කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර.

කොටස්  වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර



දායකත්වයට ඉදිරිපත් කිරීම (Offer For Subscription) - මේකෙදි අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. ප්‍රාථමික කොටස් නිකුතුවක් කියන්නෙත් මේකටමයි.

විකිනීමට ඉදිරිපත් කිරීම (Offer For Sale) - මෙතැනදී අලුත් කොටස් නිකුත් කරන්නේ නැහැ. දැනට ඉන්න කොටස්කරුවන්ගේ කොටස් අලුත් අයට විකිණීමයි මේකෙදි කරන්නේ.

හඳුන්වාදීම (Introduction) - මෙතැනදී කිසිම කොටස් නිකුත් කිරීමක් හෝ විකිණීමක් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරනවා. එතකොට අපිට කොටස් වෙලඳපලෙන්ම කොටස් ගන්න පුළුවන්.


 දැන් මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැන. ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව කියලා පුවරු දෙකක් අපේ කොටස් වෙළඳපලේ භාවිතා කරනවා. ඒවා පාවිච්චි කරන්නේ කොටස් වෙන්කරලා හඳුනා ගන්න.

ප්‍රධාන පුවරුව - ප්‍රධාන පුවරුවේ තියෙන්නේ ලොකු සමාගම් තමයි


  • ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 500ට (රු.500, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  • අඛණ්ඩව වසර 3ක් ලාභ ලබා තිබිය යුතුය.
  • පසුගිය වසර දෙකෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  • මහජන කොටස් හිමිකාරිත්වය 25%ක් අවමව තිබිය යුතුය. 
  • කොටස් 100ට වැඩි කොටස්කරුවන් 1000ක් අවමව සිටිය යුතුය.



දිරි සවි පුවරුව - මේකේ තියෙන්නේ ටිකක් පොඩි වගේම අලුත් සමාගම්.



  • ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 100ට (රු.100, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  • පසුගිය වසරෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  • මහජන කොටස් හිමිකාරිත්වය 10%ක් අවමව තිබිය යුතුය. 
  • කොටස් 100ට වැඩි කොටස්කරුවන් 100ක් අවමව සිටිය යුතුය.
  • සමාගම  ආරම්භ කර වසරක්වත් ගතවී තිබිය යුතුය.