UNITS වල ආයෝජනය කිරීම

ආයෝජකයන්ගෙන් එක්රැස් කරගත් මුදල්වල එකතුවක්, විවිධ වත්කම්වල ආයෝජනය කර ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ එම අරමුදලෙහි ආයෝජකයන්ට නැවත බෙදාදීමේ සරල ක්‍රමයක් ලෙස ඒකක භාර ආයෝජනය ලෙස පෙන්වා දිය හැකිය.


ඒකක භාරවල මූලික ලක්ෂණ

ආයෝජකයන්ගෙන් එක්රැස් කරගත් මුදල්වල එකතුවක් (අරමුදලක්)

ඒකක අලෙවි කිරීම හරහා එක්රැස් කරගත් අරමුදලක්

මෙසේ එක්රැස් කරගත් අරමුදල විවිධ වත්කම්වල ආයෝජනය කරනු ලබයි. (ආයෝජන කළඹක)

වත්කම් බෙදා හැරීම තීරණය කරනු ලබන්නේ අරමුදල්වල අරමුණ මතය

ආයෝජන තීරණ ගනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමයි

ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ස්වාධීන භාරකරුවෙක් මගින් සිදු කෙරෙයි


ඒකක භාර ආයෝජනය අපට වැදගත් වන්නේ ඇයි?

         ඒකක භාර අයත් වනුයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජන ක්‍රම අතරටය. ප්‍රාග්ධන වෙළෙඳ පොළක් කිසියම් රටක් තුළ විශාල කාර්යභාරයක් උසුලයි. ආර්ථිකයක් තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට, සේවා නියුක්තිය ඉහළ නැංවීමට, පුද්ගලයන්ගේ ආදායම් මට්ටම් ඉහළ නංවා ගැනීමට මෙන්ම ඔවුන්ට හොඳ ජීවන මට්ටමක් පවත්වාගෙන යාමටද ප්‍රාග්ධන වෙළෙඳ පොළ උපකාරී වේ. මෙකී සියලු පැතිවලින් දියුණුවක් ලබන විට රටක් ස්වභාවයෙන්ම ආර්ථික සංවර්ධනය වෙතද පියමන් කරනු ඇත.




ඒ අනුව, ගත්විට ඒකක භාර ආයෝජනයද වර්තමානයේදී අප වඩාත් දියුණු යැයි සලකන රටවල්වල ආර්ථිකයන් තුළ ප්‍රබල දායකත්වයක් ලබාදී ඇත. අද වනවිට ඒකක භාර ආයෝජනය දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින ආර්ථිකයන් තුළ ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය ප්‍රාග්ධන වෙළෙඳ පොළට මෙන්ම ආර්ථිකයකටද එකසේ වැදගත් වේ.




තවද, කිසියම් පුද්ගලයෙකුට බැංකුවල මුදල් තැන්පත් කිරීම හෝ ස්ථාවර වත්කම් හරහා ලැබෙන ප්‍රතිලාභය අඩු නම් එවැනි ආයෝජකයන් දිගු කාලීන ඉහළ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන මාර්ග වෙත මාරු වීමක් දැකගත හැකිය. ඉන් කියැවෙනුයේ ඉතිරිකිරීම්වල වර්ධනය සිදුවන්නේ තරමක් මන්දගාමීව බවයි. මේ නිසා ඒකක භාර මගින් ආයෝජකයන්ට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළින් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාවක් උදාකර දෙයි.



 ආයෝජනය කිරීමේ වාසි

කුඩා මුදලක් ආයෝජනය කලහැකි වීම.

වැඩි පොලියක් යටතේ ආයෝජනය වීම.

ලැබෙන පොලිය බැංකුවලට සාපේක්ෂව වැඩි වීම.



UNITS පිලිබදව හැදින්වීම සහ ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න.

දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 4 යි.


2. ආයෝජනය කිරීම

ඔබට ආයෝජන මාර්ගය පහත පරිදි ආයෝජනය කලහැක. අවදානම අඩුම ආයෝජනය,FD වල Invest කිරීම,Share Marcket වල Invest කිරීම




https://youtu.be/cYJsmBMqLFM 


අයෝජනය පිලිබද විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 6 යි.




https://youtu.be/gEztNlpbBSI