සාර්ථකත්වය සම්බන්දයෙන් කතා කරනකොට බොහෝ දෙනෙක් පළවෙනි තැන දෙන්නේ Motivation - අභිප්රේරණය කියන දේට.
නමුත් ඔබ දන්නවාද Motivation කියන දේට මුල්තැන දීමම තමයි ඔබේ සාර්ථකත්වය ලගා කරගැනීමට ඉතා අපහසු එකක් වීමට තියෙන ප්රධානම හේතුව කියලා.
ලෝකයේ ඇත්තටම සාර්ථක වුන මිනිස්සු සාර්ථකත්වය කරා යන ගමනේදී මුල්තැන දුන්නේ Motivation එකට නෙමේ, එයට ලැබුනේ 3 වෙනි තැන, ඔවුන් මුල්තැන හා දෙවැනි තැන දුන්නේ Strategies ( ක්රම ශිල්ප ) හා Action ( ක්රියාත්මක වීම් ) වලට.
එතැනිනුත් පළමු තැන දුන්නේ Strategies වලට, මොකද Strategies නැතුව Motivation හා Action වලට ප්රමුඛත්වය දෙමින් ඉදිරියට ගියොත් අපිට සිද්ද වෙනවා අමාරුවෙන්, කාලයක් ගත කරමින්, දැඩි වෙහෙසක් දරමින් සාර්ථකත්වය කරා ලගා වෙන්න.
නමුත් ඔබ Strategies වලට මුල්තැන දුන්නොත් ඔබට පුලුවන් වෙනවා මේ ගමන ඉතා වේගයෙන් වගේම පහසුවෙන් ගමන් කරලා, කෙටි කාලයක් තුල සාර්ථකත්වය කරා ලගා වෙන්න.
උදාහරණයක් විදිහට ඔබ හිතන්න උත්සාහවන්ත වීම ගැන,
💡 ඔබ ඔබේ ජීවිතයේදී කොයි තරම් උත්සාහවන්ත බව රැකගෙන ඉදිරියට යන්න හදලා තියෙනවාද?
💡 ඔබ කොයිතරම් උත්සාහ කලත් එක පාරක් දෙපාරක් උත්සාහ කරනකොට මේ වැඩේ ඔබට එපා වෙලා අත් හැරලා දාලා තියෙනවාද?
💡 ඒ වගේම ඔබ කීසැරයක් ඒ වෙනුවෙන් තෝමස් අල්වා එඩිසන් වගේ පුද්ගලයිගේ චරිත කතා කියවලා, එඩිසන් විදුලි බුබුළ නිපදවනකොට දහස් වරකට වඩා උත්සාහ කලා කියලා Motivate වෙලා ආයෙන් අමාරුවෙන් එක පාරක් හරි උත්සාහ කරන්න හිත හදාගෙන නැවතත් හිටපු තත්වයටම පත් වෙලා තියෙනවාද?
💡 ඇයි ඔබට සිය දහස් වරක් අසාර්ථක වුනත් නැවත උත්සාහ කරන තැනට හිත හදා ගන්න මේ තරම්ම අමාරු?
ඒකට තියෙන එකම හේතුව තමයි ඔබ උත්සාහවන්ත බව ඇතිකර ගැනීමේ Strategy එක දන්නේ නෑති එක....
උත්සාහවන්ත බව කියන්නේ ඇතිකරගන්න ඕනේ දෙයක් නෙමේ, එය ඉබේ ඇතිවෙන දෙයක්, නොබිදෙන උත්සාහවන්තබවක් ඇතිකර ගැනීමේ Strategy එක තමයි, තමන්ට සාර්ථක වෙන්න ඕනේ කියන දැඩි ආශාව හා තමන්ට සාර්ථක වෙන්න පුලුවන් කියන දැඩි විශ්වාසය ඇතිකර ගැනීම. මේ දෙකේ එකතුව තමයි උත්සාහවන්තබව ඇති කරන්නේ,
සාර්ථක වෙන්න ඕනේ කියන දැඩි ආශාව හා තමන්ට සාර්ථක වෙන්න පුලුවන් කියන දැඩි විශ්වාසය තියෙනතාක් කල් කිසිම මිනිසෙක් කොයිතරම් බාදක ආවත් උත්සාහය අත් හරින්නේ නෑ. මොකද ඔහුට එහෙම හිතෙන්නේ නෑ. ඔහුට නිරායාසයෙන්ම හිතෙන්නේ තව වරක් උත්සාහ කරන්න.
හැබැයි මේ දෙකෙන් එකක් හරි නැති වුනොත්, ඔබට තව පාරක් උත්සාහ කරලා බලන්න තියෙන කැමැත්ත ඔබෙන් ඉබේම ඉවත් වෙනවා...
ඒ නිසා මේ Strategy එක නොදැන ඔබ කොතරම් කෘතිමව උත්සාහවන්ත වුනත් ඔබට කවදාවත්ම එකපාරක් දෙපාරක් උත්සාහ කරනකොට එපා වෙන එක නතර කරගන්න නම් ලැබෙන්නේ නෑ.
ඒ නිසා Strategies නොදැන හදා ගන්න Motivation එක කියන්නේ ඉතාම තාවකාලික දෙයක්! හැබැයි හරි Strategies දන්න කෙනාට , අනිත් මිනිස්සු හරි අමාරුවෙන් කරන්න උත්සාහ කරන බොහෝමයක් දේවල් හරිම පහසුවෙන් කරන්න පුලුවන් වෙනවා...