි ප්‍රතිලාභ අත්විදීමට ඇති හැකියාව
සමස්ථ වෙළඳ පල සම්බන්ධයෙන්ම සමීක්ෂණ සිදුකරමින් ආයෝජනය කරන නිසා එම සමීක්ෂණ වියදම වීශාල පිරිසක් අතර බෙදී යාම මඟින් සමීක්ෂණ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම වීම
මනා විනිවිදභාවයකින් සහ උසස් තත්වයෙන් ඒකක භාරකාර අරමුදලේ මෙහෙයුම් සිදුකෙරෙන නිසා තොරතුරු රැසක් මත පදනම්ව ආයෝජන තීන්දු ගැනීමට ඇති හැකියාව
ඔබටම ගැලපෙන ඒකක අරමුදලක් තෝරාගැනීමට ඇති ඉඩකඩ
ආයෝජකයාගේ සුරක්ෂිත භාවය ඉලක්ක කරගනිමින් විවිධ මිනුම් ඔස්සේ වෙළඳ පල නියාමනයක් සිදුවීම
ඒකක භාරකාර අරමුදල් වල ආරක්ෂණ නැවත ලබාගත හැකි ද ?
ආරක්ෂණ නවැත ලබාගත නොහැක
ඒකක භාරකාර අරමුදලෙන් මුදල් උපයන්නේ කෙසේ ද?
ඒකක හිමිකරුවන් වෙත ආයෝජනයේ ලාභාංශ සහ ඒකක වල මිල ඉහළ යාම යන ක්රලම දෙක යටතේ මුදල් ලබාගත හැකිය.
ඒකක භාර අරමුදල් වල ආයෝජනය කිරීමෙන් බදු වාසි ලබාගත හැක්කේ කෙසේ ද?
ලාභාංශ සහ ඒකක ලාභ යන සියල්ලම බදු වලින් නිදහස් වෙයි
ඒකක භාර අරමුදලේ ආයෝජනය කළ යුත්තේ කවුද?
සෑම ආකාරකම ආයෝජකයින්ට ඒකක භාර අරමුදල විවෘත වෙයි.ඒ ඒ ආයෝජක අරමුණු සඳහා විවිධ වු අරමුදල් ඒකක භාර අරමුදල සතු වෙයි. අවධානම් දැරිය හැකි තරුණ ආයෝජකයින්ට වුව ඒකක භාර අරමුදලේ ආයෝජනය කළ හැකි අතර දිගු කාලීන ආයෝජනය තුළින් වැඩි ප්‍රතිලාභ අත් විඳිය හැකිය.එලෙස ප්‍රතිලාභ අත්විඳීමට නම් වර්ධනය වන අරමුදල් ක්‍රමයක් තෝරා ගැනීම සුදුසු වෙයි.
අවධානම් දැරීමට අකමැති වයස්ගත ආයෝජකයින් වෙනුවෙන් ස්ථාවර ආදායමක් ලැබෙන අරමුදල් ක්‍රම සතුවන අතර ඒ අතුරින් තමන්ට ගැලපෙන ආයෝජන විසඳුම තෝරා ගත හැකිය.ඒ සඳහා මාධ්‍ය කාලීන සමබර ආයෝජන ක්‍රමයක් තෝරා ගැනීම වඩා සුදුසු වෙයි. එමෙන්ම මැදි වයසේ ආයොජකයින්ට තම මුදල් ආදායම් අරමුදලේ සහ වර්ධන අරමුදලේ ආයෝජනය කළ හැකි අතර එමඟින් ආදායම් වර්ධනය සහ ප්‍රාග්ධන වර්ධනය යන ඉලක්ක දෙකම සපුරා ගත හැකිවෙයි.
කුඩා පරිමාණ ආයෝජකයින්ට ඒකක භාරකාර අරමුදල සුදුසුද?
ඒකක භාරකාර අරමුදල කුඩා පරිමාණයේ ආයෝජකයින්ට වඩා සුදුසු වෙයි. ප්‍රධානතම හේතුව වන්නේ කුඩා පරිමාණයේ ආයෝජකයින් සතුව නොමැති වෙළඳපල විශ්ලේෂන සිදු කිරීමේ පහසුකම් ඒකක භාර අරමුදල් පවත්වාගෙන යන ආයතන සතු වන නිසා එම දත්ත පිළිබඳව අවධානය යොමු කර සිය ආයෝජනයේ උපරිම ප්‍රතිඵල ලැබිය හැකිවේ.වෙළඳ පල විශ්ලේෂණ පිලිබදව කුඩා ප්රරමාණයේ ආයෝජකයින් දැනුවත් කිරීමට ඒකක භාර අරමුදල නිරන්තරයෙන් ක්‍රියා කරයි.