කොටස් මිලදී ගත හැකි ක්‍රම. කොටස් වෙළදපොලේ ආයෝජණය කරමු.

 කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම  මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.



  1. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) 

  1. තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)

ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering)


සමාගමක කොටස් නිකුතුවක් ප්‍රාථමික කොටස් නිකුතුවක් ලෙස හැඳින්වේ. සමාගම කොටස් නිකුත් කරන විට අපිට කොටස් මිලදී ගත හැකිය. මෙහිදී සමාගම සාංගමික සංස්ථා ප්‍රකාශය (Prospectus), ව්‍යවස්ථාව (Articles) සහ එහි අනාගත අරමුණු ඉදිරිපත් කරයි . ඒවා හොඳින් කියවා අවබෝධ කරගෙන. හොඳ සමාගමක ආයෝජනය කල යුතුය. යම් සමාගමක් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට ප්‍රාථමික කොටස් නිකුතුවක් කරන්නේ නම් එයට අයදුම් කිරීමට ඔබට CDS ගිණුමක් තිබිය යුතුය.


තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)




ද්වියිතික වෙලඳපල යනු කොටස් වෙළඳපලයි. මෙහිදී ඔබට තැරව්කරුවෙක් හරහා කොටස් මිලදී ගැනීම/ විකිණීම සිදු කල හැකිය.

කොටස්  මිලදී ගැනීමට සහ විකිනීමට තැරව්කරුට උපදෙස් දිය හැකි ක්‍රම කිහිපයක් තියෙනවා.



  • දුරකතනයෙන් දැනුම් දීමෙන්
  • ෆැක්ස් මඟින්
  • ඔහුව මුණගැසීමෙන්
  • අන්තර්ජාලය හරහා

මෙහෙම උපදෙස් දෙද්දී හරියට උපදෙස් දෙන්න ඕන. පහත දේවල් හරියටම කියන්න වෙනවා.


  • සමාගමේ නම
  • කොටස් ප්‍රමාණය
  • කොටසක වටිනාකම

මුදල් ගෙවීම


  1. අප විසින් මිලදී ගන්නා කොටස් සඳහා මිලදී ගත් දින සිට දින 3ක් (T+3) ඇතුලත ගෙවිය යුතුය.

  1. අප විකුණන කොටස් සඳහා අදාල ගෙවීම් විකුණු දින සිට දින 3කින් (T+3) ලැබේ.

එසේම අපි සිදු කරන හැම ගනුදෙනුවකටම යම් මුදලක් ගෙවන්න වෙනවා (Transaction Cost). ඒ කියන්නේ අපි කරන ගනුදෙනුවෙන් සියයට ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒක පහත විදියට තමයි සිදු වෙන්නේ.


රු. මිලියන 100ක් දක්වා ගනුදෙනු සඳහා 
 1.12% ක් 





රු. මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා පළමු මිලියනය 100  සදහා 1.12% වැඩිවන මිලියනය සදහා  0.6125% මුදලක් අයකරනු ලැබේ  පහත රුපය බලන්න 





මෙම ගෙවීම් යම් යම් කාල වලදී වෙනස් වෙනවා. දැන් තියෙන්නේ මේ ගණන් වලින් තමයි. අපි කරන ගනුදෙනු වල මුළු ගණනින් ප්‍රතිශතයක් විදියට තමයි මේක අය වෙන්නේ.



මේ පොස්ට් එකෙන් කොටස් ගන්න හැටිත් කොටස් ගද්දි සහ විකුනද්දී වෙන වියදම් ගැනත් කියල දුන්නනේ. ඊළඟ එකෙන් කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැනත් සමාගම් වර්ග ගැනත් කියල දෙන්නම්.