මේ පොස්ට් එකෙන් මම කියල දෙන්න හදන්නේ කොටස් වෙළදපොළේ තිබෙන සමාගම් මොනවද කියන එකයි. නමුත් හැම සමාගම ගැනම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙද්දී කොටස් වෙළඳපලේ සමාගම් 290ක් (මේ අගය වෙනස් වෙන්න පුළුවන්..) ලැයිස්තු ගත කරලා තියෙනවා. ඒ වගේම ඒ සමාගම් සියල්ලම ඒගොල්ලෝ කරන ව්‍යාපාරය අනුව ව්‍යාපාර වර්ග (Business Sectors ) 20කට වෙන් කරලා තියෙනවා. මම මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපාර වර්ග ගැන හැඳින්වීමක් දෙන්නත්. ඒ ව්‍යාපාර වර්ග වලට අදාලව තියෙන සමාගම් මොනවද කියන එකත්.
- බැංකු , මුල්‍ය සහ රක්ෂණ - ව්‍යාපාර ගොඩක්ම ලැයිස්තු ගත කරලා තියෙන්නේ මේ වර්ගයේ තමයි. පෞද්ගලික බැංකු, මුල්‍ය සමාගම්, මුල්‍ය සේවා සපයන සමාගම් වගේම රක්ෂණ සමාගම් මේ කාණ්ඩයේ තියෙනවා. පෞද්ගලික බැංකු වගේම රජයට අයත් බැංකු කිහිපයකුත් ලැයිස්තු ගත කරලා තියෙනවා. සමාගම් ගොඩක් තියෙන නිසා මම ටිකක් විතරක් කියන්නම්. LB Finance, LOLC, Central Finance වැනි මුල්‍ය සමාගම්, හැටන් නැෂනල්, NDB, DFCC, HDFC, සෙලාන්, පෑන් ඒෂියා වැනි බැංකු Ceylinco, NDB, ජනශක්ති වැනි රක්ෂණ සමාගම් ගම් තමයි තියෙන්නේ.
- බීම, ආහාර සහ දුම්කොළ - බීම වර්ග , ආහාර වර්ග නිපදවන සමාගම් තමයි මේකේ තියෙන්නේ. දුම්කොළ වලට නම් තියෙන්නේ ලංකා දුම්කොළ සමාගම (CTC) විතරයි. නෙස්ලේ, බයිරහා, Cargills, Keells Food, Distilleries, Lion Brewery, Ceylon Cold Stores, හරිස්චන්ද්‍ර, කොත්මලේ, රයිගම් ලුණු වැනි සමාගම් තමයි තියෙන්නේ.
- ඉදිකිරීම් සහ ඉංජිනේරු - ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍ර වල ව්‍යාපාර කටයුතු කරන සමාගම් තමා මේ විදියට වෙන් කරලා තියෙන්නේ. මේකේ සමාගම් ගොඩක් නැහැ. සමාගම් 4 ක් තමයි දැනට තියෙන්නේ. ඒවා තමයි Colombo Dockyard, MTD Walkers, Lankem Developments සහ Access Engineering යන සමාගම්.
- රසායනික සහ ඖෂධ - රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ නිෂ්පාදනය කරන සහ විකිණීම් කරන සමාගම් මේ යටතේ ඇත. CIC, Haycarb, Lankem Ceylon, Morisons, වැනි සමාගම් කිහිපයක් මේ යටතේ ලැයිස්තු ගත කරලා තියෙනවා.
- විවිධාංගිකරණ සමාගම් - විවිධ වූ ව්‍යාපාර සිදු කරන සමාගම් මේ යටතේ තියෙනවා. ගොඩක් සමාගම් විශාල සමාගම්. උදාහරණ විදියට Aitken Spence, Hayleys, Carsons, Expolanka, Hemas, Richard Pieris, Jhon Kells වගේ සමාගම් දක්වන්න පුළුවන්.
- පාවහන් සහ ඇඟලුම් - අපේ රටේ ඇඟලුම් කම්හල් ගොඩක් තියෙනවනේ. නමුත් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරලා තියෙන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක්. මේ යටතේ තියෙන්නේ Ceylon Leather, Hayleys – MGT, ODEL කියන සමාගම්.
- හෝටල් සහ චාරිකා - මේ යටතේ හෝටල් ගොඩක් ලැයිස්තු ගත කරලා තියෙනවා. Aitken Spence Hotels, Amaya Leisure, Browns Beach, Galadari, Hotel Sigiriya, Hunas Falls, Taj Lanka, Trans Asia, Lighthouse Hotel, Keells Hotels වගේ සමාගම් වගේම තවත් ගොඩක් ඒවා ලැයිස්තු ගත කරලා තියෙනවා.
- සෞඛ්‍ය ආරක්ෂණ - පෞද්ගලික රෝහල් තමයි මේ යටතේ තියෙන්නේ. දැනට තියෙන්නේ සමාගම් 6ක් වගේ ප්‍රමාණයක් තමයි. ඒවා තමයි Asiri, Asiri Surgical, Durdans, Lanka Hospitals, Nawaloka සහ Asiri Central යන සමාගම්.
- ආයෝජන අරමුදල් - ආයෝජන ක්ෂේත්‍රයේ නිරත වන සමාගම් මේ යටතේ ලැයිස්තු ගත කර ඇත. Ascot Holdings, Ceylon Guardian, Ceylon Investment, Environment Resources, Colombo Fort Investment, Colombo Investment Trust වැනි සමාගම් කිහිපයක් මේ යටතේ ඇත.
- තොරතුරු තාක්ෂණ - මේ යටතේ තියෙන්නේ E – Channelling කියන සමාගම.
- ඉඩම් සහ දේපල - ඉඩම් විකිණීම, ඉඩම් සංවර්ධන වගේ ව්‍යාපාර කරන සමාගම් තමා මේ යටතේ තියෙන්නේ. C T Land, Colombo Land, East West, Overseas Realty, වැනි සමාගම් උදාහරණ විදියට දක්වන්න පුළුවන්.
- නිෂ්පාදන - මේ යටතේ නම් ගොඩක් සමාගම් තියෙනවා. විවිධ දේවල් නිෂ්පාදනය කරන සමාගම් තමයි මේ වර්ගයට අයත් වෙන්නේ. ACL Cables, Chevron, Dankotuwa Porcelain, Kelani Cables, Kelani Tyres, Lanka Ceramic, Royal Ceramic, Tokyo Cement වගේ සමාගම් මේ යටතේ තියෙනවා.
- මෝටර් රථ - වාහන ගෙන්වන සමාගම් තමයි මේ වර්ගයට අයත් වෙන්නේ. DIMO, Lanka Ashok Laylend, Sathosa Motors, United Motors යන සමාගම් මේ යටතේ තිබේ
- ෆාම් තෙල් - ෆාම් තෙල් ක්ෂේත්‍රය ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති වුනත් සමාගම් 5ක් මේ යටතේ තියෙනවා. මෙයාල මෙහෙ ලැයිස්තු ගත කරලා තිබ්බට ව්‍යාපාර සිදු කරන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වල. Bukit Darah, Good Hope, Indo Malay, Selinsing, Shalimar ඒ සමාගම් 5යි.
- බලශක්ති - පෞද්ගලික විදුලි බලාගාර සහ බලශක්තිය ආශ්‍රිතව ව්‍යාපාර කරන සමාගම් මේ යටතේ ඇතුලත් කරලා තියෙනවා. දැනට තියෙන්නේ Hemas Power, Hydro Power Free Lanka, Lanka IOC, Panasian Power, Vallibel Power Erathna, Vidullanka, Laugfs Gas, Mackwoods Energy සමාගම්.
- වැවිලි - තේ, පොල්, රබර් වගේ වැවිලි බෝග වග කරන වැවිලි සමාගම් මේකට අයත් වෙනවා. බලන්ගොඩ, වටවල, බොගවන්තලාව, කෑගල්ල, කොටගල වගේ වැවිලි සමාගම් තියෙනවා.
- ගබඩා සහ සැපයුම් - මේ යටතේ තියෙන්නෙත් Colombo Pharmacy, E B Creasy, Gestetner, Hunters සමාගම් 4 විතරයි. මෙයාලා කරන්නේ විවිධ භාණ්ඩ ගෙන්වලා ඒවා ගබඩා කර තබාගෙන ඒවා විකිණීම.
- සේවා - මේකේ තියෙන්නේ විවිධ සේවා සමාගම්. තේ බ්‍රෝකර්වරු, මුද්‍රණ ආයතන වගේ ඒවා. John Keells, Kalamazoo, Lake House Printers. Merchantile Shipping, Ceylon Tea Brokers සමාගම් 5 විතරයි මේ යටතේ තියෙන්නේ.
- විදුලි සංදේශ - දුරකථන සමාගම් තමයි මේ යටතේ තියෙන්නේ. නමුත් තියෙන්නේ Dialog, SLT සමාගම් 2 විතරයි.
- වෙළඳාම් - මුලිකවම විවිධ වෙළඳාම් කරන සමාගම් තමයි මේ යටතේ තියෙන්නේ. Browns, C.W.
Mackie, Eastern Merchant, Radiant Gems, Singer Sri Lanka, Tess Agro, Ceylon & Foreign Trades යන සමාගම් විතරයි මේ වර්ගයට අයත් වෙන්නේ.