එයාලා සමඟ ඔයා සම්බන්ධ වෙන්න ඔිනි ඇයි කියලා අපි දැන් බලමු
ඇත්තටම Affiliate Networks එකක් කියන්නේ ඔබත් (the affiliate marketer) merchants (products විකුණන්න ඕනි කෙනා) ත් අතර ක්‍රියා කරන අතරමැදියෙක් වගේ කෙනෙක්. හරියට අපේ භාෂාවෙන් කියනවානම් බෝර්කර් කෙනෙක්.
මෙම Affiliate Networks එකක් merchants ට නිෂ්පාදන ලැයිස්තුගත කරන්නත් affiliate traffic එක නිරීක්ෂනය කරන්නත් affiliates manage කරන්නත් payments යවන්නත් උදවු දෙනවා.
ඒ වගේම affiliate marketers ලට products සහ සමාගම් සොයාගන්න affiliate කෙනෙක් විදියට sign up වෙන්න ඔයාගෙ performance and earnings නිරීක්ෂණය කරන්න වගේම ඔයාගෙ earnings කොච්චරද කියලා දැනගන්න උදවු වෙනවා.
ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් popular affiliate networks කිහිපයක් මන් දක්වන්නම්.
ShareaSale – මේක තමයි ලෝකයේ විශාලතම affiliate networks එක. ඒ වගේම මෙහි category ගොඩක් යටතේ ගොඩක් products තියනවා. ඒ වගේම ඒවාට ගෙවන ප්‍රමාණයත් ඉතා වැඩියි. අපි දන්න ප්‍රසිද්ධ සමාගම් වන WordPress hosting company එක WPEngine වැනි සමාගම් ShareASale භාවිතා කරනවා. ඒ වගේම WPEngine වැනි සමාගම් එයාලගේ affiliate partners ලට හොඳ ගෙවීමක් කරනවා.
CJ Affiliate (කලින් හැඳින් වූ නම Commission Junction) – ShareaSale වගේම තවත්
Merchants සහ products විශාල සංඛාවක් සහිත top rate එකේ තියන affiliate network එකක් තමයි CJ Affiliate කියන්නේ. මේකෙදි වෙළෙන්දන් සහ නිෂ්පාදන හරිම නීට් එකට categories බෙදලා organize කරලා තියනවා . ඉතිං අපිට පහසුවෙන්ම අපිට අවශ්‍ය දේ සොයාගන්න පුළුවන්. ඔයාලා හොදටම දන්න GoDaddy, NameCheap වගේ Companies මෙම CJ Affiliate භාවිතා කරනවා. එකේ තේරුම තව විදියකින් කිව්වොත් GoDaddy, NameCheap වගේ ආයතන වල affiliate කෙනෙක් වෙන්න ඕන නම් ඔබට ඒක සිද්දවෙන්නේ CJ හරහා තමයි.
![commission junction](https://www.wigasa.lk/wp-content/uploads/2020/10/commision-juntion-1024x474.png)
ClickBank – මේක නම් ඔන්න affiliate marketers කෙනෙක් වෙන්න පිවිසෙන ඔබට හොඳ තෝතැන්නක්. මොකද මෙය භාවිතා කරන්න බොහොම පහසුයි වගේම අලුතෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙකුට ඉගෙන ගන්න දේවල් ටොන් ගණනක් තියනවා . මේක විවිධාකාර categories යටතේ digital products, sell කරන විශාල market place එකක්.
Amazon Associates – මේක ගැන නම් ඔයා අනිවාර්යයෙන්ම අහලා ඇති . Amazon කියන්නේ මිලියන ගණනක් නිෂ්පාදන සහිත ලොව විශාලතම ecommerce වෙළඳ සැළයි. ඔයාට පුළුවන් එයාලගෙ affiliate program එක සමඟ සම්බන්ධ වෙලා සල්ලි හොයන්න. කොහොමද දන්නවද ? ……. ඔයා කරන්න ඕනි එයාලා දැනටමත් භාවිතා කරන online shopping සඳහා users ලා send කරන එකයි.
MaxBounty කියන්නෙත් තවත් හොද network එකක්, පෞද්ගලික manager කෙනෙකුත් ලබා දෙනවා මෙහිදී ඔබේ දේවල් කතා කරගන්න උදව් ගන්න එහෙම.
ඉතින් මේ වගේ ඒවා තව තියෙනවා Google කරලා සොයාබලන්න තව උනන්දුවක් දක්වන අය.
Impact Radius කියන්නේ ඒ වගේ තව එකක්, පහල දක්වා තියෙන්නේ මගේ පහුගිය මසක Impact Radius Affiliate වල ඉපයීම. $3200 පමණ.
![impact payment](https://www.wigasa.lk/wp-content/uploads/2020/10/impact-payment-1024x341.png)
ඔයා join වෙන්න ඕනි කුමන affiliate network එකටද?
ඔයාට promote කරන්න අවශ්‍ය නිෂ්පාදනය ඇතුලත් වෙලා තියන affiliate network එක ඔයා තෝරා ගන්න. විවිධ නිෂ්පාදන සඳහා affiliate network කිහිපයකට උවත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම ඔයා නිතරම network program policies ගැන හොයලා බලන්න ඕනි. ඔයා promote කරන නිෂ්පාදනයන් සහ වෙළෙන්දන් හැම එකකම program policies සොයලා බලන්න වෙනවා. මේකෙන් ඔයාට ඔයාගෙ earnings, payments, additional incentives පිළිබඳව සහ promote කිරීමට අනුමත කරන ක්‍රමවේදයන් ගැන පැහැදිළි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබට අපැහැදිලි තැන ඔව්න් සමග කතා කර විසදගන්න වුනත් පුලුවන්.
අපි දැන් ඔයාගෙ Earnings වැඩි කර ගන්න පුළුවන් Affiliate Marketing Tips ටිකක් බලමු .
අපි දැන් මූලික කරුණු ඉගෙන ගෙන අවසන්. අපි උපයන මේ මුදල තවත් වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු.
- ප්‍රවර්ධනය සඳහා හොඳ products and companies තෝරා ගන්න.
ඇත්තෙන්ම affiliate marketing කරන කෙනෙක් විදියට ඔයාට කරන්න පුළුවන් නිෂ්පාදන සහ සේවාවන් promote කරන එක පමණයි. නිෂ්පාදනයන්ගේ අනාගතය පාලනය කරන්න ඔයාට බැහැ. එම නිෂ්පාදනයේ ඉදිරියට ඉල්ලුම වැඩි වේවිද? එහෙමත් නැතිනම් පාඩු ලබාවිද කියලා තීරණය කරන්න ඔයාට බැහැ. ඒ නිසා තමයි ඔබ products and companies තෝරා ගද්දි පිළිගත් සමාගම්වල හොඳම නිෂ්පාදන recommend කරන්න යොදාගත යුත්තේ.
මේක කරන්න ලේසිම ක්‍රමය තමයි ඔයා ඇත්තටම පාවිච්චිකරන භාණ්ඩ හා සේවාවන් නිර්දේශ කිරීම සහ promote කරන්න තෝරා ගැනීම. ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙන නිෂ්පාදනයක් promote කරන්න ඕනි නම් භය නැතුව ඔවුන් contact කරගෙන වැඩිදුර විස්තර සොයා බලන්න.
ඔයා එයාලා සමඟ හොඳින් කථා කරලා බැලුවොත් එයාලා ඔයා ගැන පැහැදිලා එයාලගෙ භාණ්ඩ හෝ සේවාවන් සමාලොචනය කරන්න ඔයාට නොමිලේ ගිණුමක් ලබා දෙන්නත් හැකියාව තියනවා.
ඊට අමතරව ගැටලුව තමයි සමහර products වල sale එකක් හෝ එයාලා බලාපොරොත්තු වෙන action එක සිද්ද වුනත් commission එක ඔබට ගෙවන්නේ අදාල ආයතනය අනුමත කරන ලද යම් කාල සීමාවක් තුළ එම action එක සිද්ද වුනොත් පමණයි. ඒ ගැනත් අවදානය යොමු කරන්න. සමහර අවස්ථාවන් තියෙනවා action හරියට track නොවන. එහිදී නම් අපට අදාල action එක සිද්ද වුණා යයි ඔප්පු කරන්න ක්‍රමයක් නැත්තන් අපිට එම commission ලැබෙන්නේ නෑ. එම අවාසිය අපිට අකමැත්තෙන් වුනත් බාර අරන් කරන්න වෙනවා affiliate marketing වලදී.
- ප්‍රයෝජනවත් වටිනා content ඉදිරිපත් කරන්න.
ඔයාගෙ WordPress site එකේ ඕනම තැනක affiliate links and banners එක් කරන්න පුළුවන්. ඒත් banner එක දාපු පමණින් users ලා අතරට ඔයාගෙ නිෂ්පාදනය යන්නේ හෝ නිෂ්පාදනය මිනිසුන් විසින් මිලදී ගන්නේ හෝ නැහැ.
ඉතිං මේ නිෂ්පාදනය ඔයාගෙ වෙබ් අඩවියේ promote කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවද ?
ඔයාට පුළුවන් ඔයාගෙ වෙබ් සයිට් එකේ මෙම නිෂ්පාදනය ගැන වටිනා තොරතුරු එළි දක්වන්න. ඒකෙන් මෙම නිෂ්පාදනයේ ඇති වැදගත්කම මිනිසුන් අතරට යනවා. ගොඩක් affiliate marketers ලා කරන්නේ product එක ගැන ගැඹුරින් product reviews කරන එක. එහෙමත් නැතිනම් එයාලා video reviews ඒ සඳහා යොදා ගන්නවා. ඒ වගේම එම නිෂ්පාදනයේ වාසි සහ අවාසි වෙනත් නිෂ්පාදන සමඟ සසඳා ලියන්නත් ඔයාට පුළුවන්.
- ඔයාගෙ audience එක මොනවගේද කියන එක හැම වෙලාවකදීම මතක තබා ගන්න.
ඔයා නිෂ්පාදනයක් තෝරාගන්න හැම වෙලාවකදීම ඔයාගෙ වෙබ් සයිට් එකේ audience එක මොන වගේද ? එයාලා කැමති මොන වගේ දේවල් වලටද යන කාරණය හැම මොහොතකම සිහිපත් කර ගන්න.
උදාහරණයක් විදියට ඔයා කරන්නේ මන් කරගෙන යන wigasa.lk වගේ site එකක් නම් ඔයාට පුළුවන් website builders, hosting, themes, plugins, වගේ දේවල් promote කරන්න.
ඒ වගේම මතක තබා ගන්න. ඔයාට higher commission එකක් දෙන පලියට නිෂ්පාදන තෝරා ගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඒවාගේ quality එක ගැන සැළකිළිමත් වෙන්න. මොකද ඔයාගෙ recommend එක නිසාම යම් කිසි කෙනෙක් නිෂ්පාදනයක් මිලදී ගෙන එයාට ඒක ඔයා කියපු තරම්ම සාර්ථක නිෂ්පාදනයක් නොවුන හොත් එයාලගෙ ඔයා කෙරේ පවතින විශ්වාසය බිඳී ගොස් නැවත ඔයාගෙ recommendations විශ්වාස නොකරන්නත් ඉඩ තියනවා.