කොටස් තෝරා ගන්නේ කෙසේද? කොටස් වෙළදපොලේ ආයෝජණය කරමු.

 

මාගමක කොටසක් යනු කුමක්ද?

කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි.සමාගමක  කොටස් වර්ග කිහිපයක් තිබේ 

01 සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordinary Shares (N)


  • සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබේ.

  • සමාගම ලාභාංශ ගෙවන විට එය ලැබීම.

  • සමාගමක් ඈවර (වසා දමන විට) කරන විටසියලුම ණයහිමියන්ණයගැතියන් හා තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් වලින් පසුව කොටස්කරුවන්ට ගෙවීම් කරනු ලැබේ.


02 ඡන්ද බලය නොමැති  කොටස් - Non-Voting Ordinary Shares (X)

  • සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හැර සාමාන්‍ය කොටස් වල අයිතීන් සියල්ල ලැබෙයි.


03 වරණිය කොටස් - Preference Shares (P)


  • කලින් ගිවිසගත් ලාභාංශ අනුපාතයක් ඇත.

  • සාමාන්‍ය කොටස්කරුවන්ට පෙර ලාභාංශ ලැබේ.

  • ඈවර කිරීමකදී සාමාන්‍ය කොටස්කරුවන්ට වඩා ප්‍රමුඛතාවය ලැබේ.


04 බලපත්‍ර - Warrants (W)


  • සමාගමේ සාමාන්‍ය කොටස් යම්කිසි ගිවිසගත් මුදලකට අනාගතේදි මිලදී ගත හැකිය.


කොටස් වෙළඳපලේ ආයෝජනය අවදානම් සහගතවේ. ලාභ මෙන්ම පාඩුද සිදු විය හැකිය. එම අවදානම අඩු කරගැනීමට පහත දේ සිදු කල හැකිය.


කොටස් මෙන්ම බැඳුම්කරද (Debentures) මිලදී ගැනීම.


ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීම. එවිට එක ක්ෂේත්‍රයක් හොඳින් ක්‍රියානොකරන විට එයි පාඩු සිදු වුනොත් වෙනත් හොඳ ක්ෂේත්‍රයකින් පාඩුව වලක්වා ගත හැකිය. උදාහරණයක් වශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ ඇති වූ පාස්කු ප්‍රහාරයත් සමග හෝටල්  සෙස්තරය කඩා වැටීමකට ලක් විය එම නිසා හෝටල් සෙස්තරයේ ආයෝජකයන්ට පාඩු සිදු විය  


නමුත් එකම ක්ෂේත්‍රයේ වුවත් සමාගම් කිහිපයක ආයෝජනය කිරීමෙන්  එවිට එක සමාගමක් හොඳින් නැති විට වෙනත් සමාගමකින් පාඩුව වලක්වා ගත හැකිය. 


ආයෝජනයේ ප්‍රතිලාභ


  • ප්‍රාග්ධන ලාභ (Capital Gains) - ඔබ යම් කොටසක් මිලදී ගෙන එය නැවත වැඩි මිලකට විකුණු විට එය ප්‍රාග්ධන ලාභයකි. මෙහිදී පාඩුද සිදුවිය හැකිය. (කොටස් මිල පහල ගිය විටදී විකුණුවහොත්). ප්‍රාග්ධන ලාභයන් අදායම් බද්දෙන් නිදහස් වේ.

  • ලාභාංශ (Dividends) - යම් සමාගමක් එය ලද ලාභය අනුව ලාභාංශ ගෙවීම සිදු කරයි. නමුත් එය අනිවාර්ය නොවේ. නමුත් සමහරක් ව්‍යාපාර අවුරුද්දකට 4 වතාවක් ලබංශ ගෙවයි  උදහනයක් වශයෙන් CEYLON TOBACCO COMPANY, CHEVRON LUBRICANTS LANKA සමාගම් හදුන්වාදිය හැක

  • හිමිකම් නිකුතු (Rights Issues) - සමාගමක කොටස්කරුවන්ට පවතින මිලට වඩා අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගැනීමට ලැබෙන අවස්ථාවකි. සමාගමට ප්‍රාග්ධනය රැස් කිරීමට හිමිකම් නිකුතු සිදු කෙරේ. පවතින කොටස් වල අනුපාතයකට අනුව මෙය නිකුත් කරයි.

  • ද්‍රවශීලතාව (Liquidity) - කොටස් වෙළඳපලේ පවතින කොටස් ද්‍රවශීලතාවෙන් යුක්තය. එනම් ඔබට අවශ්‍ය විටක පහසුවෙන්ම ඒවා මුදල් බවට පත්කර ගත හැකිය.


මෙම කොටසින් කොටස් වර්ගආයෝජනයේදී ඇති අවධානම අවම කරගන්න හැටි සහ ආයෝජනයේ ප්‍රතිලාභ ගැන දැනුමක් ලැබුන කියල මම හිතනවා. ඊළඟ පොස්ට් එකෙන් කොටස් මිලදී ගන්න හැටි කියල දෙන්නම්.


sharae marcket එක ගැන ධම්මික පෙරේරාගේ හඩින්