රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ


භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ


• භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි.

• ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා සහ ආයෝජන මූලාශ්‍ර සපයයි.

• තව ද, භාණඩාගාර බිල්පත් වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකයේ විචලනයන් කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබා දෙයි. එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හි වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාව කෙරෙහි ද බලපායි.

• ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවිට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.



භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ




අයවැය අවශ්‍යතා මත දේශීය රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය විට, 1937 අංක 7 දරන (සකස් කරන ලද) ව්‍යාපාර හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින්, කෙටි කාලීන හා දිගුකාලීන ණය උපකරණයක් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම, නියමිත දිනට පොලී ගෙවීම හා කල්පිරීමේ දී ප්‍රාග්ධනය නැවත ගෙවීම යනාදිය සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තුවේ දී වාර්ෂික ව සම්මත වන විසර්ජන පනතේ දී දැක්වෙන වාර්ෂික ණය ඉලක්කයන් අනුව, ශ්‍රී ලංකා රජය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා බලය ලබයි.


භාණ්ඩාගාර බැඳුම්කරවල ප්‍රධාන ලක්ෂණ


✱අවදානම් රහිත, ගිල්ට් එජ් ණය උපකරණ


✱වසර 2 – 30 දක්වා කල්පිරීම් තිබීම


✱අර්ධ වාර්ෂික කූපන ගෙවීම් හා කල් පිරීමේ දී ප්‍රාග්ධනය නැවත ගෙවීම


✱ ඵලදා අනුපාතිකය වෙළෙඳපොළ අනුව තීරණය වීම


✱ද්විතීයික වෙළඳපොළේ අලෙවි කළ හැකි වීම


✱ නිර්ලේඛන ආකෘති පතක් ලෙස නිකුත් කිරීම


භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන වාසි


✱ රජය විසින් නිකුත් කරනු ලබන නිසා සම්පූර්ණ ලෙස ම අවදානම් රහිත ආයෝජනයක් වීම. එම නිසා, ඒවා රත්‍රන් වලින් ආවරණය වන ගිල්ට් එජ් සුරැකුම්පත් ලෙස හඳුන්වනු ලැබේ.is an


✱වෙළඳපොළ අනුව ඵලදා අනුපාතික තීරණය වන බැවින් ඉහළ පොලී අනුපාතයක් ලබාගත හැක.


✱මෙම බැඳුම්කර ද්විතීයික වෙළඳපොළ තුළ අලෙවි කළ හැකි බැවින් ක්ෂණික ද්‍රවශීලතාවකින් යුක්ත වීම.


✱සියලු කල්පිරීම් හා පොලී ආදායම් නැවත රැගෙන යා හැකි වීම.


✱වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ හවුල් ආයෝජනයන් සිදුකළ හැකි වීම.


✱ආරම්භයේ දී ම සියයට 10 ක රැඳවුම් බද්දක් අය කරන බැවින් තවදුරටත් බදුවලින් නිදහස් වීම.


✱මෙම බැඳුම්කර මත මුද්දර බදු ගෙවිය යුතු නොවීම.


✱ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ආයෝජන අති නවීන නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය හා ස්වයංක්‍රීය මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් පවත්වාගෙන යෑම.