Fiverr කිව්වම හුගදෙනෙක් දන්නවා මොකක්ද කියලා.මේක marketplace එකක්. Buyers ලා සහ sellers ලා ඉන්න සල්ලි ආකරයක්.මේකේ හැබැයි පොඩි අව්ලකට තින්නේ අලුතෙන් එන buyer කෙනෙකුට orders ගන්න එක.ඉතින් මේ ඔක්කෝම අද ඉදන් පටන් ගන්න ෆයිවර් කුප්පි වලින් මම කියලා දෙන්නම්.
මුලින්ම ඔයා ෆයිවර් වල account එකක් open කරගන්න ඔනේ.ඒක ගැන නං කියලා දෙන්නේ නෑ පුතී.becz එහෙම එකක්වත් දන්නේ නැත්තං ඉතින් offline business එකක් කරගෙන ඉන්න එක හොදා.
Open කරගත්තු account එකේ කොනට වෙන්න තියෙනව start selling කියලා option එකක්.මේකට ගිහින් ඔයාලගේ මුලු නම සහ ඒ ඒ විස්තර හරියට පුරවන්න.නම බොරු එවා එහෙම දෙනවා නෙවේ . මොකද ඔවා ඉස්සරහට හුගක් වැදගත්.Description එකේ අවුරුදු දහයක් experience කියලා එහෙම බොරු ටිකක් දැම්මට කමක් නෑ.
ඊලගට phone no. එක දීලා verify කරගන්න.බ්ලා බ්ලා බ්ලා…
ඔය ටික ඔක්කෝම කරලා ඉවර උනාට පස්සෙ ඔයාලට GiG එකක් හදන්න එනවා. හදන්න එපා!!…
හදිස්සියට කොරොස් කටෙත් අත දාන්න බෑ කියනවා නොවෑ,ඉතිම් ඉවසීම තුලින් සාර්ථකත්ව ගොඩනගාගන්න ඕන.
කොහොමැයි මේක කොරන්නේ???
මුලින්ම බලන්න ඕන ඔයාට මොනවද පුලුවන් කියලා.Graphic designing නං පුලුවන් ඔයා ඊලගට බලන්න ඕනේ ෆයිවර් වල මට ගැලපෙන වැඩ තියෙන්නේ මොනවගේ එව්වද කියලා.graphic designerලාට නං ඉතින් හුගක්ම තියෙන්නේ logo designing වැඩ තමා.
දැන් ඒ logo designing හොද GiG ටිකක් Open කරගෙන ඒවේ දෙන features මොනවද කියලා බලන්න ඕනේ.ex-: Source file එක දෙනවද,දවසෙන් deliver කරනවද, බ්ලා බ්ලා බ්ලා..
ඔයාලා වෙනම කොලයක් අරන් ඒකේ අර බලපු Gig වල description එකේ සාරාංශයක් ලියා ගන්න.ඒකමනං ලියන්න එපා,සාරාංශයක් හොදේ.
දැන් කල්පනා කරන්න ඔයාට ඒ අයට වඩා වැඩිපුර මොනවද දෙන්න පුලුවන් කියලා!.
සාමාන්‍යයෙන් graphic designerලා නං Source fille එක දෙන්නේ 50$ ක විතර package එකක් එක්ක.ඉතින් ඔයාලට මෙව්ව මුල් කාලේ 5$ package එකට include කරන්න වෙනවා.
So ඒ ටික අර ඔයා කලින් ලිව්ව සාරාංශෙට එකතු කරන්න දැන්.
ඊලගට google කරලා හරි හොද ලොගො කීපයක් හොයා ගන්න.(වැඩිය නොදන්න ලොගෝ ටිකක් ඈ.)
ඊලගට තියෙන්නේ Gig එක පිලිවෙලට හදන එක.ඒකෙත් පොඩි වැඩ වගයක් තියේ.
Gig එක හදන POST එක ඊලගට බලාපොරොත්තු වන්න.