බැඳූම්කරයක වැදගත් අංග

 බැදූම්කර වෙළඳපොළ තුළ ආයෝජකයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි බලපානු ලබන වැදගත් අංග ලක්ෂණ කිහිපයකි.


මුහුනත වටිනාකම

මුහුනත අගය හෙවත් නාමික අගය යනු භාණ්ඩාගාර බැදූම්තරයක් හෝ සාංගමික ණය කරයක් වෙනුවෙන් පරිණත කාලය අවසන් වීමේදී ඒවා නිකුත් කරන්නන් විසින් ගෙවීමට පොරොන්දූ වන මුදලයි. ඒ ඒ බැඳුම්කර වල මුහුනත අගයේ ප්‍රමාණය ඒවා නිකුත් කරන්නන් විසින් තීරණය කරනු ලබයි.


පොළී අනුපාතිකය

මෙහිී පොලී අනුපාතිකය යනුවෙන් අදහස් වන්නේ බැදූම්කර වල ආයෝජනය කරන්නෙකුට එම බැදූම්කරය කල් පිරෙන කාළය තෙක් ඒවා නිකුත් කරන්නන් විසින් ගෙවනු ලබන ස්ථාවර පොළී අනුපාතිකයයි.


කල්පිරීමේ දිනය

මෙහි ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවා නිශ්චිත පරිනත දිනයක් සහිතව නිකුත් කොට තිබීමයි. පරිනත දිනය යනු ඒවා නිකුත් කිරීමෙන් පසු නාමික අගය ආපසු ගෙවීමට බැඳී සිටින දිනයයි. බැඳුම්කර යනු දිගුකාලීන ණය සුරැකුක් වන බැවින් පරිණත කාලය වසරකට වඩා වැඩි වේ. අරමුදල් වල අවශ්‍යතාවය මත අදාල බැඳුම් කරන්නන් විසින් පරිණත කාලය තීරණය කරනු ලබයි.


බැඳූම්කරය හා බැඳූණු විකල්ප ප්‍රතිලාභයන්

මින් අදහස් කරනුයේ බැඳුම්කරයක් මිලදී ගැනීමේදී ඒ සමග භැදී පවතින අනිකුත් සුවිශේෂී ප්‍රතිලාභයන් හා වාසි දායක තත්වයන්ය. මෙය වූ කලී ආයෝජකයින් බැඳුම්කර වල ආයෝජනය කිරීම කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන සාධකයකි. උදාහරනයක් ලෙස ජාතිය ගොඩනැගීමේ බැඳුම්කර සඳහා බදූ සහන සහිතව නවීන මෝටර් රථයක් ආනයනය කාරීමේ අවස්ථාව ලබාදීම පෙන්වා දිය හැක. මෙහිදී වාහනයේ වටිනාකම ආයෝජනය කරන ලද බැඳුම්කර වල වටිනාකමින් 20% ක් නොඉක්මවන්නේ නම් ඒ සඳහා අදාල වන බද්දෙන් 75% ක බදූ සහනයක් ලැබේ. එමෙන්ම සංවර්ධන බැදූම්කර සඳහා දෙදෙනෙකුගේ නමින් ආයෝජනය කිරීමට හැකිවීමද දැක්විය හැකිය. මේ අනුව පැහැදිලි වන්නේ ඉහතින් කරන ලද බැදූම්කරයක ඇතුලත් වන්නා වූ අංග ලක්ෂණ තුළින් ඒවා මිළදී ගැනීම පිළිබඳ වඩාත් කාර්යක්ෂම තීරණයකට එළබීමට අවශ්‍ය වන්නා වූත් අත්‍යවශ්‍ය වන්නාවූත් වැදගත් වූත් තොරතුරු ඉදිරිපත් කරන බවයි.



ප්‍රාථමික වෙළඳපොළ

රජය විසින් භාණ්ඩාගාර සුරැකුපත් මහ ජනතාවට අළෙවි කොට මුදල් ලබා ගන්නා වෙළෙඳපොළ ප්‍රාථමික වෙළෙඳපොළ ලෙස හදූන්වනු ලැෙබි. මෙම වෙළෙඳපොළේ දී ප්‍රාථමික අළෙවි කරුවන් හට බැඳුම්කර වෙන්දේසි ක්‍රමයට අළෙවි කරනු ලැබේ.


ප්‍රාථමික අළෙවිකරුවන්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රෘථමික වෙළඳපොළට සහභාගී වීම සඳහා අවසරය ලබා දී ඇති ආයතන ප්‍රාථමික අළෙවිකරුවන් ලෙස හැÈන්වේ. දැනට අනුමත ප්‍රාථමික අළෙවිකරුවන් 11ක් ඇත. එම ආයතන වන්නේ


ලංකා බැංකුව

කැපිටල් එලයන්ස් සමාගම

සෙලින්කෝ ශ්‍රීරාම් සුරැකුම්පත් සමාගම

කොමර්ෂල් බැංකුව

ෆස්ට් කැපිටල් ටේ‍රෂරිස් සමාගම

එච්. එන්. බී සුරැකුම්පත් සමාගම

නැට්වෙල්ත් සුරැකුම්පත් සමාගම

එන්. එස්. බී අරමුදල් කළමණාකරණ සමාගම

මහජන බැංකුව

සම්පත් සුරැකුම්පත් සමාගම

සෙලාන් බැංකු වත්කම් කළමනාකරණ සමාගම

මෙම ප්‍රාථමික අළෙවිකරුවන්ගේ මූලික කාර්ය භාර්ය වන්නේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසි වලට සහභාගි වීමත් භාණ්ඩාගාර සුරැකුම්පත් සම්බන්ධයෙන් ද්විතීක වෙළඳපොළේ ගණු දෙණු කිරීමත්ය.


ප්‍රාථමික වෙන්දේසිය

රජය විසින් මහජනයාට රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කරන වෙන්දේසිය ප්‍රාථමික වෙන්දේසිය ලෙස හැදිනවේ. රජයේ මුදල් අවශ්‍යතාවය මත මසකට තුන් හෝ හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පවත්වනු ලැබේ. වෙන්දේසි නිවේදනය" වෙන්දේසි දිනයට අවම වශයෙන් දින දෙකකට පෙර ප්‍රධාන පුවත්පත් වල පළ කරයි. ප්‍රාථමික වෙන්දේසිය තුළින් බැඳුම්කර මිලයට ගැනීමට බලාපොරොත්තු වන සෑම ආයෝජකයෙක්ම තමන්ගේ ලංසු ප්‍රාථමික අලෙවිකරුවෙකු මගින් වෙන්දේසි දිනයේ පෙ.ව 11 ට පෙර මහ බැංකුවට ඉදිරිපත් කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් ඉÈරිපත් කරණ ලංසුවක අවමය රු.මි. 5 ක් ද ලංසුව එම ප්‍රමාණය ඉක්මවන විට එම ඉක්මවන ප්‍රමාණයන් රු. මිලියනයේ ගුණිතයන් විය යුතුය. මහ බැංකුව විසින් ලංසු පිළිගනු ලබන්නේ අවරෝහන ක්‍රමයටය. එනම් වෙන්දේසියට ඉÈරිපත් කරණ සුරැකුම්පත් සඳහා ලැබෙන ඉහලම ලංසුවේ සිට රජය ලබා ගැනීමට කැමති මුදල් ප්‍රමාණයක් දක්වා ලංසු පිළිගනු ලැබේ. මෙම වෙන්දේසි ක්‍රමය බහුමිල වෙන්දේසියක් වශයෙන් හදූන්වනු ලැබේ. එනම් පිළිගනු ලැබූ ලංසු වලට ලැබෙන මිල එම ලංසුව විසින් ඉÈරිපත් කල මිලයි. ඒ අනුව එක් එක් ආයෝජකයාට බැදූම්කර සඳහා ගෙවීමට සිදූවන්නේ විවිධ මිලයන් හෙවත් තමා විසින් ලසුවට ඉදිරිපත් කරන ලද මිලයි. වෙන්දේසියේ සාර්ථක වූ ලංසු කරුවන්ට එු බව නියමිත කාලයේ සිට පැය දෙකක් ඇතුලත දැනුම් දෙනු ලැබේ. වෙන්දේසියේ ප්‍රතිඵල වෙන්දේසියට පසු දින ප්‍රධාන පුවත් පත්වල පළ කරයි. සාර්ථක ලංසු කරුවන් විසින් තම මිලයට ගැනීම සඳහා මුදල් වෙන්දේසි දින සිට දින 2ක් ඇතුලත ගෙවිය යුතුය.



ද්වීතික වෙළඳපොළ

ප්‍රාථමික වෙන්දේසියෙන් පසු ව ඒවා ආයෝජකයන් අතර ඒවා ගනුදෙනු කිරීම ද්වීතික වෙළඳපොළේ සිදූවේ. එනම් සාමාන්‍ය ජනතාව බැදූම්කර වෙළඳපොළ හා සම්බන්ධ වන්නේ ද්වීතික වෙළඳපොළ හරහාය.


ද්වීතික වෙළඳපොළ සහභාගිකරුවන්

ද්වීතික වෙළඳපොලේ ගනුදෙනු කළ හැක්කේ මහ බැංකුව අනුමත කර ඇති ආයතන මාර්ගයෙන් පමණි. මහ බැංකුව විසින් මේ සඳහා ප්‍රාථමික අළෙවිකරණ ආයතන 11 ට අමතරව බලපත්‍රලාභී වානිජ බැංකු 23 ක් පත්කොට ඇත. ඒ අනුව ද්වීතීක වෙළඳපොළ සඳහා සහභාගිකරුවන් 34 දෙනෙකු අනුමැතිය ලබා සිටී. මීට පෙර '4.1 ප්‍රාථමික අළෙවිකරුවන් ' යන මාතෘකාව යටතේ ප්‍රාථමික අළෙවිකරණ ආයතන 11 දත්වා ඇති අතර ද්වීතීක වෙළඳපොළ සහභාගිකරුවන් පහත දැක්වේ.


ලංකා බැංකුව

සිටි බැංකුව

කොමර්ෂල් බැංකුව

ඩොයිෂ් බැංකුව

ඩී.එෆ්.සී.සී වර්ධන බැංකුව

හබීබ් බැංකුව

හැටන් නැෂනල් බැංකුව

හොංකොං සහ ෂැංහයි බැංකුව

අයි.සී.අයි.සී.අයි බැංකුව

ඉන්දියානු බැංකුව

ඉන්දියානු ඕවර්සීස් බැංකුව

එම්.සී.බී බැංකුව

ජාතික සංවර්ධන බැංකුව

නේෂන් ට්‍රස්ට් බැංකුව

පෑන් ඒෂියා බැංකුව

මහජන බැංකුව

පබ්ලික් බෑන්ක් බර්හඩ්

සම්පත් බැංකුව

සෙලාන් බැංකුව

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් (පකිස්ථානු- බැංකුව

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව

ඉන්දියානු රාජ්‍ය බැංකුව

යූනියන් බැංකුව

ආයෝජකයන් හට මෙම ආයතන මගින් බැඳුම්කර මිලදී ගැනීමට හෝ විකිනීම සිදූ කළ හැක.


ද්වීතීක වෙළඳපොළේ මිළ හා ඵලදා අනුපාතිකයන්

බැඳුම්කර සඳහා ද්‍රවශීල වෙළඳපොළක් පවත්වාගෙන යාම සඳහා ප්‍රාථමික අළෙවි කරුවන් හට විශාල වගකීමක් පවතී. ඒ සඳහා ඔවුන් ආයෝජකයින් ගෙන් බැඳුම්කර මිල§ ගැනීම හා විකීනීම සිදූකළ යුතුය. එසේ විකිනීමට සූදානම් මිළ විකුණුම් මිළ වශයෙන්ද ම්ළදී ගැනීමට සූදානම් මිළ ගැණුම් මිළ වශයෙන්ද හැසින්වේ. මෙම ගැනුම් හා විකුණුම් මිළයන් දෛනිකව දැක්වීමට ප්‍රාථමික අළෙවිකරුවෝ බැඳී සිටිති. මෙම මිළයන් දෙපැති මිළයන් වශයෙන් හැදින්වේ.


ඵලදා වක්‍රය

මෙමගින් දැක්වෙනුයේ කිසියම් දිනයක පවතින මිළ ගණන් අනුව විවිධ පරිණත කාළ සහිත බැඳූම්කර ආයෝජකයෙකු විසින් මිල§ ගෙන එය පරිණතිය තෙක් තබා ගතහොත් ඔහුට අපේක්ෂා කළ හැකි ප්‍රතිලාභය දැක්වෙන වක්‍රයයි. මූලික වශයෙන් ආරෝහන" අවරෝහන හා සමතල ඵලදා වක්‍ර දැකියහැකිවේ.