What is SEO? | SEO ගැන හැමදේම

 SEO කියන්නේ search engine optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ වෙබ්පිටුව සොයාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැකසුම් සකස් කිරීම search engine optimization ලෙස සිදු කරනු ලබන්නේ. SEO ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ වර්ග කර දක්වන්න පුලුවන්. On-Page SEO, Off-Page SEO සහ Technical SEO විදියට.

Why is SEO important?

  1. SEO වල තිබෙන ප්‍රධාන වැදගත්කම තමයි අපේ වෙබ්පිටුව වෙත search engine වලින් visitors ලා එහෙමත් නැතිනම් organic traffic එකක් ගෙන්වා ගැනීමට ඇති හැකියාව.
  1. SEO කරලා අපිට target audience එකක් ගෙන්න ගන්න පුලුවන්. ඒ කිව්වේ අපේ website එක samsung smart phones ගැන නම් samsung smart phones වලට කැමති අය තම අපිට search engine එකෙන් එන්නේ. 

ඕනෑම website එකක් කරන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ  target audience එකක් තමයි. එතනිනුත් business කරන අය විශේෂයි. business එකක් කරන කෙනෙක්ට target audience එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් තමන්ගේ business එකට අදාලව කැමැත්තක් දක්වන visitors ලා website එකට එන එක, මොකද එහෙම අයගෙන් තමයි business එකට sale එකක් එන්න අවස්ථාව තියෙන්නේ.

Why is SEO important
seo sri lanka
  1. බොහෝ විට business සහ affiliate marketing වගේ කරන අය ad දාල visitors ලා ගෙන්න ගන්නවා තමන්ගේ website එකට. එහිදී වගේ කිසිම ගෙවීමක් කරන්න ඕන නෑ මේ සදහා. search engine optimize වෙන විදියට website එක හදාගත්තාම කාලයක් එක්ක ranking වල උඩට එන්න පුලුවන් වෙනවා. SEO වලට අදාළ සාදක ගොඩක් බලපානවා හැබයි මේකට ඉතින්.
  1. Online තමාගේ අදායම වැඩි කරගැනීමේ හැකියාව. business, affiliate marketing, විතරක් නෙවෙයි adsense වගේ ad publisher network කරන අයට වුනත් ලොකු අදායමක් වෙත ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මොකද බිලියන 3.5 කටත් වඩා දේවල් දවසක් තුල Google එකේ පමණක් search වෙනවා. ඒ කියන්නේ තත්පරයට 40,000ක් පමණ.

Worldwide search engines market share එක 90% පමණ හිමිව ඇත්තේ Google search engine එක සතුවයි. ඒ කිව්වේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් 90% ම පමණ භාවිත කරන්නේ Google search engine එක, ඒ නිසා තමා SEO වලදී Google එකට වැඩි ප්‍රමුකත්වයක් දීලා වැඩ කළ යුතු වෙන්නේ.

ඔබ තේරුම දැන ගත යුතුම SEO වලදී භාවිතා වන වචන කීපයක්

සමහර විෂයන් ඉගෙන ගද්දි ඒ අදාල විෂයට අදාලව භාවිතා වෙන වචන තිබෙනවා, ඉතින් මේ වචන හරියට අවබෝද කරගත්තේ නැත්තන් සමහර දේවල් හරියටම තේරෙන්නේ නැති වෙනවා. ඒ වගේ වචන කීපයක් තමයි මේ තියෙන්නේ.

  • Organic Traffic: මෙහිදී traffic ලෙස හදුන්වන්නේ website එකට පැමිණෙන visitors ලා. organic traffic කියන්නේ Google වගේ search engines වලින් rank වීමට අදාලව එන්නාවූ visitors ලා. visitor කිව්වේ search කරලා එන මිනිස්සු.
  • Keyword: search engine එකේ විවිද අරමුණු උදෙසා search කරණ ඕනෑම වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් keyword එකක් විදියට හදුන්වන්න පුලුවන්. යම් අවස්ථාවල search terms විදියටද හදුන්වනවා. උදා: best samsung mobile phones, SEO tutorial, youtube
  • Rankings: search engine එකේ rank වෙලා තිබෙන ස්ථානය.
  • SERP (Search Engine Results Page): search engine එකේ ඔබ search කරණ දෙයට අදාළ ප්‍රථිපල ඇතුලත් වෙබ්පිටු.
  • Impressions: SERP එක තුල ඔබේ website එක පෙන්වන වාර ගණන.
  • Meta Title and Description: SERP එකේ පෙන්නන්න එක results එකක ඇති Title එක සහ Description එක.
  • Organic CTR (Click-through Rate): SERP  එකේ පෙන්නන result එක click වෙන වාර ගණන ප්‍රතිශතයක් විදියට. උදා: SERP එක තුල ඔබේ website එක 100 දෙනෙක් දැකලා එයින් 5 දෙනෙක් click කර website එකට පිවිසුනේ නම් ඔබේ Organic CTR එක වෙන්නේ 5%
  • Bounce Rate: ඔබේ වෙබ්පිටු වෙත පැමිණෙන visitors ලා එම පිටුවෙන්ම හැරී යන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොච්චරක්ද යන වග. උදා: ඔබේ website එකේ homepage එකට 100 දෙනෙක් පැමිණ එම වෙබ්පිටුවෙන්ම 60 දෙනෙක් හැරී ගියේ නම් ඔබේ Bounce Rate එක 60%. මෙම අගය අඩුවීම් යහපත් කාරණාවක් ලෙස හදුන්වන්න පුලුවන්. 
  • Search Intent: Search Engine එකේ search කරන කෙනාගේ අභිප්‍රාය, සමහරවිට තොරතුරක් සොයාගැනීම, මිලදී ගැනීමක් කිරීම, සරළ ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීම විය හැක.
  • Algorithm: වෙබ් පිටුවක් ශ්‍රේණිගත කළ යුතු ස්ථානය තීරණය කිරීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කරන program එකක් විදියට හදුන්වන්න පුලුවන්. Algorithm එකක් සදහා සාධක සිය ගණනක් අන්තර්ගතව ඇත. සමහරවිට ඒවායින් බොහොමයක් ප්‍රසිද්දියට පත් නොකරයි.
  • Backlink: එක වෙබ්පිටුවක සිට තව වෙබ්පිටුවකට යොමු කරන ලද link (hyperlink) එකක් backlink එකක් විදියට හදුන්වනවා. මෙහි internal links සහ external links ලෙස වර්ග දෙකක් දැකගන්න පුලුවන්. internal links කියන්නේ එකම වෙබ් අඩවිය තුල පවතින එක පිටුවකින් තවත් පිටුවකට යොමු කරන ලද link එකක් වන අතර external links කියන්නේ එක website එකක වෙබ් පිටුවක සිට තවත් website එකක වෙබ් පිටුවකට යොමු කරන ලද link එකකි.
  • DA (Domain Authority): website එකක් search engine එකේ ශ්‍රේණිගත කිරීමට කොතරම් දුරට ඉඩ ඇත්දැයි පුරෝකථනය කරන metric එකක් තමා  DA කියන්නේ. Moz ආයතනය තමයි මෙය නිර්මාණය කලේ. 0 සිට 100 දක්වා අගයක් සෑම වෙබ් අඩවියකට හිමිවෙනවා. 100 තමා උපරිම හොද මට්ටම. මෙයින් අදහස් වෙන්නේ නෑ DA වැඩි වුන පලියට search engine එකෙන් එම වෙබ් අඩවිය rank කරන බවක්. DA වැඩි වීමට quality content සහ backlinks, trusted බව වැනි දේවල බලපෑමක් තියෙනවා. PA (Page Authority) ලෙස හදුන්වන්නේ මේකෙම URL එකකට පමණක් අදාළ metric එකයි.
  • DR (Domain Rating):මේකත් website එකක් search engine එකේ ශ්‍රේණිගත කිරීමට කොතරම් දුරට ඉඩ ඇත්දැයි පුරෝකථනය කරන metric එකක් තමා Moz වගේම. Ahrefs ආයතනය තමයි මෙය නිර්මාණය කලේ. Moz වගේම තමා, 0 සිට 100 දක්වා අගයක් සෑම වෙබ් අඩවියකට හිමිවෙනවා මේක තුලත්.  DR වැඩි වීමට බලපාන ප්‍රධාන සාදකය වෙන්නේ backlinks තමා මේකෙදි.  UR (URL Rating) ලෙස හදුන්වන්නේ මේකෙම URL එකකට පමණක් අදාළ metric එකයි.
  • White Hat SEO: Google හි Rank කිරීමට යොදාගන්නා ethical SEO tactics යොදාගෙන SEO කිරීම. White Hat SEO ක්‍රමවේදයන් ගැන Google ආයතනය කැමැත්තක් දක්වයි.
  • Black Hat SEO: මෙම ක්‍රමවේදයන් යොදාගෙන ඉක්මන් ප්‍රථිපල ලබා ගැනීමට හැකි වුනත් Google ආයතනය කැමැත්තක් නොදක්වයි. Google algorithm එකට අසුවුනොත් ඔබේ website එක Black Hat SEO ක්‍රමවේදයන් භාවිත කර ඇති බවට, Google penalty ලැබීමට සිදුවේ. penalty කියන්නේ හරියට Google එකෙන් ලබා දෙන දඩුවමක් වගේ. එය ඉතාම අහිතකර තත්වයකට පාර කපා ගැනීමක්. website එකේ අනාගතයට එතරම් සුභදායක නොවේ.