මේක ලියන්න හිතුනේ අද කෙනෙක් අහපු ගැටලුවකට, ඔහු ඇහුවේ මාසෙට 20000.00ක් පමණ ගන්න ක්‍රමයක් කොටස් වෙලදපලෙන්,
මම කියන්නම් මෙහෙම සමාගමක කොටස් ගන්න එකත් අපි ඉඩමක් ගන්නවා වගේ වැඩක් විදියට හිතෙනවා.
බලමු, මම මීට වසර කිහිපයකට කලින් කඩුවෙලින් ලක්ෂ 10ට ඉඩමක් ගන්නවා, ඒ ගන්නේ ටවුමට කිට්ටුව තව කාලයක් යනකොට ඒ ඉඩම ගත්ත මුදල වගේ හතර පස් ගුණයකින් විකුනන්න හිතාගෙන, 2016 දී මොකද උනේ? ගලපු ගැලිල්ලට ඉඩම් මිල පහලටම ගියා, දැන් ගත්ත ගානෙන් හතරෙන් දෙකකටවත් මට ඉඩම විකුනන්න බෑ, ඉතින් මන් දැන් ඉඩම වික්කොත් මට ලක්ෂ ගානක පාඩුවක්, මම හිතා ගන්නවා දැන්ම මේක විකුනන්නේ නැහැ, තව ටිකක් ඉන්නවා ගංවතුර මිනිස්සුන්ට අමතක වෙනකන්,
ගංවතුර ඉවර වෙලා මාස කිහිපයක් යනකොට ඔන්න ආයේ ඉඩම් මිල ලාවට ඉහල ගියා, එත් 2017 දී ගලපු ගංවතුරෙන් ආයේ වැටුන වැටිල්ලක් මෙලෝ රහක් නැහැ නිකන් දුන්නත් එපා කියන ගානට,
එතකොට දැන් මට උනේ මොකක්ද ඉඩමක් තියෙනවා හැබැයි වටින්නේ නැහැ, ඉඩමේ ඔප්පුව ගෙදර තිබ්බ කියල මට ආදායමක් එනවද? නැනේ, ඔන්න ගහක් කොලක් තිබ්බොත් මොනා හරි ගෙඩියක් දෙකක් කඩා ගන්න පුළුවන්, නැත්නම් මම පදිංචි වෙලා ඉන්න ඕන, එහෙමත් නැත්නම් විකුනන්න ඕන ඒත් එතකොට ආදායමක් එනව හැබැයි ඉඩම නැති වෙනවා,
ඒ විදියටම තමා ඔබ කොටසක් මිලදී ගත්තමත්, ඔබ කොටසක් මිලදී ගත්තම, කුමක් හෝ හේතුවක් මත එම කොටසේ වටිනාකම පහල යනවා, එත් ඔබ සතුව කොටස් තියෙනවා, මේකෙන් ලාබයක් ගන්න නම් විකුනන්නම වෙනවා, අර ඉඩමෙන් ගෙඩියක් දෙකක් ලැබෙනවා වගේ මේකෙනුත් ඉඳල හිටලා පොඩි මුලක් ලාබයක් කියල (Dividend) එවනවා, ඉතින් කවදාවත් මාසෙට මෙච්චරක් පුළුවන් කියල නම් බලාපොරොත්තු වෙන්න එපා,
ඉඩමේ වටිනාකම පහල ගියාම මට මෙහෙම කරන්න පුළුවන් නේද? මගේ ඉඩමට අල්ලපු ඉඩමත් අනිවාර්යෙන් වටින්නේ නැනේ දැන්, මම අල්ලපු ඉඩමේ අයිතිකාරයා එක්ක කතා කරලා ඒ ඉඩමත් ගන්නවා දැන් තියෙන වටිනාකමට, එතකොට මගේ ඉඩම මොකද උනේ? කලින් පර්චස් 10 නම් දැන් 10ක් ගත්ත නම් මට පර්චස් 20ක් තියෙනවා, කලින් 10 ගත්තේ ලක්ෂ 10යි නම් දැන් 10 ගත්තේ ලක්ෂ 5යි නම් මුළු පර්චස් 20ටම මට වියදම් උනේ ලක්ෂ 15යි එතකොට කලින් මගේ පර්ච් එකක වටිනාකම ලක්ෂයයි දැන් වටිනාකම කියක් වෙනවද? වැඩි වෙච්ච ගමන් විකුනන්න මගේ ගාව පර්චස් 20ක් තියෙනවා,
එතකොට මම අර ලක්ෂ 10 එකම පැත්තෙන් ඉඩම ගන්නේ නැතුව මම ගන්නවා පැති 10කින්, පැති 4කට ගංවතුර ඇවිත් 2ක් නියගේ, එත් 4ක් හොඳට තියෙනවා, ඒ 4 මට විකුනන්න පුළුවන් නේද වැඩි මුදලට?
හිතල බලන්න, මාසෙට අනිවාර්ය ගානක් අවශ්‍ය නම් රැකියාවක් කිරීම සුදුසු, කොටස් වෙළදපල ආයෝජනය තුලින්ම ජිවත් වෙන්න නම් ඔබට මට දැන්ම පුළුවන් වේවි කියල නම් හිතන්න අමාරුයි, මම දැන් ODEL කියන ඉඩම පර්චස් එක ගානේ එකතු කරනවා රු.26ට අඩුවෙන්, ඉලක්කය එකෙන් අක්කරයක් විතර එකතු කරගන්න 2020 වෙනකොට, මොකද මම UBC කියන ඉඩමත් එකතු කරලා තියෙන්නේ, ඒ ඉඩම මාස 4කට පස්සේ අද පොඩ්ඩක් උඩට ආව, එත් තියෙන්නේ මම ගත්ත ගානට වඩා අඩුවෙන්,
ඔක්කොම කියෙව්වා නම් අඩුම තරමින් තිතක් හරි තියාගෙන යමු නේ
--copied --