𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗺𝗼𝗻𝗲𝘁𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻 නිළ වශයෙන් ලංකාවට 🇱🇰

YouTube channel එකක් කරන සහ කරන්න ඉන්න අයට සුභ ආරංචියක් තියෙනවා. ඔන්න YouTube monetization නිළ වශයෙන් ලංකාවට නිකුත් කරන්න Google සමාගම තීරණය කරලා තියෙනවා. මේකේ Earnings වෙනස් වෙයිද? මේ එක්ක මොන විදිහේ Policies අලුත් වෙයිද වෙනස් වෙයිද කියලා කියන්න දැන්ම ඉක්මන් වැඩීයි. තකහනියක් ගිහින් channel එකේ රට වෙනස් කරන්න කලින් ටිකක් ඉඳලා research එකක් එහෙම කරලා වැඩේ කරන්න කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. කොහොම වුනත් මේ පහුගිය දවස් ටිකේම google සමාගම එයාලගේ YT Platform එකේ කරන සහ කරනන යන දේවල් බොහොමයක් ගැන විවිධ ආරංචි අන්තර්ජාලයේ පැතිරුනා. Monetization on කරලා නැතත් ඒ video වල දැන්වීම් පෙන්වන එක වගේ තීරණ දැනට නිළ වශයෙන් ම සනාත වුණ දේවල්. මීට අමතරව ඉදිරියේදී monetization ඕන කරන්න ඕනේ කරන මූලික සුදුසුකම් එහෙම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. YT කරන කට්ටිය ඒ ගැන අවධානයෙන් හිටියොත් ගොඩක් හොඳයි. ජය ✌ චානුක නඳුන්