මේක ගැන ගේන දෙවනි පොස්ට් එක. පලවනි Post එක මෙකෙන් බලන්න.
ඔයාගේ Fiverr Gig එක Search List එකේ පළමු පිටුවට ගෙන එන්න සුපිරිම Tips and Tricks.
1) Get Your First Order Asap
2) On Page SEO for your Gig
3) Make Trustworthy clients
4) Increase your conversion rate
5) Stay online 24/7
6) Become a higher level seller
7) Promote Your Gigs in Social media
2) On Page SEO for your Gig
ම්ම්ම්….මේකනම් ෆයිවර් කරන 95% දෙනා නොදන්න සහ නොකරන දෙයක්. ඔයාලා දැන් බලනවා ඇති මොකක්ද මේ SEO කියන්නේ කියලා.
ඉතින් මෙන්න මේ වෙබ් අඩවියකට අදාලව කරන SEO මූලික සිද්ධාන්ත තමා අපි අපේ Fiver GIG එක SEO කරන්න යද්දිත් යොදා ගන්නේ.
මෙතනදි අපි keywords එහෙමත් search terms විදියට සලකන්නේ buyer කෙනෙක්ට ඔයාගේ ගිග් එක පෙන්නුම් කිරීමට සදහා ඔහු Fiverr වල search කරන වචනයි. සරලවම කීවොත් මොනවගේ දේවල් search කරන අයටද ඔයාගෙ ගිග් එක පෙන්නුම් කරන්න ඕනෙ කියන එකයි. මේ ගැන සලකා බලලා ඔයාට පුලුවන් මේ වගේ Keyword List එකක්ම හදාගන්න.
මේ ගැන තවත් පැහැදිලි කරොත් ඔයාලා දැකලා ඇති Logo Design කියලා අපි fiverr එකේ search කරන්න යද්දි ඒ ගමන්ම තවත් search terms සෙට් එකක්ම පහලින් auto suggest වෙනවා. ඒ තමා Logo design වලටම සම්බන්ධව වෙනත් අය බහුලවම සොයන වචන. ඔයා Logo Design කරන කෙනෙක් නම් මේ සියලුම වචන තමා ඔයාගෙ ගිග් එක පෙන්නුම් කිරීමට අදාල ඒවා විදියට ඔයා ඔයාගෙ keyword list එකට ඇතුලත් කරගන්න ඕනෙ ඒවා. මේ වගේ වචන List එකක් මුලින් අපි හදාගෙන ඒවගෙන් හොදම හා ලේසියෙන්ම මුල් තැනට ගෙන එන්න පුලුවන් ඒවා තෝරාගෙන ඒවට අදාලව තමා අපි ගිග් එක seo කරන්නෙ.
ඔයා දැන් මුලින් හදාගත්ත Keyword List එකට අදාලව වෙන වෙනම Analyse එකක් කරල බලන්න ඕනෙ. එතනදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි මොනවගේ sellers ලද අදාල search term වලට මුල්ම පිටුවේ ඉන්නෙ කියලා. ඒ ගිග් වල එයාලා මොනවද දාලා තියෙන්නෙත් බලන්න. ඒවා ඔයාගෙ ගිග් එක හදද්දිත් වැදගත් වේවි. ඒ වගේම මේ ඔයාගෙ ෆීල්ඩ් එකේම අයගෙ ගිග් වල යටටම ගිහින් බැලුවොත් ඔයාට හදුනාගන්න පුලුවන් වෙයි මෙයාලා මොනවගේ Tags ද යොදාගෙන තියෙන්නේ කියලත්. මේකෙන්ම ඔයාගෙ Keyword List එකට අනිවා තව තවත් අදහස් ලැබේවි.
Search කරන keywords වලට අදාලව මුල් තැන් අරන් ඉන්නෙ Top Rated sellers එහෙමත් නැතිනම් Level two sellers ලා නම් ඔයාගෙ තරගෙ අමාරු වෙනවා. මෙතනදි තර්ගකාරීත්වය අඩුම Keywords 5ක් අපි මුලින් තෝරාගන්න ඕනෙ. ඒ 5 නුත් අපි හොදම තර්ගකාරිත්වයට ගේන්න පුලුවන් Keyword එකට අදාලව තමා අපේ ගිග් එකේ හැම දෙයක්ම කරන්නේ.
මම මෙතනදි එක් ප්‍රධාන Tag එකක් අරන් ඒ සදහා ඔයාගෙ ගිග් එක සකස් කරන ආකාරය ගැන කියල දෙන්නම්. මගේ ප්‍රධාන ටැග් එක තමයි: ‘Social Media Cover Design’
Add Keyword into title
දැන් උඩින් කීව ටැග් එක එහෙමත් නැතිනම් කීවර්ඩ් එකට අදාලව ඔයාගෙ ගිග් Title එක මෙන්න මේ විදියට තමා සැකසෙන්න ඕනෙ; ‘I will do Social Media Cover Design for You for 10$’
ඔයාට පේනව ඇති Title එකේ අදාල වචනය අන්තර්ගත කරලා තියෙන විදිය. මේ ව්දියටම ඕනෙ නෑ. අනිවාරයෙයෙන්ම වෙන්න ඕනෙ දේ තමා ඔයාගෙ වැඩේට අදාල ප්‍රධාන වචනය අදාල ටයිට්ල් එක තුළ අන්තර්ගත කිරීම. හැබැයි මතක තියාගන්න ඔයාගෙ Title එක ඉතාම ආකර්ෂණීය එකක් කර ගැනීම ඉතා වැදගත් කියලා. මේක මත තමා තීරණය වෙන්නෙ Client කෙනෙක් ඔයාගෙ Gig වෙත යනවද නැතිද කියලා,
Add Keyword to Description
ඔයාට ෆයිවර් එකේ ගොඩක් ලොකු සාර්ථකත්වයක් ලබන්න නම් හොද description එකක් සකසා ගැනීම ඉතා වැදගත්. එතනදි ඔයාගෙ වැඩේ ගැන සම්පූර්ණ කෙටි සංක්ෂිප්තයක් ඉදිරිපත් කරන්න වෙනවා. මේක ආකර්ෂණීය වීම මත තමා ඔයාගෙ Client කෙනෙක්ට ඔයාව Hire කරන්න හෝ නොකරන්න සිතෙන්නේ. හොද description එකක් එක්කම ඔයා කරන්න ඕනෙ දෙයක් තමා ඔයාගෙ ප්‍රධාන Keyword එක හා අනෙක් Keyword මේක අස්සට බස්සන එක. මේක ඉතාම සූක්ෂමව කරන්න ඕනෙ description එකේ quality එකට හානියක් නොවෙන විදියට. අපි අර කලින් ගත්ත Social Media Cover Design කියන වචනය මේක අස්සට බස්සනව නම් කරන්න ඕනෙ Description එකේ මුල්ම වාක්‍ය කීපයේ, නැවත මැද හරියේ හා අවසාන හරියේ මේ වචනය අන්තර්ගත කරන එක. වැඩිය දාන්න ගියොත් හැමදේම අවුල් වෙන්න පුලුවන්. ඒ නිසා මේ වැඩේ කල්පනාකාරිව කරන්න ඕනෙ. හැබැයි කිසිමවෙලාවක තුන් වතාවකට වඩා ඇතුල් කරන්න යන්න එපා. ඒක හානිදායකයි කියලාත් මතක තියාගන්න.
Add right Keywords to Tags
ඔන්න මම කලින් කීව නේද Keyword List එකක් හදාගෙන ඒවගෙන් හොදම 5ක් තෝරාගන්න කියලා, මෙන්න මෙතන්දි ගිග් එකේ පහලම Tags වලදී ඔයාලට ඒ වචන 5 අන්තර්ගත කරන්න පුලුවන්. අන්න ඒකයි මම ඒ ගැන හොදට හොයලා බලන්න කීවේ. Tags 5 කට වඩා ඇතුලත් කරන්න බැරි බවත් මතක තියාගන්න. Tags වලින් තමා ඔයාව client ලට නිරාවරණය වීම වෙන්නෙ.
Keyword also appear in the url
ඔයාගෙ ගිග් එකේ url එක සැකසීම තීරණය වෙන්නෙ ඔයාගෙ Title එකට අදාලවයි. ඔයා ඔයාගෙ Title එක නිවැරදිව ඇතුලත් කලොත් මෙන්න මේ url එක සැකසෙන්නෙ ඒ සදහා යොදාගත්තු වචන අනුසාරයෙන්. දැන් අපි social media cover design කියන එක මේ ටයිට්ල් එකට දාපු නිසා ගිග් url එකේ ඒ වචනයත් අනිවා අන්තරගත වීම automatically ම සිද්ධ වෙනවා. මේකත් ඔයාගෙ ගිග් එක අදාල keyword එකෙන් ඉහලින්ම පෙන්නුම් කරන්න ලොකු බලපෑමක් කරන දෙයක්.
Image Optimization with Keywords
ඔයාලට පුලුවන් ගිග් වලට අදාලව Images එකතු කරන විට ඒවයේ නම් වලට අපි ඉහතදි තෝරගත්තු Keywords ඇතුලත් කරන්න. මේක හැබැයි කරන්න ඕනෙ Computer එකෙන් අදාල pictures සකසා ගන්න කොටමයි. හැබැයි Image Names ගොඩක් දිගට ඇතුලත් කරන්න යන්න එපා. වචන 3-4 ක් උපරිම ඇති. මේකත් gig seo වලදි වැදගත් වෙන සුපිරිම tip එකක්.
3) Make Trustworthy clients
උඩින් මම කියපු වැඩ ටික හරියට වුනානම් දැන් ඔයාට 70% විතර චාන්ස් එකක් තියෙනවා ඕඩර් එකක් ලැබීමට. ඒකට හේතුව තමයි, Fake order හරියට කරලා තියෙන නිසා 5 star ratings වගේම හොද postive review ඔයාට තිබීමත් Gig එකට අදාල title, description, tags වගේ දේවල් හරියටම තිබීම. මේ කිසිවක් නොකර buyer request දිනපතා බලලා හරියටම දානවනම් ඔඩර් 2-3ක් වත් අනිවා සෙට් කරගන්න පුලුවන්. ඕඩර් සෙට් වුනාට වැඩක් නෑ ඔයා ඒවා හරියට කලේ නැතිවුනොත්. හදිසියේ වත් ඔයාගෙ වැඩේ ගැන client සතුටු නොවී negative feedback එකක් එහෙම දුන්නොත් ඔයාට ආයෙ ලේසියෙන් නම් Fiverr first page එකට තියා ඕඩර් එකක් වත් නම් ආයෙ ගන්න ලැබෙන්නෙ නෑ. මේ නිසා ලැබෙන වැඩේ client එක්ක හොදට කතා කරලා ගානට වෙලාවට හොදට කරන්න ඕනෙ. එයාට ඔයාගෙ වැඩේ ගැන satis වෙලා 5 star rating එක්ක හොද review එකක් ආවා කියන්නේ ඔයාගෙ වැඩේ හරි. මේක එයා ඔයාට තවත් ඕඩර් දෙන්න බලපානවා වගේම Fiverr search rank එක උඩට යන්නත් ලොකුවටම බලපානවා. මේ වගේ නැවත නැවත ඕඩර් ඔයාටම දෙන විශ්වාසවන්ත client ලා සිටීම ඔයාගෙ ගිග් එක අර කීව Keyword වල උඩට එන්න අනිවා බලපානවා. ඒ නිසා ආයෙත් කියන්නේ ලැබෙන වැඩේ උපරිම හොදට කරන්න.
4) Increase your conversion rate
සාමාන්‍යයෙන් buyer කෙනෙක් එහෙමත් නැතිනම් client කෙනක් ඕඩර් එකක් දෙන්න කලින් එයා seller ලා කීප දෙනක් එක්කම කතා කරනවා. එහෙම කතා කරලා වැඩේ ගැන උපරිම සාධාරණයක් කරයි කියලා හිතෙන seller කෙනෙක්ට තමා එයා ඕඩර් එකක් දෙන්නේ. මෙතනදි seller කෙනෙක්ගේ conversion rate එක කියන්නේ එයා එක්ක කොපමණ buyer ලා ප්‍රමාණයක් Message කලාද එයින් කී දෙනෙක් ඕඩර් එයාට දුන්නද කියන එක. අපි හිතමු ඔයාට buyer ලා 10 දෙනක් message කරලා ඒකෙන් එකම එක්කෙනෙක් ඕඩර් එකක් දුන්න කියලා, එහෙනම් ඔයාගෙ conversion rate = 10%. මෙන්න මේ conversion rate එක වැඩිවෙන්න වැඩිවෙන්න තමා ඔයාගෙ ගිග් අර කීව keyword වලින් උඩට එන්නෙ. ඒ නිසා ඔයාට message කරන buyer ලත් එක්ක සන්නිවේදනය උපරිමෙන් කරන්න වෙනවා වගේම ඕඩර් එක දෙන විදියටම කතා කරගන්න වෙනවා.
5) Stay online 24/7
සාමාන්‍යයෙන් client කෙනෙක් එයාගෙ වැඩේ පුලුවන් ඉක්මනටම කරගන්න තමා බලන්නෙ. එතනදි ගොඩක් buyers ලා Fiverr search කරන ගමන්ම අදාල වැඩේට අදාලව Active sellers ලා කවුද ඉන්නෙ කියලත් බොහෝවිට සොයා බලනවා. මේ නිසා ගොඩක් Active එහෙමත් නැතිනම් Online ඉන්න seller කෙනෙක්ට පොඩි වාසියක් අත්වෙනවා. ඒ වගේම බයර් කෙනෙක් හරිම කැමතියි seller කෙනෙක් වැඩේට අදාලව ඉක්මනින්ම reply කරනවනම්. පෞද්ගලිකව මමත් Fiverr buyer කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා මම මේ ගැන හොදට දන්නවා. මගේ එක වැඩක් බොහොම ඉක්මනින්ම මම කරගත්තා Active seller කෙනෙක් නිසා.
ඒ නිසා ඔයාලත් පුලුවන් තරම් Fiverr Active වෙලා ඉන්න. ඔයාට පුලුවන් Fiverr mobile app එක ඔයාගෙ ස්මාර්ට් දුරකථනයේ Install කරගන්න. ඔයා ලැප් එකකින් හරි කොම්පියුටර් එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් වෙබ් බ්‍රවුසරේ එක ටැබ් එකක හැමවෙලේම Fiverr.com වලට ලොග් වෙලාම තියන්න. මේ විදියට Online ඉන්න එකත් Fiverr search rank එකට බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. මේ විදියටම Fiverr Blog එකයි Fiverr forum එකත් නිතරම කියවන්න. ඒකෙනුත් ගොඩක් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයාලට.
6) Become a higher level seller
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා Level one seller, Level two seller වගේ තත්වෙකට ආවම අනෙක් අලුත් සෙලර් කෙනෙක්ට වඩා එයාලට ඕඩර් එනවනෙ කියන කතාව ඒකට ප්‍රධනතම හේතුව එයාලා Fiver search result එකේ උඩම එහෙමත් නැතිනම් පළමු පිටුවේ සිටීම. මේ හේතුව තමා එයාලට ඕඩර් එන්න ලොකුවටම බලපාන්නේ. ඔයාලත් එන ඕඩර් හරියට කරගෙන හොද රිවීව් ටිකකුත් එක්ක Level 1, 2 ආවොත් එතනින් එහාට ගමන අතිශය කාර්‍යබහුලයි. ඕඩර් එන්න ගන්නවා කරගන්න බැරි තරමට. ඒ වගේම මෙහෙම level up වීම අර කීව Keyword වලට ඔයාගෙ රෑන්ක් උඩටම අරන් එන්න සමත් වෙනවා. ඔයා කලින් අපි කීව gig seo part එක හරියටම කලොත් අදාල search result එකේ 1,2,3 යන ස්ථානවල ඉන්නවා නියතයි. මෙහෙම level up වෙන්න ඉතින් ටිකක් කට්ට කන්නම වෙනවා. කාලයක් යනකන් ඉවසන් ඉන්නත් ඕනෙ. ඒ නිසා වැඩේ බාගෙට කරලා නවත්වන්න එපා. ඒ ගමන්ම මට හොයාගන්න පුලුවන් වුනු තවත් කාරණයක් තමයි මෙහෙම Level up වුණු ගමන්ම එක පාර ඕඩර් වල අඩුවක් වෙනවා කියන එක. ඒකේ ඇත්ත තේරුම නම් මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියලා තමා හොයාගන්න පුලුවන් වුනේ. සාමාන්‍යයෙන් level one seller කෙනෙක් වෙන්න ඔයා අවම ඩොලර් 400ක් උපයන්න ඕනෙ. ඒ වගේම level two seller කෙනෙක් වෙන්න ඩොලර් 2000ක මුදලක් උපයන්නත් වෙනවා.
7) Promote Your Gigs in Social media
මේ ගැනනම් මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද මේ ගැන මම මුලින්ම Fiverr ගැන ලියපු ලිපියේ හොදටම සදහන් කලා. කෙටියෙන් කීවොත් ඔයාට පුලුවන් ඔයාගෙ ගිග්ස් Facebook, twitter, linkedin, instagram හා pinterest වල promote කරගන්න. මෙතනදි ඔයාගෙ Link එක හල හල යන්න එපා. මොකද ඒකෙන් ඔයා බ්ලොක් වෙන්න පුලුවන්. ඔයා මෙතන්දි බලන්න ඕනෙ ඔයාගෙ buyers ලා වෙන්න පුලුවන් අය මොන social media වල මොනවගේ තැන්වලද ඉන්නෙ කියලා. මේ ගැන තවත් පැහැදිලි කරලා කීවොත්, අපි හිතමු ඔයා seo services sell කරන කෙනෙක් කියලා. එතකොට ඔයාගෙ service එක ඕනෙ වෙන්නෙ වෙබ් අඩවි හිමිකරුවන්ට හා වෙබ් ඩිසයින් ගැන උනන්දු අයට. ඉතින් ඔයාට පුලුවන් Web design and development වලට උනන්දු අය ඉන්න Facebook Groups වලට සම්බන්ධ වෙලා ඒවයේ ඉන්න අය එක්ක engage වෙලා හෙමින් සැරේ ඔයාගෙ Gig එක ගැන විස්තරයක් දාන්න. මෙතනින් ඔයාට පුලුවන් වෙයි හරියටම Targeted customers ලා පිරිසක් ඔයාගෙ ගිග් එකට ගෙන්න ගන්නත්. මේ අයගෙන් හදිසියේ හරි එකෙනෙක් හරි ඔයාව ඕඩර් කලොත් ඉතින් ආයේ කතා ඕනෙ නෑනෙ. ඔයා ගොඩ……. Facebook විතරක්ම නෙමේ අනෙක් සමාජ ජාල වෙබ් අඩ්විත් එක එක niche වලට වෙන වෙනම ගැලපෙනවා.
හැමවෙලේම ඔයා buyer කෙනෙක් හිතන විදියට හිතලා බලන්න. ඊට පස්සෙ ඒ ගැලපෙන buyer ලා හොයාගන්න තමා ඔයා මේ සමාජ ජාල භාවිතා කරන්න ඕනෙ. නිකන් ඔයාගෙ brand එකට facebook page, facebook group, linkedin profile, twitter account, instagram profile එකක් හදාගෙන හිටපු පලියටනම් වැඩක් නැහැ. මම වැඩිපුර මේ social media marketing ගැනනම් කතා කරන්න යන්නේ නැහැ. එහෙමවුනොත් මට මාතෘකාවෙන් පිට පනින්න වෙන නිසා. ඉස්සරහට social media marketing, branding ගැන ගොඩක් විස්තර එක්ක ලිපි සෙට් එකක්ම ඉස්සරහට අරගෙන එන්නම්කො. දැන් මාතෘකාවෙ හැටියට බලමු ඔයාගෙ Fiverr gig ranking එකට කොහොමද මේ social media වල promote කරන එක බලපාන්නේ කියලා,
ඔයා gig එක වෙන social media වල share කරගන්න කොට automatically fiverr එකට ඒවායෙන් සෙනග ගලා එනවා. එතකොට වෙන්නේ එයාලගෙ වෙබ් අඩවියට තවත් ම්නිස්සු ගලාගෙන ඒම හරහා එයාලගෙ business එක නොමිලේම promote වෙන එක. එතකොට එයාලගෙ වෙබ් අඩවියේ alexa rank එක ගොඩක් අඩු වෙනවා. ඒක එයාලට ලොකු වාසියක්. තව කීවොත් මේ social media හරහ අලුත් කෙනෙක් ඇවිල්ල ඉන්න ඕනෙම seller කෙනෙක්ට ගානක් ගෙවලා service එකක් ගත්තා කියලා. මේ හැම ඕඩරේකින්ම 20% එයාලගෙ account වලට යන නිසා සමාගමේ ආදායමත් එන්න එන්න වැඩි වෙනවා. මේ නිසයි ෆයිවර් එක කැමති ඔයාල Gig promote කරන්න සමාජ ජාල යොදාගන්නවට. මේ විදියට කරන අයගෙ rankings අපි අර කතා කරපු keywords වල උඩට එන්න බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. ඒ නිසා ඔයාලා ගිග් එක නිවැරදිව හදලා ඉවර වුනාම ඒවා මම අර කීව විදියට හිතලා සමාජ ජාලවලට බෙදගෙන ගේමක් සෙට් කරගන්න.
වෙනත් වැදගත් කරුණු
• ඔබට ෆයිවර් වල සෑදීමට පුලුවන් ගිග් හතම එකම category එකක් තුළ සෑදීම කරන්න. මෙහෙම කලාම ඔබ ඒ category එක තුළම ගොඩක්ම නිරාවරණය වීම සිදුවෙනවා විතරක් නෙමේ ගිග් වලින් එකකට හරි ඕඩර් එන්න චාන්ස් එකක් නිර්මාණය වෙනවා. එක ලග යන ගිග් සෙට් එකක්ම හදාගන්න එක අපේ ප්‍රධාන මාතෘකාවෙ කතා කරපු search terms වල ඉහලට එනවා කියලත් මට හොයාගන්න පුලුවන් වුනා. මේ ගැන මම කලින් ෆයිවර් ගැන දාපු ලිපිවලත් පුන පුනාම කතා කරා. ගිග් ඔක්කොම සෑදීම ඕඩර් එන්න තියෙන අවස්ථාව මීට වඩා හොදට එතනදි කතා කරලා ඇති. ඒ ලිපිය මේ බ්ලොග් එකෙන් පීරලා හොයාගන්න අවශ්‍ය අය ඉන්නවනම්.
• අනෙක් වැදගත්ම දේ තමා gig title, gig images වගේ ඒවා ආයෙ වෙනස් කරන්න එපා කියන එක. මොකද ඒක අපේ gig ranking වලට කෙලවෙන දෙයක්. මොකද ඔයා title වෙනස් කලත් gig url එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා url තියෙන්නෙ මුලින්ම දීපු ටයිටල් එකට නිසා ඒක ඔයාගෙ රෑන්කින් වලට අශුභවාදීව තමා බලපාන්නේ. Image වලටත් මේක negative විදියට තමා බලපාන්නෙ. ඒ නිසා මුලින් දීපු title, image වෙනස් කරන්න එපා. Tags, description නම් ඔයාට පස්සෙ වෙනස් කරගන්න පුලුවන්. ඔයා තෝරගත්තු tags වලට අදාලව ranking වල වෙනසක් පේන්න නැතිනම් වෙන tags ටිකක් දාලා ඒවාට අදාලව description එක වෙනස් කරගන්න. මමනම් කියන්නේ මෙහෙම ආයෙ ආයෙ වෙනස් කරනවට වඩා gig එක delete කරලා අලුතින් title, description, tags එක්ක අලුත් ගිග් එකක් හදන එක හොදයි කියලා.