මම කලින් ලිපියේ පොරොන්දු උනා ෆයිවර් එකේ කොහොමද සාර්ථකව Gig එකක් දාන්නේ කියලා කියලා දෙනවා කියලා.ඒත් එකට කලියෙන් අපි හදපු profile එකේ පොඩි වැඩක් කරන්න තියෙනවා.
ඒ තමා හුගක් වෙලාවට order කරන්න කලියෙන් buyer msg එකක් දාලා විස්තර ටිකක් අහනවා.ඉතිම් මේ msg එකට විනාඩියක් හෝ තත්පර කිහිපයකින් අපිට reply කරන්න පුලුවන් නං අපේ sales අනිවා වැඩි වෙනවා.ඒත් ෆයිවර් වලටම ඇස් දෙක ඔබාගෙන ඉන්න බෑනේ.
මේකට ක්‍රම කිහිපයක් තියෙනවා.
පලවෙනි ක්‍රමේ තමා අපි SmarPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නං ඒකට fiverr application එක ඉන්ස්ටෝල් කරගන්න එක.(windows phone වලට නං නැද්ද කොහෙද)ඒත් මේ ඇප් එක සමහර වෙලාවට අපිට notification දෙන්නේ නෑ(අත්දැකීමෙන් කියන්නේ).ඒ වෙලාවට ඉතිම් කොරන්න තියෙන්නේ buyerට sorry for delay වගේ msg එකක් දාලා උගෙන් පරක්කු උනාට සමාව ඉල්ලන එක තමා
.ඒත් මේ ඔක්කොම වැඩ වලට අපේ ෆෝන් එකේ data / wifi on වෙලා තියෙන්න ඕනේ
.( I hate it
)
ඉතින් උඩ පොඩි පොඩි ප්‍රශ්න වලට විසදුම් කිහිපයක් මටම හම්බුනා .(ඒකෙත් ගැටලු නැතුවාම නොවේ )මේක fiverr වල app එකක් නං නෙවේ.
IFTTT කිව්වාම සමහරු නං දන්නවා ඇති.මේක පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ fiverr account එකට එන msg හා orders වලට පොඩි text msg එකක් අපේ ෆෝන් එකට එන විදියට හදා ගන්න.(text msg කිව්වේ smsම තමා හොදේ!
ඉස්සෙල්ලාම IFTTT වල රෙජ්ස්ටර් වෙලා ඉන්න ඕනේ
ඔතනින් ගිහින් ඊමේල් එකයි පාස්වර්ඩ් එක්කුයි ගහලා රෙජ්ස්ටර් වෙන්න.
දැන් https://ifttt.com/fiverr වලට එන්න.
ඔතන ඔයාලගේ නං CONNECT කියලා BUTTON එකක් පෙන්නාවි.ඒක ඔබලා ෆයිවර් වලින් permission Approve කරන්න.
දැන් ආයේ https://ifttt.com/fiverr වලට ආවම ඔයාලට දකින්න පුලුවන් පොඩි option වගයක් යට තියෙනවා.
ඔය option දෙක හොයාගෙන ඒ දෙක enable කරගන්න.ඔයාගේ ෆෝන් නම්බරේ දෙනකොට බින්දුව වෙනුවට +94 දෙන්න.
දැන් ඉටිම් ඔයාට ෆයිවර් වලින් එන msg හා orders ඔක්කොම වගේ sms එකකින් එනවා.!!