මේ කරුණු ටික නම් මං වැඩිය භාවිතා කරපු දේවල් නෙවෙයි, ඔයාලට ඕන වෙයි කියලා හිතලා මේ ටික කියන්නේ. භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් වැඩි දුර සොයා බලා කරන්න.
ඔයාගෙ blog එක ක්‍රමයෙන් දියුණු වෙනකොට ඔයා විවිධ වර්ගයේ products ගොඩක් recommend කරන්න පටන් ගනීවි.ඉතිං ඔයාට මුළු වෙබ් අඩවිය පුරාම ඇති banners, links, ads තවදුරටත් manage කර ගැනීමේ අපහසුවක් දැනේවි.
ඉතිං ඒකටත් මමම විසදුමක් කියලා දෙන්නම්. වාසනාවකට මෙන් WordPress සඳහා manage කරගන්න පහසු වන ලෙස සකසා ඇති විශිෂ්ඨ Affiliate Marketing Plugins සහ Tools තියනවා. ඉතිං අපි බලමු ඒ මොනවද කියලා .
1. Thirsty Affiliates
ඔයාගෙ blog එක ක්‍රමයෙන් දියුණු වෙනකොට ඔයාගෙ වෙබ් සයිට් එකට Manually, links add කරන එක තරමක් අපහසු වේවි . ඔයා product එක සඳහන් කරන සෑම අවස්ථාවකදීම ඔයාගෙ affiliate ID එක URL එකත් එක්ක copy කරලා WordPress තුළ paste කරන්න ඕනි වෙනවා.
ඉතිං මේ වෙලාවේදී Thirsty Affiliates එකේ උදවු ගන්න පුළුවන්. මේක ලේසියෙන්ම affiliate link, WordPress එකට බොහොම පහසුවෙන් add කරන්න පුළුවන් affiliate link management plugin එකක්.
ඒ වගේම මෙම plugin එකෙන් දිග affiliate links ඉතාම හුරුබුහුටි කුඩා links බවට පරිවර්ථනය කරනවා. ඉතිං මෙම links ගොඩක් දුරට user-friendly වෙනවා.
ඒ වගේම ඔයාගෙ affiliate ආධායම සැළකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට මෙම plugin එක උදවු වෙනවා. මොකද මෙමඟින් affiliate links හි keywords automatically replace වෙනවා .
2. AdSanity
AdSanity කියන්නේ හොඳම WordPress ad management plugin එක. මේක කොයිතරම් හොඳද කියනවා නම් සෑම affiliate marketer කෙනෙකුගේම toolbox එකේ මේ Plugin එක තිබිය යුතු වෙනවා. ඒවා ඔයාගෙ WordPress site එකේ banner ads create කරන්නත් single dashboard එකක manage කරන්නත් උදවු කරනවා.
ඒ වගේම ඔයාගෙ WordPress posts වලට, pages වලට සහ sidebar widgets වලට ads insert කරන්න ads AdSanity පහසු කරනවා. ඒ වගේම Google AdSense ads සහ banners වගේ third-party ads , manage කරන්නත් ඔයාට AdSanity භාවිතා කරන්න පුළුවන්.