ලොව ඇති විශාලම උගුල වන්නේ වැටුපයි.එය ඔබගේ මුලු ජීවන රටාවම සීමා කරවයි.ඔබගේ නිදහස , තීරණ ගැනීමේ අයිතිය , තම අදහස් ක්‍රියාත්මක කිරීමේ අයිතිය , තමාගේ ආදායම , තමාගේ දියුණුව , ආදී බාහෝ දේ සීමා කරවයි.නමුත් ඔබගේම ව්‍යාපාරයක් තුලින් මේ සියල්ලම ඔබට අසීමිත ලෙස භුක්ති විදිය හැක.නමුත් මෙයින් අදහස් වන්නේ සියල්ලන්ම ව්‍යාපාර ආරම්භ කල යුතු බව නොව.මොකද එසේ සිදු වුවහොත් ඔබ ආරම්භ කරන ව්‍යාපාරයට පවා සේවකයකු සොයා ගත නොහැකි වනු ඇත.රාජ්‍ය සේවය පවා අඩාල වනු ඇත.
එමෙන්ම තමා රැකියාවක් කරන අයෙක් නම් තමාගේ රැකියාවට ගරු කළ යුතුය.රැකියාවෙන් ලැබෙන වැටුපට ගරු කළ යුතුය. නමුත් න්‍යායක් ලෙස ප්‍රයෝගිකව සලකා බැලූ විට කිසියම් අයෙක් ව්‍යවසායකයෙක් ලෙස අසීමිත ලෙස ඉහත නිදහස භුක්ති විදීමට කැමති අයෙක්නම් ඔබට වඩා යෝග්‍ය වන්නේ තමාටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.එහිදී වැටුපට වඩා ඔබට ලාභය වැදගත් වේ. එයින් ඔබ බලාපොරොත්තු වන සීමා වලින් නිදහස්ව තමා වෙනුවෙන්ම වැඩ කල හැක.වැටුප හා ලාභය අතර ඇති වෙනස එයයි.