පේටන්ට් බලපත්‍රය හා වෙලද ලකුන සම්බන්ද වැදගත් කරුනු



ශ්‍රීලංකා තුල ලෝකයට අභියෝග කල හැකි දක්ශ නවනිපැයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටී.රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වන්නේද  නවනිපැයුම්කරුවන්ය.ඔවුන් ආර්ථිකයට අති විශාල ධන බලපෑමක් ඇති කරනු ලබයි.එම නව නිපැයුම සමාජයේ යහපත වෙනුවෙන් සත්බාවයෙන්  ව්‍යාපාරයක්  බවට පත් කරන්නේනම්,

1.රටේ විරැකියාව අවම කල හැක

2.උද්ධමනය පාලනය කල හැක

3.ආනයනය වියදම අඩු කල හැක

4.අපනයනය ආදායම වැඩි කල හැක.


බුද්ධිමය දේපල අයිතිය 


ස්වකීය නිර්මාණය පිලිබද නිර්මාණකරුට ඇති හිමිකම බුද්ධිමය දේපල අයිතිය .මෙය මානව හිමිකමක්  ලෙස පිලිගැනෙනා අතර හිමිකරුගේ අවසරයකින් තොරව මෙම අයිතිය  වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම තහනම්ය.බුද්ධිමය දේපල අයිතින් වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම තහනම්ය.


2003 අංක 36 දරණ බුද්ධිමය දේපල යටතට ගැනෙනුයේ,ස්වකීය බුද්ධිමය මෙහෙයවා කරනු ලබන නිර්මාණ වේ.


බාවිතාකරන බඩු භාණ්ඩ 

සවන් දෙන සංගීතය 

නරඹන නාට්‍ය 

තාක්ෂණ නව නිපැයුම්

වෙලදලකුන හා නාම

කලාත්මක කෘතීන්

 උදාහරණ කීපයකි.


ආරක්ෂිත බුද්ධිමය දේපල ක්ෂේත්‍ර පහත දැක්වේ.

1.ලකුණු 

2.පේටන්ට් බලපත්‍ර

3.කාර්මික සැලසුම් 

4.ප්‍රකාශන හිමිකම් 

5.සම්බන්දතා අයිතීන් 

6.භූගෝලීය දර්ශක

7.එලිදරව් නොකරන ලද තොරතුරු  අයත් වේ.


ලකුණු 

යම් නිෂ්පාදකයෙකුගේ  හෝ ව්‍යාපාරයෙකුගේ භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් නිශ්පාදයකුගේ භාණ්ඩයක් හෝ සේවා වලින් වෙන්කර ගැනීම සදහා යොදාගනු ලබන විශේෂ සලකුණ  මෙලෙස හදුන්වයි.


භාණ්ඩ සදහා වෙලදලකුන යොදාගන්නා අතර  සේවා සදහා සේවා ලකුන යොදාගනු ලබයි.

වෙලද ලකුණක් ඉහත අපේක්ෂාවන් සපුරාගැන්මට යොදාගන්නා දෘශ්‍ය මාන සලකුණකි .

එය සැබෑ හෝ කාල්පනික නාම ,අකුරු,විවිධ සලකුණ හෝ වර්ණ සංයෝජන වලින් සමන්විත විය හැකිය.


වෙලද ලකුණක අවශ්‍යතා පහත දැක්වේ.


1.භාණ්ඩයේ හා සේවාවේ සැබෑ හිමිකාරිත්වය හදුනාගැනීමට 

2.භාණ්ඩ හා සේවාවේ තත්ත්වය පෙන්නුම් කිරිමට 

3.භාණ්ඩ හා සේවාවේ මුලාශ හදුනාගැනීමට 

4.භාණ්ඩ හා සේවා වානිජකරණයට පහසුකරවීමට

5.ව්‍යාපාර කීර්ති නාමය වර්ධනයට 

6.හිමිකරුගේ භාණ්ඩ හා සේවාවන් පාරිභෝගික ආකර්ශනීයට යොමු කිරීමට.


වෙලද ලකුනක් ලියාපදිංචිය කරන්නේ මෙහෙමයි .නමුත් මතක තියාගතයුතු කරුන නම් වානිජ කටයුතු සදහා  යොදාගැනුමට වෙලද ලකුණක් ලියාපදිංචිය කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ලියාපදිංචි ලකුණක් සදහා පුලුල් නීතිමය ආරක්ෂාවක් සහතික කරනු ලබයි.


1.භාණ්ඩ හා සේවාව සදහා වූ වර්ගීකරණය ඛණ්ඩය නිවැරැදිව තෝරාගෙන ඒ අනූව යොදා  යොදාගන්නා ලකුනේ නිවරැදිතාවයක් ,එය දැනටමත් භාවිතා වන්නක්ද  වග පලමුව සොයාබැලිය යුතුය.ඒ සදහා සුලු මුදලක් අය කරනු ලබයි.

2.අනතුරුව එම ලකුණු භාවිතය පවතින නීතියට අනූව පිලිගතහැකිනම් නියමිත අයදුම්පත්‍ර  (Foam M- 01) නිවැරැදිව පුරවා එය බුද්ධිමය දේපල කාර්‍යාල ඉදිරිපත් කල යුතුය.

3.මෙයට යේදීමට අපේක්ෂිත ලකුණ  පිටපතක් ඇතුළත් විය යුතුය .

4.වර්ණ භාවිතා කරන්නේනම් එහි වර්ණ  පිටපතක්ද වර්න භාවිතා නොවන අවස්ථාවලදී කලුසුදු  චායා පිටපතක්ද විය යුතුය.

5.තවද මෙය A4 කඩදාසියක 10x10 උපරිම විශාලනයකින් යුක්ත විය යුතුය.

6.තවද එය A4 කඩදාසියේ මැදට වන්නට මුද්‍රණය කල යුතුය.

7.ලකුණ සදහා වෙනත් භාෂාවක වචන භාවිතා වන්නේනම්  ඒවායේ සිංහල ,දෙමල හා ඉංග්‍රීසි නොවන වචන දිව්රුම් පරිවර්තකයෙකු විසින් සහතික කොට ඉදිරිපත් කල යුතුය.


අයදුම් පත නිවැරදිනම් හා ලකුණ පිලිගතහැකිනම් ,ඉහත පරිවර්තනය සමගින්ම ගැසට් පත්‍රය පලකල යුතුවේ.


!.ඉන් මාස 3 ඇතුලත මෙම ලකුණ සම්බන්ද විරෝධතා සදහා ඉඩ ලැබෙනු ඇත.

!!.විරෝධතා නොමැතිනම් ලියාපදිංචිය සිදුකරනු ලබයි.

!!!.නමුත් විරෝධතා ඇතොත් ඒ සදහා පරීක්ෂණයක්  ඉල්ලා සිටීමේ හැකියාවක් පවතී.

!v.අදාල පාර්ශවයන් සමග පවත්වනුලබන පරීක්ෂණයක් අවසානයේ ලකුන පිලිගැනීම හෝ පිලිනොගැනීම තීරණය කල හැක.

v.එකගනොවේනම් අධ්‍යක්ෂ ජනරාල් තීරනයට එරෙහිව අධිකරණයට යාමට යම් පාර්ශවය කට හැකියාව පවතී.


විශේෂිත කරුනු 

1.යම් ලකුණක් වලංගුවන්නේ ලියාපදිංචිය සිට දසවසරක් පමනි.

2.සෑම දසවසරක් පාසාම එය අලුත් කිරිම සිදුකල යුතුය.නමුත් ඒ සදහා දසවසරක් පසුවූ කල එය අලුත් කරගැනීම හිමිකරු සතු වගකීමකි.

3.ඉහත සදහන් නීති උල්ලංඝනය කර ඇතිනම් ලකුණ අවලංගු කිරීම හැකියාවක් පවතින අතර  යම් දඩ මුදලකට යටත් විය යුතුය .

4.එසේ අවලංගු වූ ලකුණක් වසර 2ක් යනතුරු වෙනත් ආයතනයකට  හෝ පුද්ගලයෙක් මගින් භාවිතා කිරීම තහනම්ය .

5.තවද ලියාපදිංචි සහතිකය අස්තාන ගතවූ විට  කිසිම අයුරකින්  එය නැවත නිකුත් කරනු නොලැබේ.

6.හිමිකරු නැවත මුල් පියවරෙ සිට ලියාපදිංචිය පටිපාටිය අනුගමනය කලයුතු යුතුය.ඒ සදහා අමතර වියදමක්ද දැරිය යුතුය.


පේටන්ට් බලපත්‍රය පිලිබද 


පේටන්ට් බලපත්‍රයක්  පිලිබද ඔබ මේ වන විටත්  අසා ඇත.

පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට හැකියාව ඇත්තේ මෙතෙක් ලෝකයට අනාවරණය නොවු නවනිර්මානයන් මෙන්ම දැනට පවතින තාක්ෂණට වඩා තාක්ෂණිකව පියවරක් හෝ ඉදිරියට ගිය නිර්මාණය සදහා පමණි.


කිසිම විටෙක ආදේශන නිර්මාණ,විද්‍යාත්මක සිද්ධාන්ත,ගණිත කර්ම සදහා පේටන්ට් බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.


පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමේදි අදාල අයදුම්පත්‍ර සමගින් භාණ්ඩ පිලිබද වූ වාර්තාව පැවතීම අනිවාර්ය වේ.


එම වාර්තාව 


1.නව නිර්මාණය පිලිබද විස්තරයක් 

2.හිමිකම් ප්‍රකාශනයක්

3.නව නිර්මාණය පිලිබද සාරාංශයක් ඇතුලත්විය යුතුය .


.නව නිර්මාණය පිලිබද වැඩි  දුරටත්  

කතා කරමු.

!රෑප සටහන් උපයෝගි කරගෙන නවනිර්මාණය විස්තර කිරීම මෙහිදී සිදුවෙයි

!!දැනට පවතින තාක්ෂණයෙන් නවනිර්මාණය වෙනස්වන අයුරු පැහැදිලිව දැක්විය යුතුය.

!!!.යොදාගනු ලබන සෑම විෂයානුකූලව වාග්මාලාව පැහැදිලි පරිවර්තනය  දැක්විය යුතුය.


හිමිකම් ප්‍රකාශන

  නව නිර්මාණය ආරක්ෂා කරගත යුතු තාක්ෂණ වචනය නැගීම මෙහිදී සිදුවෙයි.

හිමිකම් කිහිපයක් ඇතිවිට ඒවා අංකනය කල යුතු වේ.


නව නිර්මාණ පිලිබද සාරංශය

1.මෙය වචන 50-100 ක් අතර සීමාවියයුතු ජේදයකි

2.අවශ්‍යනම්  රෑප සටහනක් භාවිතා කල හැක.

3.නව නිර්මාණය සරල ,සාරාංශිත විස්තරයක් ඇතුලත් විය යුතුය.


තවද මෙම වාර්තාව පැහැදිලිතාව ඉහලින්ම ආරක්ෂාව වන අයුරින් යතුරුලියනය හෝ පරිගණක මුද්‍රිත පිටපත් දෙකක් ලෙසින් ඉදිරිපත් කල යුතුය.මේ සමග ජාත්‍යන්තර පේටන්ට් පරික්ෂණ ආයතනයක් මගින් නිකුත්කරන ලද නවනිපැයුම පිලිබද පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල හැක .එසේ නැතහොත් දේශීය  පරීක්ෂයෙකුට එය පරීක්ශාකර වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.

මෙම පරීක්ෂණ වාර්තාව මගින් නවනිපැයුම  පේටන්ට් බලපත්‍ර ප්‍රදානය කලහැකි තත්ත්වය  පවතිදැයි සොයාබලනු ලබයි.


ඉන් අනතුරුව මෙම පේටන්ට් අයදුම්පත්‍ර ගැසට් පත්‍රය පලකරන අතර ඉන් මාසතුනක් ඇතුලත කිසිදු විරෝධතාවක් එල්ල නොවේනම් බලපත්‍රය නිකුත් කරනු ලැබේ.


නිසිලෙස සම්පූර්ණ කරනලද අයදුම්පත්‍රයක් සමගින් ජත්‍යන්තර පරීක්ෂණ වාර්තාව තිබේනම් ගැසට් මගින් ප්‍රකාශ කිරිමෙන් තොරවම බලපත්‍රය නිකුත් කරනු ලැබේ.


නිර්මාණ කරුවෙකුට තම ශාස්ත්‍රීය හෝ කලාත්මක කෘතී සම්බන්දව ඇති හිමිකම ප්‍රකාශන හිමිකම යන්නෙන් අදහස් කරයි.මෙය ආර්ථික අයිතීන් හා සදාචාරාත්මක අයිතීන් වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙයි.

ආර්ථික අයිතීන් මගින් හිමිකම් දරන්නාට එම කෘතීයෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව සලසා ඇත.එම හිමිකම අනූව


1.අදාල කෘතීය ප්‍රති නිශ්පාදනය

2.විකිණීම 

3.කුලියට දීම

4.බෙදාහැරීම

5.පරිවර්තනය කිරීම හා වෙනස්කම් සිදුකිරීමට හැකියවක් හිමිකම් දරන්නාට  ලැබෙනු ඇත.

6.වෙනත් අයෙකු ඒ දෙය සිදුකරයි නම් හිමිකම දරන්නාගේ අවසරය අතයාවශ්‍ය අතර එහිදී ලිබිත ගිවිසුමක් පැවතීම අනිවාර්ය වේ.


වැඩිදුර තොරතුරු සදහා 


ශ්‍රීලංකා ව්‍යවසාය  ව්‍යාපාර පර්යේෂණ  හා සංවර්ධන ආයතනය හා සම්බන්ද වන්න.


විශේෂ ස්තූතිය හිටපු පර්‍යේශණ ප්‍රධානි හා ශ්‍රීලංකා ව්‍යවසායිකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උප සභාපති

සංජය විජේරත්න මහතා හට