මෑත කාලෙක රොබට් ටී කවසාකි Robert T. Kiyosaki කියල මානව සමාජ විද්‍යාඳයෙක් The Cash flow Quadrant නමැති පොතක් ලියා පළ කළා. මේ පොතේ තියෙන වැදගත්කම තමයි ඔහු මේ පොතෙන් මේ ලෝකෙ මුදල් සැරිසැරීම පිළිබදව විෂමතාවක් තියෙන්නෙ ඇයි කියන එක ගැනයි කතා කළේ. අපිට තේරෙන සරල ම භාෂාවෙන් කියනව නම් සමහරන්ට ඕන තරම් සල්ලි තියෙනවා. ඒත් සමහරුන්ට නෑ. ඒ ඇයි කියලයි ඔහු හොයල බැලූවේ. මෙම පර්යේෂණයේදී ඉතා ම වැදගත් කාරණා කිහිපයක් ඉස්මතු වුණා. අද අපි කතාකරන්න යන්නෙ අන්න ඒ ගැනයි. දියුණුවෙන්න කියල හිතාගෙන ඉන්න හැමෝටම මේ කරුණු ටික බොහොම වැදගත්.
අපි හැමෝට ම මේ ජීවිතයේ ඉතා ම වැදගත් කාරණා දෙකක් තියෙනවා
01-මුදල් පිළිබද නිදහස
ඇත්තටම මොකක්ද මේ මුදල් පිළිබ`ද නිදහස කියන්නේ. සරලවම කිව්වොත් අපිට යමක් අවශ්‍යයි නම් එයට යොදවන්නට මුදල් අපි ළ`ග තියෙනවද කියන එකයි මුදල් පිළිබ`ද නිදහස කියන්නේ. මේ ලෝකෙ ඉතාමත්ම සීමිත පිරිසකට හැර අන් සියලූ දෙනාට ම මේ මුදල් පිළිබ`ද නිදහස නෑ. උදාහරණයක් වශයෙන් දැන් ජපානයට ගිහින් එන්න ඔන. ඔයා ළ`ග සල්ලි තියෙනවද? කියල ඇහුවොත් ‘ඔව්’ කියල උත්තර දෙන්න පුලූවන් කීයෙන් කී දෙනාට ද.
මේ නිසා ම අපි අපේ අවශ්‍යතා සීමා කරගැනීම තමයි කරන්නේ. අපිට මුදල් ගැන ගැටලූ තියෙන නිසා ජපානයට යාම කොළඹට යාමෙන් අපි නතර කරගන්නවා. Five Star Hotel එකකින් ? කෑම ගන්න තියෙන ආසාව අත්හැරලා සාමාන්‍ය Hotel එකකින් කෑම අරන් එනවා. මෙහෙම තමයි අපි හැමදාම කරන්නේ.
02-කාලය පිළිබ`ද නිදහස
මේ කාරණයත් බොහොම වැදගත්. අපේ ජීවිත වලට වුවමනාවටත් වැඩි තරමට මුදල් තියෙන අය මේ ලෝකෙ ඉන්නවා. හැබැයි ඒ අයට කාලය පිළිබ`ද නිදහස නෑ. බොහෝ දුරට මේ අය උදේ 4-5 ඉ`දන් ? 11-12 වෙනතුරු ත් වැඩ. ගෙදර යන්න-කෑම කන්න-ගමනක් බිමනක් යන්න පමණක් නෙමෙයි නිදාගන්න වත් කාලයක් නෑ. දැන් ජපානයට ගිහින් එන්න යමු ද? කියල ඇහුවොත් ඇත්තටම ජපානයට හතර පස් වතාවක් ගිහින් එන්න මුදල් මේ අය ළ`ග තියෙන්න පුලූවන්. හැබැයි ඒ අයට කාලය හරි අඩුයි. ඇත්තම කියනව නම් ඇත්තේ ම නෑ.
මේ අනුව කල්පනා කරනකොට මේ ලෝකෙ මුදල් ඉපයීම අනුව පුද්ගලයින් හතර දෙනෙක් (04) සිටින බව කිව හැකියි.
01-මුදල් නැති කාලය ඇති (Have Time No Money)
02-මුදල් ඇති කාලය නැති (Have Money No Time)
03-මුදල් නැති කාලය නැති (No Money No time)
04-මුදල් ඇති කාලය ඇති (Have Money Have Time)
මේ අනුව මුදල් පිළිබ`ද නිදහස හා කිලය පිළිබ`ද නිදහස ඇතිකරගැනීම අපේ ජීවිතවල සාර්ථකත්ත්වය ස`දහා ඉතා වැදගත් බව පැහැදිළියි.
දැන් අපි කියල දෙන්න යන්නේ මුදල් ඇති කාලය ද ඇති (Have Money Have Time) අයෙකු බවට පත්වෙන්නේ කොහොමද කියන එක ගැනයි....
...................................................................................................................................................
ඇත්තටම මුදල් උපයන්න මේ ලෝකෙ තියෙන්නෙ ක‍්‍රම හතරයි කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? නමුත් ඒක ඇත්ත. මේ තමයි ඒ ක‍්‍රම හතර
Employer - රැකියාවක් කරන තැනැත්තා (වෘත්තිකයා)
යම් ආයතනයක් (රාජ්‍ය/පෞද්ගලික) හෝ පුද්ගලයෙකු වෙත සේවාවක් ලබා දී වැටුපක් ලැබීම මෙයින් අදහස් වෙනවා. සරලව කිව්වොත් කවුරු හරි යටතේ වැඩ කොට, සේවයක් සලසා දී එම සේවයට සරිලන වැටුපක් ලබාගැනීම Employer හෙවත් වෘත්තිකයාගේ මුදල් ඉපයීමේ මාර්ගයයි. ලෝකයේ අති බහුතරය තම මුදල් ඉපයීමේ මාර්ගය ලෙස භාවිත කරනුයේ මෙසේ සේවාවක් වෙනුවෙන් වැටුපක් ලැබීමයි. මෙහිදී අදාළ පුද්ගලයා හට පැයක් ස`දහා ගෙවන මුදලක් නිශ්චය වන අතර මාසිකව/අර්ධ මාසිකව/සතිපතා හෝ දිනපතා වැටුප් ලබා ගැනීමේ ක‍්‍රමවේද භාවිත වෙනවා.
කාලය පිළිබ`ද නිදහස මෙන්ම මුදල් පිළිබ`ද නිදහස යන දෙක ම අහිමි තැනැත්තා ලෙස Employer දැකිය හැකියි. උදාහරණයක් වශයෙන් ඔහුගේ මුදල් ලැබීම පිළිබ`දව සලකා බැලූවහොත් ඔහුගේ පැයක වටිනාකම රු.200/- ක් නම් ඔහුට දිනකට සේවය කළ හැකි පැය ගණන 08ක් නම් ඔහුගේ එක් දිනෙක ආදායම රු.1600/-ක් වන අතර මාසික ආදායම රු.48000කි. ඔහුට මෙම මුදල වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඔහු අතිරේක කාලයක් වැඩ කළ යුතු වන අතර දිනකට අතිරේක පැය 04 බැගින් රැකියාව කළේ නම් ඔහුගේ ආදායම රු.72000/-ක් වනු ඇත.
එහෙත් ඔහුට මීට වඩා ඔහුගේ ආදායම වැඩි කරගත හැකි ද? හැකි වන්නේ නම් ඒ ඉතා සුළු ප‍්‍රමාණයකිනි. වැඩි කරගත්තේ නමුදු ඔහුගේ සියලූ කාලය ඔහුට ඒ ස`දහා යෙදවීමට සිදුවනු ඇත.
Self Employer - තමන්ගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා
ලොව බොහෝ දෙනෙකු තම මුදල් ඉපයීමේ මාර්ගය ලෙස තමන්ගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යාම භාවිත කරනවා. මෙහි විශේෂත්ත්වය වනුයේ අදාළ ව්‍යාපාරයෙහි පැවැත්ම එහි අයිතිකරු අත පැවතීමයි. එනම් ඔහු නොමැතිව ව්‍යාපාරයට පැවැත්මක් නැත. උදාහරණයක් වශයෙන් සිල්ලර වෙළ`ද සැලක් පවත්වාගෙන යන මහත්මයෙකු ගතහොත් එම ව්‍යාපාරයට අදාළ සියලූ තීරණ ගැනීම, බඩු ගැනීම-විකිණීම ආදී සියලූ කටයුතු ඔහුගේ අතින් සිදුවන අතර ඇතැම් විට සහායකයන්ගේ උදව් ලබාගත්තද ව්‍යාපාරයෙහි අයිතිකරුගේ නිරන්තර අධීක්‍ණය යටතේ ව්‍යාපාරය ඉදිරියට ගමන් කරයි. ඔහුට ව්‍යාපාරය දමා යාමට නොහැකි වන අතර ඔහු නොමැති විට සියලූ කටයුතු අඩාල වේ.
Self Employer හට බොහෝ විට මුදල් පිළිබ`ද ගැටලූවක් ඇති නොවන්නේ නමුදු කාලය පිළිබ`දව බරපතල ගැටලූවක් පවතී. මොවුන් බොහෝ විට උදැසනින් ම ව්‍යාපාරයෙහි කටයුතු ආරම්භ කරති. රාත‍්‍රිය වන තුරු ව්‍යාපාර කටයුතු වල යෙදෙති. මේ නිසා අතිරේක කටයුතු, ගමන්බිමන්, දරුවන්ගේ කටයුතු, විනෝද කටයුතු ආදී බොහෝ දැ මොවුන් වෙතින් ගිලිහී යනු දැකිය හැකි ය.
Business Owner - ව්‍යාපාර හිමිකරුවන්
ලොව බොහෝ දෙනෙක් මුදල් ඉපයීමේ මාර්ග ලෙස දකින්නේ ඉහත ක‍්‍රම දෙක විතරයි. ඒ හැමෝම කියන්නෙ එක්කෝ හො`ද ජොබ් එකක් හොයාගන්න ඕන. නැත්නම් තමන්ගේ කියල බිස්නස් එකක් කරන්න ඕන කියලයි. හැබැයි මෙහෙම හිතන අය අතරින් ඉතා සුළුතරයක් ඊට වඩා ටිකක් වෙනස් විදියට හිතන්න අරන් තියෙනවා. ඒ අය තමයි අද විශාල ව්‍යාපාරයන්හි හිමිකරුවන්. ඒ හැමෝමත් ජීවිතය ආරම්භ කළේ අපි වගේ ම යි. හැබැයි හිතල තියෙන විදිය ටිකක් වෙනස්. ඔවුන්ට අද ඕනෑ තරම් මුදල් තියෙනවා. ඒ වගේම ඕනෑ තරම් කාලයත් තියෙනවා.
ඔවුන් අපිට වඩා වෙනස් වුණේ කොහොමද කියල ඔබ හිතනවා ඇති. මේ කියන්න යන්නෙ ඒ ගැන...
මේ ලෝකෙ මුදල් උපයන්නන් භාවිත කරන න්‍යායයන් දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි ඉහත දක්වා තිබෙන හූනාගේ න්‍යාය. මොහුට ආහාර අවශ්‍ය වන දඩයමේ යනවා. සතෙකු අල්ලා ගන්නවා. ආහාරයට ගන්නවා. එතැනින් ඉවරයි. මේ නිසා ම මොහුට කුසගිණි වන සෑම විටෙක ම ඔහු දඩයමේ යා යුතුයි. කෙසේ හෝ සතෙකු අල්ලා ගත යුතුයි. ඒ තමයි ඔහුගේ ජීවත්වීමේ න්‍යාය. මොහු එතැනින් ඉදිරියට කිසිවක් කරන්නේ නෑ. ඔහුගේ දරුවන්ටත් කියා දෙන එක ම පාඩම සතෙකු ගොදුරු කරගන්නා ආකාරය පමණයි.
මෙම න්‍යායට අනුව මුදල් ඉපයීමත් මෙයට සමානයි. අපට සෑම දිනෙක ම වියදම් පැමිණෙනවා. ඒ නිසා සෑම දිනෙක ම අපි උපයනවා. ඉපයීම- වියදම් කිරීම. මෙය තමයි පළමු න්‍යාය. හැබැයි උපයන්න බැරි උණොත් වියදම? මේක තමයි ගැටලූව.
ඔබට මොනවද හිතෙන්නේ. මේ තමයි දෙවන න්‍යාය. මුදල් ඉපයෙන ක‍්‍රමවේදයක් (System එකක් හදන එක. මේකට අපි කියන්නේ මකුළුවාගේ න්‍යාය කියලා. මුල ටිකක් අමාරුයි. මකුළුවට උණත් පණ දාගෙන දැලක් වියද්දි කොච්චර නම් දේවල් ඇහෙනව ඇද්ද. ‘ ඕව කරල කාටද හරි ගියේ’, ‘ෂුවර් ද ඔය වැඬේ හරියයි කියලා’ ‘දැල හයිය ඇති වෙයි ද?’ තව බොහෝ දේවල් ළ`ගපාතින් යන එන අය අහනව ඇති. ඒත් මකුළුවා කොහොම හරි දැල වියාගන්නවා. දැන් කොහොම ද? ආදායම් ඕන තරම්. ඕන නම් කෑ හැකි. බැරි නම් නිදාගත හැකි. ඕන ගමනක් යා හැකි. ඔබට හිතුණද ඒ ජීවිතේ කොච්චර සැහැල්ලූ ද කියල.
අපේ මුදල් ඉපයීමේ මාර්ගයත් මේ වගේ වෙන්න ඕන.
අද ධන කුවේරයන් විදියට අපි දකින ව්‍යාපාර හිමිකරුවන් හැමෝම මහන්සි උණේ සල්ලි හොයන්න නෙමෙයි. මුදල් එන System එකක් හදන්නයි එයාල ජීවිත කාලයම යෙදෙව්වෙ. පේව්මන්ට් එකේ මේස් බැනියම් විකුණපු, කවුරුවත් ගණන් නොගත්ත නිකම්ම නිකම් මුදලාලි දවසක මහා ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙයි කියල කව්රුවත් හිතන්න නැතුව ඇති. නවලෝක ගෲප්ස් අධිපතිතුමා (අභාවප‍්‍රාප්ත) තමයි ඔහු. ඔහු නැතත් ඔහුගේ ව්‍යාපාරය තවමත් ඔහුගේ බිරි`ද, දරුවන් වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් කිසිවක් පිළිබ`දව සොයා නොබැලූවත් කළමණාකරුවන් විසින් නියම පරිදි ආයතනය ගෙනයනවා. එය තමයි මුදල් ලැබෙන System එකක ස්වභාවය. නිකම්ම තෙල් බෙහෙත් විකුණපු වෙදමහත්මයා දවසක විශාල කර්මාන්තයක අයිතිකරු වේවි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒත් ඔහු ඒ ගමන ගියා. ඒ තමයි සිද්ධාලේප වෙදමහත්මයා. තව නම් බොහොමයි. ඒ වගේම වැඩ ත් බොහොමයි. ඒ හැමෝම වෙනසක් කළ අය. එක ම වෙනස නම් ඔවුන් අනිත් අයට වඩා වෙනස් විදියට හිතුවා. ඒ අනුව වැඩ කළා. එච්චරයි.
මෙතෙක් ඔබ නොලද දෙයක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ මෙතෙක් නොකළ දෙයක් කළ යුතුයි
ව්‍යාපාර හිමිකරුවෙකු වීම එතරම් පහසු ගමනක් නොවෙයි. මෙයින් පසුව මම පැහැදිළි කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව ඇතැම් විට ඔබ ඒ අරමුණෙන් ඈත් කරාවි. මේ ක‍්‍රමය ඊට වඩා හො`ද යැයි සිතේවි. නමුත් ඔබ ඒ අරමුණ අත් නොහැරිය යුතුයි... මන්ද යත් නව ව්‍යාපාර බිහි කරන්නා ලොවට සම්පතක් වන බැවිනි.
කාලය හා මුදල් පිළිබ`ද නිදහස මීට වඩා පහසුවෙන් ඇති කරගන්න ඔබ කැමති ඇති. ඔන්න අපි ඒ ගැනත් කියල දෙන්නයි යන්නේ
ව්‍යාපාර හිමිකරුවෙක් වනතුරු අපි හිටියත් නැතත් මුදල් එන ක‍්‍රමයක්. බැලූවත් නැතත් මුදල් එන ක‍්‍රමයක්. වැඩ කළත් නැතත් මුදල් එන ක‍්‍රමයක් ඔබට අවශ්‍ය ඇති. ඒ ක‍්‍රමයට කියන්නෙ මුදල් ඉපයීම පිළිබ`ද සුපිරි රහස කියලා. වෙන කවුරුවත් නෙමෙයි. Investor ගැනයි මම මේ කියන්න යන්නේ.
ඔහුගේ මුදල් ඔහු වෙනුවෙන් වැඩ කිරීමයි එම නිදහසට හේතුව. දැනට ලෝකයේ ධන කුවේරයන් පිළිබ`දව සලකා බැලූවහොත් ඔවුන් හැම දෙනාම වැටෙනුයේ සුපිරි ආයෝජකයින්ගේ ගණයට. සුප‍්‍රසිද්ධ වොරන් බෆට් ඉන් එක් අයෙක්. ආරම්භයේ දී ස`දහන් කළ රොබට් කවසාකි තවත් අයෙක්. නම් වශයෙන් ස`දහන් කළොත් තව බොහොමයක් ඉන්නවා. ඔවුන්ට මේ මුළු ලෝකය ම වෙනස් කළ හැකියි. අවශ්‍ය වනුයේ එක් Trade එකක් පමණි.
‘වැඩ කිරීම පිණිස අන් සියල්ලෝ කාර්යාලයට යද්දී මුදල් ගණන් කිරීම ස`දහා මම කාර්යාලයට යමි’
මේ සුප‍්‍රසිද්ධ ආයෝජකයෙකුගේ කියමනකි. සුපිරි හෝටලයක නතර වී විවේකයෙන් සිටිනා අතරතුර දිගහැරගත් පරිගණකයක්, අයි පෑඞ් එකක්, අයි ෆෝන් එකක් තුළින් යොදනු ලබන ආයෝජනයෙන් ලබන මුදලින් සියලූ බිල් ගෙවා පිටවී යන තරමට ඔවුත්ගේ ජීවිත සරල ය, සැහැල්ලූ ය. ලොව මුල් පෙළේ සමාගම්හි අයිතිකරුවෝ ඔවුහු ය. ලොව දැනැන්ත ව්‍යාපාරයන් හි සුපිරි ශක්තිය ඔවුහු ය. රටක ආර්ථිකය, දේශපාලනය හසුරුවන අදෘෂ්‍යමාන හස්තය ඔවුහු ය. සැබැවින් ම මේ මුළු ලොව ම ඔවුහු ය.
ආයොජනයෙහි ප‍්‍රභාවෙන් එක් දිනක් තුළදී ඔවුන් වෙත ගලා එන ධනස්කන්ධය අපමණ ය. ඒ ධනස්කන්ධය වෙනුවෙන් ඔවුහු කිසිදු වෙර වීරියක් නොගනිති. ඔවුන්ගේ මුදල් ම ඔවුන් වෙනුවෙන් වැඩ කරති. ධන සම්පත් ගෙන දෙවති.
------------------------------------------------------------------------------------------------------------
Investor කියන කෙනා කාරණා කිහිපයක් නිසා Business Owner ගෙන් වෙනස් වෙනවා. ඇත්තම කිව්වොත් Investor කෙනෙකුගෙ Role එක Business Owner ට වඩා ටිකක් Advanced. ව්‍යාපාර හිමිකරුවෙක් සමාගම් එකක් හෝ දෙකක හිමිකරු ලෙස කටයුතු කරද්දී ආයෝජකයෙක් සමාගම් බොහොමයක හිමිකරුවෙකු බවට පත් වෙනවා. ඒ වගේම බොහෝ විට සමාගම් හිමිකරුවන්ට තම ව්‍යාපාර පුළුල් කිරීම ස`දහා අනිවාර්යයෙන් ම ආයෝජකයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. මේ නිසා ආයෝජකයෙකුගේ කාර්යභාරය අනිත් හැම දේකටම වැඩිය ඉතා වැදගත්.
හො`ද ආයෝජකයෙක් වෙන එකත් ඉතා ඉක්මනින් සිදුවෙන දෙයක් නෙමෙයි. අවුරුදු ගණනාවක් ක්‍ෂෙත‍්‍රයෙහි වැඩකටයුතු පිළිබ`ද අවබෝධයක් තිබීම ආයෝජකයෙකුට ඉතා වැදගත්. අපි හො`දින් ම දන්න වොරන් බෆට් ආයෝජනයට නැඹුරු වුණේ අවුරුදු 13 දී. එත් අද ඔහු කියන්නෙත් මීට කලින් ආයෝජනයට නැඹුරු වුණා නම් කොච්චර හො`දද කියලයි. නමුත් අන් හැම ක්‍ෂේත‍්‍රයකට ම වැඩිය ආයෝජකයෙකු වශයෙන් ඉදිරියට ඒම වගේම හො`ද දියුණුවක් ඇති කරගැනීමත් පහසුයි. අද වැඩ පටන්ගන්න අයට උණත් ඉතා කෙටි කාලයකින් හො`ද ආදායම් ඇති හා නොවරදින ආයෝජන ඇති තත්ත්වයකට පැමිණෙන්න පුලූවන්. ආයෝජනයෙහි යෙදෙන අතරතුර තව තවත් දැනුම පුළුල් කරගන්න උත්සාහ කරනවා නම් වැඬේ තවත් ඉක්මන්. ආයෝජනය පිළිබ`ද ඉගෙනීමට ඇති පහසුකම් ඉතාමත්ම දියුණු රටක ඉන්න අපිට මේ වැඬේ කොහොමත් ලේසියි.