අපි මේ ලෝකෙ ගැන තේරුම් ගනිමු. මේ ලෝකෙ සමහර මිනිසුන් සදාකාලිකව ම මුදල් වෙනුවෙන් වැඩකරලා මිය යනවා. ඔවුන්ගේ ජීවිතයේ සෑම මොහොතක් ම සෑම මාසයක් ම වසරක් ම වැය කරලා තිබෙන්නේ මුදල් වෙනුවෙන් සහ මුදල් ඉපයීම වෙනුවෙන්. ඔවුන් වැඩ කරන්නට ආරම්භ කළ දා පටන් මි යන තුරු ම මුදල් ඉපයූවා. ඒවා වියදම් කළා. එපමණයි.
ඒත් ඔබ දැකලා තියෙනවා ද මේ ලෝක සාර්ථකයි කියා කිව හැකි මිනිසුන් පිරිසක් ඉන්නවා. මොහෝ මිළ මුදල් තිබෙන, යාන වාහන තිබෙන හා ඔවුන්ට අවශ්‍ය පරිදි ජීවිතය ගෙනයන. ඔබ ටිකක් හිතල බැලූවද ඔවුන් සාර්ථක වුණේ කොහොම ද කියලා. වැදගත් ම දේ ඔවුන් අනෙක් අයට වඩා වෙන් වූ එක දෙයක් කළා. ඒකයි ඔවුන් සාර්ථක.
ලෝකයේ සාර්ථක වූ මිනිසුන් දෙස බැලූ විට ඔවුන් පොදුවේ කළ එක් දෙයක් අපිට පැහැදිළිව වෙන් කරලා ගන්න පුලූවන්. ඒ තමයි සාර්ථක වූ මිනිසුන් යම් කාලයක් (අවු.7ක් පමණ* කෑම, නින්ද, පහසුව නොතකා මුදල් උපයනවා. උපයන අතරතුරේ ඒවා නිවැරදි තැන්වල ආයෝජනය කරනවා. අනතුරු යුගයේදී මුදල් ඔවුන් වෙනුවෙන් වැඩ කරනවා. ටිකක් සංකීර්ණ වගේ දැනේවි. ඒත් මේ ගැන තේරුම් ගැනීම තමයි දියුණු වෙන්න තියන පළමු පියවර වෙන්නේ.
..................................................................................................................................................................
අපි ජීවිතේ යම් කාලයක් ධනය ලබා ගැනීම පිණිස වැඩ කරන්න ඕන. ඒක අතීතයේ ඉ`දලා ම හැමෝම කරපු දෙයක්. මේ කාලයේදි වෙහෙස නොබලා, මූලික පහසුකම් වලින් පමණක් සෑහීමකට පත් වෙලා, හරිහැටි නින්දක් නැතිව, කෑමක් නැතිව, දෙමාපියන් අඹු දරු මුනුපුරන් දෙස බලන්නේ නැතිව ඉතා විශාල කැපකිරීමකින් මුදල් උපයන්න ඕන. අද මේ විදියට දියුණු වෙලා ඉන්න බොහෝ අය පේව්මන්ට් එකේ බඩු විකුණල ජීවිතේ පටන්ගත්ත අය. ඉතා සුළුවෙන් ව්‍යාපාර ආරම්භ කරපු අය. ගෙදර එන්නෙම නැතිව ඕවර්ටයිම් වැඩ කරපු අය. පිටරට ගිහින් අනන්ත මහන්සි වුණු අය.
වැදගත් ම දේ ඒ විදියට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල් ඉතා ප්‍රවේසමෙන් දිගුකාලීන හා කෙටිකාලීන ආයෝජනයන්හි යොදන එක. බැංකු ගිණුමේ සිට, භාණ්ඩාගාර බිල්පත්, බැ`දුම්කර, කොටස්, ඉඩම්, වාහන හා ව්‍යාපාර ඒ ආයෝජන අතරේ ඉතා හො`ද තැනක ඉන්නවා.
අනතුරු යුගය ඔබ වැඩ කළත් නොකළත් ඔබට ආදායම් එනවා. එනම් ඔබ මහන්සියෙන් ව්‍යාපාරයක් ගොඩන`ගා ගත්තේ නම් ඔබේ වැඩි මහන්සියකින් තොරව ඔබට ආදායම් එනවා. ඇතැම් විට කළමණාකරුවන් අතින් පාලනය වන ව්‍යාපාරයට ඔබේ මැදිහත් වීමක් අවශ්‍ය ම නෑ. ඔබ කොටස්, බිල්පත් මිළදීගෙන තිබුණා නම් ඔබට මාසිකව ඉතා හො`ද පොළියක්, ලාභාංශ ලැබෙනවා. ඉඩම් වලින් ආදායම් එනවා. මේ නිසා ඔබ ඔබේ ජීවිතය ඉතා සාර්ථකව ගත කරන්න කලින් තරම් මහන්සි විය යුතු නෑ.
ලංකාවේ මුහු`දු වෙරළදෙස බැලූවොත් එහි විදේශිකයින් මාස ගණන් සති ගණන් මෙහි සංචාරය කරනවා ඔබ දැකලා ඇති. ඔවුන්ට එසේ කරන්න පුලූවන් උණේ කොහොමද? මේක තමයි රහස. ඔවුන් ජීවිතයේ එක්තරා කාලයක් ඉතා මහන්සියෙන් වැඩ කරලා උපයන මුදල් ආයෝජනය කරනවා. දැන් ඔවුන් නිදහස්.
මේ ලිපිය කියවන ඔබගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ විදේශ රටක තියා මේ රටේ වත් නිදහසේ ඇවිද්දා කියා ඔබට මතක ද? මේ ප්‍රශ්නෙට අපේ බොහෝ අයට බොහෝ උත්තරත් තියෙනවා. සමහරු කියනවා ඒ විදේශිකයින්ගෙ රටේ ආදායම් වැඩි ඇති ලූ? හැබැයි ඒක ම නෙමෙයි හේතුව. ඔවුන් යමක් උපයනවා එය නිවැරදිව ආයෝජනය කරනවා. ආයෝජන දියුණු වෙද්දී ශ්‍රමය ම යොදවා මුදල් ඉපයිය යුතු නෑ.
...................................................................................................................................................................
ඉහත රූපසටහනෙහි දක්වා තිබෙන්නේ මේ ලෝකයේ මුදල් උපයන්න භාවිත කරන ක්‍රම දෙක. මෙය
කායික ශ්‍රමය වැය කිරීම
මානසික ශ්‍රමය වැය කිරීම
ලෙස වෙන් කොට දක්වා තිබෙනවා. මෙයින් කය වෙහෙසා වැඩ කිරීම කායික ශ්‍රමය වන අතර බුද්ධිය මෙහෙයවා වැඩ කිරීම මානසික ක්‍රමය ලෙස ගැනෙනවා.
ඔබ කායික ශ්‍රමය වැය කරමින් මුදල් උපයන්නේ නම් ඔබ ඔබේ ශ්‍රමය දවසේ නිශ්චිත පැය ගණනක් තුළ යොදවා කවරෙකු වෙනුවෙන් හෝ වැඩ කොට ඔබේ ශ්රමයට සරිලන මුදලක් වැටුප වශයෙන් ලබාගන්නා අයෙකු ලෙස දැක්විය හැකියි. ලෝකයේ බොහෝ දෙනා ‘‘රස්සාවක් කරනවා’’ යනුවෙන් හ`දුනාගන්නේ මෙසේ ශ්‍රමය යොදවා වැඩ කිරීම හා ඒ වෙනුවෙන් වැටුපක් ලැබිමයි. මෙහි දී ඔබේ වැටුප ස්ථාවර වන අතර ඔබ නිශ්චිත පැය ගණනක් වැඩ කළ යුතුයි. කායික ශ්‍රමය ඉතා සීමා සහිත නිසා (දිනකදී වැඩ කළ හැකි පැය ගණන නිශ්චිත නිසා- උපරිම පැය 24යි* කායික ශ්‍රමය යොදවා ඉපැයිය හැකි මුදල් ප්රමාණයේත් සීමා සහිත බවක් තිබෙනවා.
මුදල් ඉපැයීමේ දෙවන ක්‍රමය මානසික ශ්‍රමය යෙදවීමයි. පුද්ගලයෙකුගේ මානසික ශ්‍රමය අසීමිත වන අතර බුද්ධිමය නිර්මාණ ලොවට බිහි කිරීම, පවත්නා ප්‍රශ්නවලට විස`දුම් සෙවීම වැනි කටයුතු ස`දහා මානසික ශ්‍රමය වැය කළ හැකියි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝකයේ අ`දුර තිබුණා. මේ ගැන කල්පනා කළ එක්තරා පුද්ගලයෙක් තමන්ගේ මානසික ශ්‍රමයෙන් නිර්මාණයක් ඉදිරිපත් කළා. ඒ තමයි අපි කවුරුත් දන්න විදුලි බුබුළ. දැන් අදාළ විදුලි බුබුළ නිෂ්පාදනය වන වාරයක් එහි නිර්මාපකයා වන තෝමස් අල්වා එඩිසන්ගේ නමින් මුදල් බැරවෙනවා. මේ තමයි මානසික ශ්‍රමයේ සීමා රහිත ප්‍රතිඵල. දැන් එඩිසන් මේ ලෝකයේ නෑ. ඒත් තවමත් ඔහු වෙනුවෙන් ඔහුගේ මානසික ශ්‍රමයෙන් ආ නිර්මාණය මුදල් උපයනවා.
තවත් උදාහරණයක් ගත්තොත් පොතක් ලියන කතුවරයෙක් කියන්නෙත් මානසික ශ්‍රමය මුදල් බවට පත් කරන්නෙක්. ඔහු පොතක් ලියූ පසු අදාළ පොත මුද්‍රණය වන වාරයක් පාසා ඔහුට මුදල් ලැබෙනවා. ඒ ආකාරයෙන් ලෝකයේ දෙවන, තෙවන, සිව්වන වර විතරක් නෙමෙයි කතුවරයා නැතත් මුද්‍රණය වන පොත් ලෝකයේ කොයිතරම් තියෙනවද.
ඔබ වඩාත් අවධානයෙන් යුතුව තේරුම් ගත යුත්තේ මෙයයි. ඔබ මුදල් උපයන්නේ කායික ශ්‍රමය වැය කරමින් පමණක් නම් ඔබට හැමදා ම වැඩ කරලා ම උපයන්න වෙනවා. මානසික ශ්‍රමය වැඩ කළොත් කාලයක් එනවා ඔබ වෙනුවෙන් ඔබේ යමක් වැඩ කරන. අන්න එහෙම දවසක් උදාකරගන්නයි අපි හැමෝම මහන්සි වෙන්න ඕන.
...................................................................................................................................................................
ආයතන පිරමීඩය- (රූපය)
ලංකාවෙ හෝ ලෝකයේ හෝ කොහේ හරි ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනයෙහි වැඩකටයුතු කෙරෙන්නෙ කොහොමද කියන එකයි මේ රූප සටහනෙන් පෙන්වන්නෙ. මේ ලෝකෙ වැඩ කරන හැමෝම මේ කියන ශ්‍රම පිරමීඩයට දාල කතාකරන්න පුලූවන්.
මෙයින් පහළ ම ස්ථරයේ ඉන්නේ කායික ශ්‍රමය යොදවා වැඩ කරන අය. ඒ අය ප්‍රමාණයෙන් වැඩියි. ඒ වගේම ඔවුන්ගේ මානසික ශ්‍රමයක් නෑ. ඔවුන්ට කරන්නට තිබෙන එක ම දෙය නම් තමන්ට ඉහළින් සිටින අය කරන්නට කියන දේ හෝ පවරන කාර්යය නිවැරදිව කිරීම පමණයි. ඊට අදාළ ගෙවීමක් එනම් ඔවුන්ගේ මහන්සියට අදාළ ගෙවීමක් ඔවුන්ට ලැබෙනවා.
මේ පිරමීඩයේ ඉහළට යන්න යන්න කායික ශ්‍රමය අඩුවෙලා මානසික ශ්රමව වැඩි වෙනවා. අපි ඉහළ ම ස්ථරය (04) ගත්තොත් ඔවුන් තමයි අදාළ ආයතනයේ ප්‍රධානීන්. තීරණ ගන්නන්. ඔවුන්ගේ මේසය මත පරිගණකයක්, ජංගම දුරකථනයක්, කොළ කැබැල්ලක් හැරුණු විට අන් කිසිවක් නොතිබෙන්නට පුලූවන්. ඔවුන් කායික වෙහෙසක් ගෙන කටයුතු නොකිරීමයි එයට හේතුව. ඔවුන්ට තිබෙන කාර්යය සැලසුම් ඉදිරිපත් කිරීම, විස`දුම් ලබා දීම, නව නිර්මාණ ස`දහා අලූත් අදහස් ලබා දෙන එක. ආයතනය දියුණු කරන ක්‍රම ගැන හිතන එක. ආයතනයේ ආදායම් වැඩි කරන්නට සැලසුම් හදන එක. අනාගතය සැලසුම් කරන එක. මේ විදයට කල්පනා කරලා ඔවුන් තීරණ ගන්නවා. ඒ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි කායික ශ්‍රමය යොදවලා වැඩ කරන පිරිසට වැටුප් ගෙවන්නේ.
දැන් ඔබ හිතන්න. ඔබ මේ මොහොතේ ත් වැය කරන්නේ කායික ශ්‍රමය නම් ඔබට ඉපැයිය හැකි දේ හි සීමාවක් තියෙනවා. ඔබේ ආදායමෙහි සීමාවක් තිබෙනවා. ඔබට යා හැකි දුරෙහි සීමාවක් තිබෙනවා.
මේ අනුව ඔබට ආදායම් මාර්ග වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඒ ස`දහා ඇත්තේ ක්‍රම දෙකක් පමණයි.
01 - ක්‍රමයෙන් ඉහළට පැමිණ කායික ශ්‍රමයෙන් මානසික ශ්රමයට පැමිණිය යුතුයි
02 - ඔබට එය කළ නොහැකි නම්- ඔබට කායික ශ්‍රමය ම වැය කළ යුතු ම නම් ඔබ උපයන දෙයින් යම් ප්‍රමාණයක් ඉතිරි කර මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන තත්ත්වයට පැමිණිය යුතුයි. ඒවා කෙටිකාලීන හා දිගුකාලීන ආයෝජන වශයෙන් බෙදා වෙන්කර ගැනීමට ඔබ වගබලාගත යුතුයි. එනම් සියලූ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට හෝ සියලූ මුදලින් ඉඩමක් වාහනයක් ගැනීමට හෝ යොමු නොවන්නට ඔබේ මුදල් පිළිබ`ද ඉවසීම දියුණු කරගත යුතුයි. (මුදල් කළමණාකරණය හා ආයෝජනය පිළිබ`දව මීළ`ග ලිපියෙන් සාකච්ඡුා කරන්නට අප බලාපොරොත්තු වෙනවා)
ඔබ මේ ගැන නැවත නැවතත් සිතිය යුතුයි. සැබැවින් ම, දිනක් පැමිණිය යුතුයි ඔබ මුදල් වෙනුවෙන් වැඩ කර කර ඉන්නේ නැතිව මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන.නිවැරදි ආයෝජනය හා නිවැරදි කළමණාකරණය ඔබට ඒ ස`දහා ම`ග පෙන්වාවි.
.................................................................................................................................................................
දැන් අපි කතාකරන්න යන්නේ හැම කෙනෙක්ට තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලූවන් ක්‍රමවිධි කිහිපයක් ගැන.
අමතර ආදායම් ගැන කතාකරද්දි බොහෝ විට රජයේ රැුකියා කරන අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද ආදායම වැඩිකරගන්නේ කියලා. රජයේ රැුකියාවක් කරන කෙනෙකුට ලැබෙන වැටුප ස්ථාවරයි. සුරක්ෂිත භාවයක් ද හිමියි. විශ්‍රාම වැටුපක් ද හිමියි. නමුත් තමන් ලබන වැටුපෙහි වැඩිවිමක් පිළිබ`දව එතරම් විශ්වාසය තියන්න අමාරුයි. වැටුප් වැඩිවීම් ලැබුණත් ඒකට ගතවෙන කාලය හරි වැඩියි. මීට අමතරව දේශපාලන හේතු වැනි දේත් ඔවුන් කෙරෙහි බලපානවා.
මෙහිදී අප අවධාරණයෙන් තේරුම් ගත යුතුයි රාජ්‍ය අංශය හා පෟද්ගලික අංශය යනු දෙකක්. ඒ දෙකේ පැහැදිළි වෙනස්කම් දැකිය හැකි වීමයි එයට හේතුව.
නමුත් ඔබ මේ කරුණ සිහි තබාගත යුතුයි. ඔබගේ අනාගතය, ඔබ අනාගතයේ වන්නේ කවරෙක්ද, අනාගතයේ ඔබ කරන දේ තීරණය කළ යුත්තේ ඔබ ම මිස කිසියම් ප්‍රධානියෙක් හෝ දේශපාලනඥයෙක් හෝ අන් කවරෙකු හෝ නොවේ. ඔබම යි. මේ නිසා ඔබේ ස්වාමියා සෑම විටෙක ම ඔබ ම විය යුතුයි. එවිට ඔබට වරදින්නේ නෑ.
අපේ රටේ ක්‍රමය තමයි මේ දේශපාලන රටාව නිසා වැඩක් හරියට කරන්න බෑ. ආර්ථිකය එච්චර හො`ද නෑ, අපේ ප්‍රධානියා එක්ක වැඩ කරන්න බෑ. අපිත් එක්ක වැඩ කරන අය මේ දේවල් හරියට කරන්න දෙන්නේ නෑ යනුවෙන් කළ හැකි දේ නොකරන තැනට නිර්වචනයක් හදා ගැනීම. නමුත් රාජ්‍ය අංශයෙහි හෝ වේවා පෞද්ගලික අංශයෙහි හෝ වේවා මේ ලෝකෙ සාර්ථක වුණු මිනිසුන් නිතර ම කරන තර්කය ඔබේ කටයුතු සිදුවන්නේ රාජ්‍ය අංශයේ වුවත් පෞද්ගලික අංශයේ වුවත් ඔබ දක්ෂව ඔබේ කටයුතු ඉතා සාර්ථකව කරනවා නම් ඔබේ දියුණුවට ම`ග පෑදේවි යන්නයි. අප විශ්වාස කරන්නෙත්, අප අත්දුටු සත්‍යයත් එයම යි.
ඔබ කටයුතු කරන තැන කුමක් වුවත් එය එසේ නොවන්නේ නම් ඔබ වෙනත් ආකාරයකට ජීවිතය පටන් ගත යුතුයි. එනම් එක්කෝ ඔබ වැඩ කරන පිළිවෙළ වෙනස් කළ යුතුයි. නැතිනම් ඔබේ රැුකියාව වෙනස් කළ යුතුයි. රාජ්‍ය අංශයේ ඉතා හො`දින් වැඩකටයුතු කොට ඉතා දියුණු වූ මිනිසුන් අපහට අනන්තවත් සොයාගත හැකියි. එසේ ම රාජ්‍ය අංශයේ කටයුතු කොට ඉතා හො`ද පළපුරුද්දක් සහිතව පෞද්ගලික අංශයට පැමිණි හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කොට ශීඝ්‍ර දියුණුවක් ලැබූ මිනිසුන් ද සමාජයෙහි බොහොමයි.
රාජ්‍ය අංශයේ වැටුප ස්ථාවර නිසා කොහොමද දියුණු වෙන්නේ?
මේක තමයි බොහෝ දෙනෙක් අහන ප්රශ්නය. ඔබට මෙසේ කළ හැකියි. රාජ්‍ය අංශයේ වැඩ කරමින් ඔබ උපයන ධනය ඉතිරි කිරීම, හො`ද තැන්වල ආයෝජනය හා එම මුදල් නිවැරදිව කළමණාකරණය කිරීම තුළින් ඔබට ඔබේ මුදල් ඔබ වෙනුවෙන් කටයුතු කරන දවසක් උදා කරගන්න පුලූවන්. ඒ වගේම ඔබේ ඉතිරි වන කාලය අමතර ආදායම් මාර්ග ස`දහා යොමු කිරීමත් කළ හැකියි.
හැබැයි කණගාටුවෙන් උණත් එක දෙයක් නම් කියන්න ඕන. අපි මේ කියන කිසිවත් රාජ්‍ය අංශයට යන බහුතරයකට වැඩක් නෑ. හැමෝම නෙමෙයි ඒත් බහුතරයක් රාජ්‍ය අංශයේ සේවයට යන්නේ ඇයි කියා ඔබ දන්නවාද? බොහෝ දෙනෙකුට ඕන කුමන හෝ වැටුපක් අරගෙන, කෙසේ හෝ දවස් ටික පහු කරලා, විශ්‍රාම වැටුපත් අරගෙන ජීවිතේ ගෙවල දාන එක. ඇත්තම කතාව නම් ඒ අයට අමතර ආදායම් උපයන මාර්ග ගැන කතා කරල කොහොමටත් වැඩක් නෑ.
නමුත් මේ රටේ උනන්දුවෙන් බලාගෙන එක්කෙනෙක් හරි ඉන්නව නම් අපි මොනවහරි කියනකම් ජීවිතේ අලූතින් පටන්ගන්න... අන්න ඒ අයටයි මේ අදහස් ටික වැදගත්.
අමතර ආදායම් උපයගන්න මිනිස්සු කොච්චර නම් වෙහෙසෙනවද කියන කියලා ඔබ දන්නවා ඇති. නේපාලයේ හිමාල වනාන්තරයට ආසන්න ගල් පර්වතයක ලෝකයේ විශාලතම මී වදයකින්්මි කඩන්නටත් සාමාන්‍ය වැසියන් යනවා. තමන්ගේ ජීවිතයත් අවදානමේ දාගෙන ඔහු මේ යන්නේ යමක් උපයගන්න බව ඔබට වැටහෙනවා ඇති.
අපේ රටෙත් මෙහෙම අය නැතුවාම නොවේ. ඉතා මහන්සියෙන්, ඉතා උනන්දුවෙන්, තමන්ට ලැබෙන හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගනිමින් දියුණු වෙන්න උත්සාහ කරන මහා උත්සාහවන්ත චරිත අපි අතරත් ඉන්නවා. ඒත් මං මේ ඔබට කියන්නෙ ඒ විදියට ජීවිතේ අනතුරේ දාගන්න කියල නෙමෙයි. මේ අපේ සුන්දර රටේ ඔබට ඕන නම් අමතර ආදායම් උපයන්න මීට වඩා සරල, පහසු ක්‍රම ඕන තරම් තියෙනවා. ඔබට ඒ ස`දහා උවමනාවක් තියෙනවාද කියන එක විතරයි වැදගත්.
අපි මෙහෙම කියනකොට අපිත් එක්ක තර්ක කරපු අය ඕන තරම් හිටියා. ඒ හැමෝම කියන්නෙ බණ කිව්වට වැඩක් නෑ ටිකක් සමාජෙට බැහැල බලන්න ඕව කරන්න පුලූවන්ද කියලයි. තවත් සමහරෙක් කිව්වා ඔය කිව්වට අපේ රටේ අමතර ආදායම් උපයන්න ක්‍රම තියෙනවාද? මේ රටේ ඉ`දන් දියුණු වෙන්න පුලූවන්ද කියලත් සමහරු අහනවා.
මේකට මං එක උදාහරණයක් කියන්නම්. ඔබ වෙළ`දපොළට ගියොත් අත සම්බාහනය කරන, කෙස් සම්බාහනය කරන, කකුලේ නිල සම්බාහනය කරන ලී උපකරණ පෙළක් විකිණීමට තියෙනවා ඔබ දැකල ඇති. සමහර විට ඔබ මිළදී ගෙනත් ඇති. ඔබ දන්නවාද ඒ හැම භාණ්ඩයක් ම ගෙන්වන්නේ චීනයෙන් කියලා. අපි අහන්නෙ මෙච්චරයි. මේ තරම් ලී තියෙන, මේ තරම් වඩුවන් ඉන්න මේ රටේ මෙය නිර්මාණය කළ නොහැකි ද? කෙනෙකුට ඕන නම් මෙය දිහා බලාගෙන මේ වගේ භාණ්ඩ පෙළක් නිෂ්පාදනය කළත් හො`ද ආදායමක් ගන්න පුලූවන්. ඔබේ නිෂ්පාදන මිළදී ගන්න මිනිසුන් මේ රටේ අනන්තවත් ඉන්නවා කියලා ඔබ අමතක කරන්න එපා.
මං තව උදාහරණයක් කියන්නම්. අපේ රටේ ඕනතරම් ඉඩම් හිස්ව තිබෙනවා කිසි වැඩක් නොකර. එක දවසක් මං නුවරඑළියෙ ගිහින් එනකොට වාහනය නතර කළා පාසල් වයසේ දරුවන් තුන් දෙනෙක්. ඔවුන් අතපුරා එල්ලා ගෙන සිටියේ ඒ මොහොතේ ම නෙළාගත්තේ යැයි සිතිය හැකි මඩ සහිත ගොටුකොළ මිටි කිහිපයක්. මං පළමුවෙන් ම ඔවුන්ගෙන් ඇසූ ප්රශ්නය ඔයාල පාසල් යන්නෙ නැත් ද කියන එකයි. ඔවුන් දුන් පිළිතුර වුණේ උදේ පාසල් යනවා හවස මේ වැඬේ කරනවා කියන එකයි. එක මිටියක් රු.15යි. මම මේ කුඩා දරුවන් යොදාගෙන මුදල් සෙවීම සාධාරණීකරණය කරනවා නෙමෙයි. මට කියන්න ඕන මෙපමණයි. අපේ මේ සුන්දර රටේ වියදමක් නැතිව ලන්දකට රිංගුවාම පාර අයිනට ගෙනත් විකිණිය හැකි අනන්තවත් දේ සොයාගත හැකියි.(ගස් හැර)
එදා හෙළදිව කියන කෘතිය රජනා කළ රොබට් නොක්ස් ඔහුගේ පොතේ ත් කියන්නේ ශ්‍රී ලාංකිකයාට මේ වනාන්තරය මහා සම්පත් ආකරයක් කියලා. හිතල බලන්න. ඔබ කෙතරම් සම්පත් ගොඩක් මැද ඉ`දගෙන ද කිසිවක් නැතිව බලාගෙන ඉන්නෙ කියලා.
ටිකක් හිතන්න. ඔබේ වත්තේ ගොටුකොළ ටිකක් වවලා වත්තේ හැදුණු ඒවා යැයි කියලා විකිණුවොත්, එළවළු ටිකක් වවලා ගේ ඉදිරිපිට පුටුවක් උඩ තියලා හරි විකිණුවොත් ඒවා ගෙනියන්න අය මේ රටේ ඕන තරම් ඉන්නවා.
අපේ රටේ ඉඩම් ගැන හිතුවොත් බොහෝ අය ඉඩම් මිළදී ගන්නේ ආයෝජනයක් වශයෙන්. එම ඉඩම් වසර ගණන් නිකරුණේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබෙනවා ඔබ දැක ඇති. නමුත් මේ සියලූ ඉඩම් මේ රටට මුදල් ගලා එන, බොහෝ මුදල් ඉපයිය හැකි සශ්‍රීක භූමි බව ඔබ සිහි තබාගත යුතුයි. අපේ රටේ ඉඩම් කොච්චර වටිනවද කියල ඔබට දැනගන්න පුලූවන් වෙන්නේ වෙනත් රටකට ගියාම. එක්තරා වැලි අධික රටක් ගස් වවන හැටි ඔබ දන්නවාද? ඔවුන් වැලි ඈත් කරලා, ඒ මැදට පිටරටකින් ආනයනය කළ පස් පුරවලා, මුදල් ගෙවා ගත් ජලය දමලයි ගහක් සිටවන්නේ. ඔබ තේරුම් ගන්න අපේ රටේ නිකම් පස් ටික එහාට කර මඤ්ඤොක්කා දණ්ඩක් හිටෙව්වත් එක් වේලකට අල බහිනවා.
ඔබ මේ දේ කරනවා නම් ඔබට ආදායම් ක්‍රම දෙකකින් ඉපයෙනවා කියා ඔබ දන්නවාද? පළමුවැන්න තමයි මෙයින් ඔබ කඬේට වියදම් කරන මුදල් ඉතිරියි. ඉතිරි එළවළු ටික ඔබේ නිවස ඉදිරිපිට තැබුවත් මිනිස්සු ගෙනයාවි. කෘමිනාශක හා විවිධ බෙහෙත් වර්ග නිසා අපිරිසිදු වුණු, විෂ සහිත එළවළු හා පළතුරු අතර ඔබේ නිවසේ, ඔබේ වත්තේ වැවුණු, ඔබ ඉවතලන අපද්‍රව්‍යයන්ගෙන් සකසා ගන් පොහොර ටිකෙන් පෝෂණය වුණු එළවළු ටිකට, පළතුරු ටිකට හො`ද ඉල්ලූමක් තියේවි.
සංකීර්ණ නගරයක, ඉඩකඩ ඉතා අඩු නිසා තාප්පයක එළවළු වගාව කරන දිරිය මිනිසුන්ගේ දිරිය අදහස්
ඔබ දැක ඇති. ඔවුන් බෝතල්වල, ටින්වල, උණබටවල, පොහොම මළු තුළ ඉතා සීරුවෙන් නිවසට අවශ්‍ය එළවළු ටික වගාකරන අපූරුවත් ඔබට දැකිය හැකි වේවි.
මේ නිසා ආදායම් ඉපයිමේ එක් මාර්ගයක් ලෙස ඔබේ ඉඩමේ නිකම් අත්හැර දමා තිබෙන ඉඩ තුළ යමක් වගා කරන්න.
ඔබේ නිවසේ, ඔබේ ගෙවත්තේ අපමණ විසිතුරු පැළ ඇති. මම මේ කියන්නේ ඒ විසිතුරු පැළ ටික අයින් කරලා දාන්න කියලා නෙමෙයි. එයත් පැවතුණාවේ .ඔබේ ඒ මල් පෝච්චියේ ම එළවළු ත් හදන්න. වම්බටු, තක්කාලි, මිරිස් වැනි එළවළු ඔබේ ගෙවත්ත, ඔබේ මිදුළ තව තවත් අලංකාර කරාවි. ඒ වගේ ම ඔබේ වියදම් අඩු කරාවි. නිවසට බොහෝ ආදායම් ගෙන ඒවි.
ඉතා වැදගත් කටයුත්ත නම් ඔබ ඔබේ ආර්ථිකය පිළිබ`දව රජයන්ට, ලෝකයට, ආර්ථිකයට, සමාජයට කෙතරම් දොස් කිව්වත් ඔබේ දියුණුව උදා කළ හැක්කේ ඔබට ම මිස අන් කිසිවෙකුට නොවන බව සිහි තබා ගැනිමයි. වෙනස් වන කවර සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාවක් තුළ වුවන් දිරිය මිනිසුන් සදා නොවෙනස්ව නැ`ගී සිටින බව අප ඉතා වගකීමෙන් කියා සිටිනවා. ඒ නිසා අනුන්ට දොස් කියමින් ඉන්නේ නැතිව අපි කොතනකින් හරි පටන් ගනිමු. ඔබේ දියුණුවේ ආරම්භයත් එය ම වේවි.
දැන් අපි මේ රටේ අමතර ආදායම් ඉපයිය හැකි, දියුණු විය හැකි ක්‍රම කිහිපයක් ගැන කෙටියෙන් අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ.
01- අපි දැකලා තියෙනවා තරුණයන් -ඉවත දමන රෙදි කැබලිවලින් පාපිසි හදනවා, නොයෙක් පෙදෙස් වලින් තේ කොළ ගෙනැවිත් අළෙවි කරනවා, බසයට නැග ගොරකා තේකොළ වැනි අළෙවි කරනවා. රටට බරක් නොවී යම් අමතර ආදායමක් උපයා ගන්නට ඔවුන් කරන මහන්සිය අප අගය කළ යුතුයි
02- මේ රටේ අම්මලා ඉන්නවා උදෙන් ම කෑම ටිකක් හදලා කඬේකට අළෙවි කරලා අමතර ආදායමක් උපයාගැනිමට මහන්සි වෙන. නිවසේ ආර්ථික තත්ත්වය බරපතල ලෙස කඩා වැටෙද්දී එවැනි අමතර ආදායම් කෙතරම් අගනේ ද යන්න ඔවුන් ඉතා හො`දින් දන්නවා.
මේ නිසා ම යමක් නොකරන හැමෝ ම එකතු වෙලා යමක් කිරීමට හිතමු. එයයි වඩා වැදගත්. අපේ රටේ වතුර ටිකේ සිට ගල් කැටය දක්වා සෑම දෙයකින් ම ඔබට හිත ඇත්නම් ආදායම් ඉපයිය හැකි යි.
1- ඇති දේ රැුකගනිමු- ඔබ දැනට ඇති ආදායම රැුකගනිමු
මේ දේ හරි වැදගත් ඔබ ඉතා හො`දින් ඔබේ රැුකියාව කරන්න. ඔබේ වෘත්තියෙහි, ව්‍යාපාරයෙහි නියැළෙන්න. ඔබට දැන් ලැබෙන ආදායම් ඔබු මුලින් ම රැුකගත යුතුයි. ඒ අතරේ දී ටිකක් ඔබ ළ`ග ඇති දේ ගැන හිතලා බලන්න. උදාහරණයක් වශයෙන් ඔබේ නිවසේ පරිගණකයක් තිබෙනවා යැයි සිතමු. බස් හෝල්ට් එකක් ළ`ග, කඬේක ඔබ දැන්වීමක් දැම්මොත් සිංහල ටයිප් සෙටින් කරනු ලැබේ කියලා, ඔබේ දුරකථන අංකයත් සම`ග ඔබට අනන්තවත් පිරිස කතා කරාවි. සත්‍ය වශයෙන් ම මේ රටේ සිංහලෙන් යම් ලියවිල්ලක් යතුරුලියනය කර ගැනීමේ මහා අඩුවක් තියෙනවා. ඒ අවස්ථාවෙන් ඔබට ප්‍රයෝජන ගත හැකියි.
මං දන්න එක්තරා මහත්මයෙක් හිටියා ඔහු වාහනයෙන් රැුකියාවට යත අතරතුරේ නිවසෙහි තම බිරි`ද විසින් මසා නිමකළ බෑග් කිහිපයක් වාහනයේ දමාගෙන යනවා. අතරමග සාප්පු ස`දහා ඔහු ඒවා ලබා දෙනවා. ඔහු එයින් ලැබූ ආදායම කොපමණ ද කියනවා නම් ඔහු දැන් මහා පරිමාණයෙන් බෑග් තොග බෙදාහරින්නෙක්.
එක්තරා රජයේ කාර්යාලයක කළ දේශනයක් අතරතුරදී එක් මහත්මයෙක් මගෙන් ඍජුව ම එක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි ‘දැන් මහත්මයා කියන්නේ මට බුලත් විට විකුණන්න කියලද?’. මගේ පිළිතුර වුණේ ඔබට එය කළ හැකි නම් කරන්න කියලයි. ඒ වෙලාවෙ නම් ඔහු ඒ ප්රශ්නය ඇහුවෙ ටිකක් තරහින්. නමුත් පසුව ඔහු බිරි`දත් සම`ග මා හමුවෙන්නට ආවා. ඒ වනවිට ඔහු ආර්ථික අතින් ඉතා පහළ තත්ත්වයකට පත්වෙලයි හිටියේ. ඔහු බුලත් විට ව්‍යාපාරය ආරම්භ කළා. උදෙන් ම නිවසින් එනවිට පළමු දවසේ බුලත් විට 50ක් හදාගෙන ආවා. ඔෆිස් එක ළ`ග ම කඬේට දුන්නා. හවස මුදල් අරගෙන ගියා. කාලයක් මෙහෙම කරගෙන යද්දී ඔහු නිවසින් ගෙන එන බුලත් විට ප්‍රමාණය වැඩි කළා. 100ක්, 150ක්, 200ක්. අලූත් කඩ හ`දුනා ගත්තා. ඒවාටත් බුලත් විට අළෙවි කළා. ඔබ දන්නවා ද?. ඔහු දැන් ඔහුගේ රැුකියාවට අමතරව මහා පරිමාණයෙන් බුලත්, පුවක් තොග වෙළ`දාම් කරන කෙනෙක්. ඉතාම නුදුරු අනාගතයේ ඔහු මාවනැල්ල නගරයේ තමන්ගේ ම දෙමහල් ගොඩනැගිල්ලක් හදන එක ආරම්භ කරාවි.
දැන් ඔබට පේනවා ඇති. ඔබ වටා තිබෙන දැ පිළීබ`දව අවධානය යොමු කළොත් ඔබට කෙතරම් දුර යා හැකි ද කියා. මීට අමරතව ඔබට කළ හැකි දෙවන පියවරක් තිබෙනවා.
03- නව දක්ෂතා ඇති කර ගන්න
ඔබ දැනට ලබන ආදායම දැනට ඔබ සතුව ඇති දක්ෂතා හා කළ හැකි දේ මත ර`දා පවතිනවා. සෑම මසක ම ඔබේ ආදායමෙන් කොටසක් ඔබේ දක්ෂතා වැඩිකර ගැනීමට, අලූතින් යමක් ඉගෙනීමට යොමු කරන්න. වන දැනුම එකතු කර ගන්න. ඔබට පරිගණක දැනුම නැත්නම් පරිගණක ඉගෙනගන්න. ඔබේ දැනුම හා කාලය මුදල් ඉපයීම ස`දහා වැය කරන්න. පරිගණකය ඉදිරියේ ගේම්, ෆේස්බුක් වැනි යමක් වෙනුවෙන් එබ වැය කරන කාලය මුදල් ඉපයීමට යොමු කරන්න. ෆේස් බුක් තුළිනුත් මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවාද? මීට අමතරව පරිගණක භාවිතයෙන් ෆොරෙක්ස් වෙළ`දපොළ, කොටස් වෙළ`දපොළ ආයෝජන ස`දහා යොමුවෙන්න. Affiliate, Web Hosting, Adsence, Odesk වගේ අන්තර්ජාල මුදල් ඉපයීම් ක්‍රම වලට යොමු වෙන්න. (කාගෙන් හරි උදව් ඇතිව කරන්න) ඒ වගේම වෙබ් පිටු හදන්න, ෆොටෝෂොප්, කොරල්ඩ්‍රෝ වැනි මෘදුකාංග භාවික කරමින් නිර්මාණකරණයෙහි යෙදෙන්න. ආදායම් ඔබ වෙත ගලා ඒවි. සරල ම දේ නම් ඔබට වුවමනාව තිබේ නම් කළ හැකි දේ මේ රටෙහි අනන්තයි.
04- ඔබේ වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න
ඔබේ ගෙදර කාමර එකක හරි බඩු පුරවලා නිකම් තියෙනවා නම් කාට හරි කුලියට දෙන්න. අපි හො`දට දන්න අම්පාර මොන්ටි හෝටලය පටන්ගත්තේ එක කාමරයක් කුලියට දීලයි. අම්පාරෙ එහෙම උණාට මේ කොළඔ නුවර ඕව කරන්නෙ කොහොමද කියල අහන අයත් ඉන්නවා. මතක තියා ගන්න. ඔබේ ඔය සිත තමයි මේ වනතුරුත් ඔබේ දියුණුවට බාධා කළේ. (මේ ගැනත් අපි ඉදිරියේදී ලිපියක් ලියනවා)
05- අමතර වගකීම් භාරගන්න-
ලෝකය ගෙවන්නේ ඔබ දරන වගකීම්වලට බව මතක තබාගන්න. වගකීම් ගැනීමට පසුබට වන තැනැත්තා කිසිදා දියුණු වෙන්නේ නෑ.
06- නව සබ`දතා ඇතිකරගන්න
මේ කාරණය හරි වැදගත්. අපිට අපේ ජීවිත වෙනස් කරගත නොහැකි නම් අප ආශ්‍රය කළ යුත්තේ අපිව වෙනස් කළ හැකි අයව බව මකත තබා ගන්න. ඔබ වලේ ඉන්නවා නම් වලේ ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්න එපා. ගොඩ ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්න. නමුත් අපි මේ දක්වා කළේ ඒකෙ අනිත් පැත්ත. ඔෆිස් එකට ආවත් අපි බැලූවේ අපිට ගැලපෙන කෙනෙක් ඉන්නවද කියලා. අපේ ආර්ථිකයට සමාන කෙනෙක්, අපේ සමාජයට සමාන කෙනෙක්, මං වගේ හිතන කෙනෙක් ඉන්නවද කියලයි. අපි අසම්පූර්ණව ඉද්දී තව කෙනෙකුත් එහෙම කියනව නම් අපි හරි කැමතියි. නමුත් ඔබට දියුණු වෙන්න ඕන නම් වහා ම මෙය වෙනස් කරන්න. නෑ බෑ උත්තර බලාපොරොත්තු වෙන්න එපා. අලූත් තැනක අ`දුරන මූනු හොයන්න එපා. අලූත් කෙනෙක් හැම විටෙක ම ජීවිතයට ළං කරගන්න, ඔබට වඩා නුවණින්, ධනයෙන්, බලයෙන් උසස් කෙනෙක්.
07- කොතනකින් හරි පටන්ගන්න
ඔබට දියුණු වීමට අවශ්‍ය නම් මේ දැන් ම කොතනකින් හෝ ආරම්භ කරන්න. ජීවිතයේ දියුණුව කල් දාන්න පුලූවන් දෙයක් නෙමෙයි. සැලසුම් හද හද කාලය නාස්ති කරන්න පුලූවන් දේකුත් නෙමෙයි. සුදුසු කාලය, සුදුසු වේලාව තිබෙන්නේ අනාගතයේ නොව මේ දැන් බව සිහි තබාගන්න. ඔබ නොදැන සිටියාට ඔබ කොතනකින් හෝ ආරම්භ කළ පසු ඔබ තුළ ඇති මහා ශක්තිය අවදි වී අදාළ කටයුත්ත ඉදිරියට ගෙන යනවා. හිත හිත හිටියොත් වෙනස් නොවන බව මතක තබා ගන්න.
08- එක්කෝ යමක් කරන්න- නැත්නම් කරන කෙනෙක් හා එකතු වෙන්න
ඔබට යමක් කළ නොහැකි නම් යමක් කරන කෙනෙකුට කොන්දේසි විරහිතව උදව් කරන්න. කොන්දේසි විරහිතව උදව් කිරීම හරි වැදගත්. මන්ද යත් අපේ රටේ තමන් යමක් කරන්නේ නෑ. කරන්න දෙන්නෙත් නෑ. උදාහරණයක් වශයෙන් රස්සාවකට ගියාම තමන් තමන්ගේ කාර්යය හරියට කරන්නේ නැ. නමුත් අදාළ ආයතනය බිමට දාන්න හැම වැඩක් ම කරනවා. එයින් ආයතනයත් නැති වෙනවා. පෞද්ගලිකව ඔබත් නැති වෙනවා. මේ නිසා යමක් කරන අයෙකුට කොන්දේසි විරහිතව එක්වීම, උදව් කිරීම වැදගත්. එයින් ඔහු දියුණු වේවි. ඔබත් දියුණුවට යාවි.
09- එකවර කෝටිපතියෝ වෙන්න බෑ
බොහෝ අය යමක් ආරම්භ කළ සැණින් දියුණුවක්, සාර්ථක බවක්, හො`ද ආදායමක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබ සිහි තබාගත යුතුයි. මේ ලෝකයේ එකවර දියුණු වීමේ මාර්ග නෑ. ඒ වගේ මායාවක ඔබ මේ දක්වා රැු`දිලා හිටියා. ඔබ මේ දක්වා ලොතරැුයි ගත්තේ, මේ දක්වා ආරම්භ කළ වැඩ අතරමග නවතා දැමුවේ එසේ එක්වර ධනවත් වෙන්නට ඔබට උවමනා වුණ නිසා. නමුත් ඒක මායාවක්. මතක තබා ගන්න. එඩිසන්ටත් නවසිය අනූ නව වතාවක් වැරදුණා. ඒ හැම වෙලාවක ම ඔහු කිව්වේ මොනවද දන්නවද? ‘මං එය වැරදිය හැකි තවත් මාර්ගයක් හොයාගත්තා. දැන් මට ඒ මාර්ගය මගහැර නිවැරදි මාර්ගය සොයාගත හැකියි’. අප විස්වාස කරනවා ඔබට එතරම් වාරයක් වැරදී නොමැති බව. වැදගත්ම දෙය නම් ජීවිතය තුළ පරාජය වීමට බිය වෙන්න එපා. ජයග්‍රහණයක් ලබන්නේ පරාජය වෙන්නත් කැමැති වුණු කෙනෙකු පමණක් බව සිහි තබා ගන්න.
10- ඉතිරි කිරීම ආරම්භ කළ යුත්තේ ලක්ෂයෙන් නොව රුපියලෙනි
බොහෝ අය ඉතිරි කිරීම කල් දමනවා. මේ ප්‍රශ්න ටික ඉවරයක් උණාම ඉතිරි කරන්න පටන් ගන්නවා. මෙහෙම තමයි හැමෝම කියන්නේ. ඒත් ඔබට මතක ඇති කාලයකින් ඔබේ ප්‍රශ්න ඉවර වී තිබෙනවා ද? සැබැවින් ම ඔබ ඉතිරි කළ යුත්තේ ඔබට ඉතාමත් අපහසු කාලවලදී යි. මන්ද යත් ඉතිරි කළ මුදලකින් වැඩි ප්‍රයෝජන ගත හැක්කේ ත් ඒ කාලයේදී වීමයි. ඒ නිසා අද ම ආරම්භ කරන්න. වැදගත් වනුයේ ඉතිරි කිරීම නොව ඉතිරි කිරීමේ පුරුද්දයි. ඒ පුරුද්ද ඇති කරගන්න.
11- දියුණු වීම ස`දහා ඔබේ මනස වෙනස් කර ගන්න
ගෙදර තිබූ පත්තර මිටිය විකුණලා දියුණු වුණු අය ඕන තරම් ඉන්නවා. වැදගත් වනුයේ ඔබට දියුණු වීමට වුවමනාවක් තිබේද යන්න පමණයි. ඔබත් අද ම ආරම්භ කරන්න. ඔබේ ගෙදර කොච්චර පත්තර- ටින් කෑලි-යකඩ තියෙනවාද? ඒවා මුදල් බවට පත් කරන්න. මතක තබා ගන්න. මී කුණක් විකුණලත් මිනිස්සු දියුණු වුණා.
ලිපිය අවසන් කිරීමට පෙර ඔබ මෙතෙක් දියුණු නොවූයේ මන්දැයි පැහැදිළිව ම ඔබට කියන්නම්.
ඔබ සහ ඔබේ අරමුණ අතර ඇති එක ම බාධකය නම් ඔබට ඔබේ අරමුණ ඉටුකරගත නොහැක්කේ මන්දැයි විස්තර කරමින් ඔබ ඔබට ම කියාගන්නා පදනම් විරහිත කථා යි.
ඔබට මූල්‍ය සුරක්ෂිත භාවයක් අවශ්‍ය නම්. ජීවිතය නිදහසේ ගතකළ හැකි වාතාවරණයක් අවශ්‍ය නම් බැහැයි කියමින් හේතු කරුණු නොකියා ඔබට කළ හැකි දෙයින් මේ දැන් පටන් ගන්න. අද දවසේ දී යමෙක් නිදහසේ සතුටින් සිටිනවා නම් ඒ හැම මනුෂ්‍යයා ම ජීවිතේ කොතනකින් හරි බින්දුවෙන් පටන් ගත් අය බව මතක තබා ගන්න.
ඔබට ජය...................................