1997 - වසර 2-6 පරිනත කාළයකින් යුතු බැඳූම්කර නිකුත් කිරීම.
1997 - ප්‍රාථමික වෙළෙන්ඳන් හට ප්‍රාථමික වෙන්දේසියට ප්‍රවේශ වීමට අවසර ලැබීම.
1998 - මහ බැංකුව විසින් අමතර ගනු දෙණු මාධ්‍යයක් වශයෙන් භාණ්ඩාගාර බැඳූම්කර පිළිගනු ලැබීය.
1998 - ඉලෙක්ට්‍රොනික ලංසු තැබීමේ ක්‍රමය හඳූන්වාදෙනු ලැබීය.
1998 - ද්‍රවශීල වත්කමක් ලෙස භාණ්ඩාගාර බැඳූම්කර පිළිගනු ලැබීය.
1998 - ‘Jumbo Issues ’ ක්‍රමය හඳූන්වාදෙනු ලැබීය.
1999 - කල්පිරීමේ කාලය වසර 6 දක්වා දීර්ගකරනු ලැබීය.
2000 - භාණ්ඩාගාර බැඳූම්කර ‘Call option’ සමග නිකුත් කරන ලදී.
2003 - භාණ්ඩාගාර බැඳූම්කර වල කල් පිරීමේ කාලය වසර 10" 15 හා 20 වශයෙන් නිකුත් කරන ලදී.
2003 - Bloomberg බැඳූම්කර වෙළඳාම් කිරීමේ ක්‍රමය ප්‍රාථමික වෙළෙන්ඳන් හට හඳූන්වාදෙන ල§.
2004 - රජය විසින් Scripless Securities Settlement (SSS) ක්‍රමය හා Central Depository System (CDS) හඳූන්වා දෙනු ලදී.
2005 - මිළ දර්ශකයට අදාල භාණ්ඩාගාර බැඳූම්කර නිකුත් කරනු ලැබීය.
2006 - විදේශ ආයෝජකයන් සඳහා බැඳූම්කර වෙළඳපොළ විවෘත්ත කරණ ලදී ( නොපියවා ඇති සාම්ප්‍රධායික බැදූම්කර වල මුළු එකතුවෙන් 5%ක ප්‍රමාණයක් )
මෙම දශකය භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ සඳහා සුවිශේෂී දශකයක් විය. එනම් භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ තුළ සිදූ වූ බොහෝ වෙනස්කම් මෙම දශකය තුළ ඇති විය. වසර 2-6 පරිණත කාළයකින් යුත් භාණ්ඩාගාර බැඳූම්කර පළමුවෙන් හඳූන්වා දූන්නද 2001 වර්ෂය වන විට එුවායේ පරිණත කාළය වසර 2-3 ට සීමා විය නමුත් 2003 වර්ෂයේ§ නැවතත් පර්නත කාළය වසර 20 දක්වා දීර්ඝ කරණු ලැබීය.
2001 වර්ෂයේදී සංවර්ධන බැඳූම්කර හදූන්වා දීම තවත් සුවිශේෂී කඩඉමක් ලෙස දැක්විය හැක. මේ හරහා විදේශ ආයෝජන මෙරටට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර ප්‍රාග්ධන වෙළඳපොළෙහි ශක්තිමත් භාවයට එය ඉවහල් වේ.
අන්තර් බැංකු ගෙවීම් හා පියවීම් සඳහා පහසුකම් සැපයීම හා ලංකා සෙට්ල් පද්දතිය හදූන්වා දීමෙන් 2003-2004 වර්ෂ වල§ භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ වඩාත් කාර්යක්ෂම ලෙස වර්ධනය කරනු ලැබීය. එමෙන්ම පත්‍රිකා රහිත සුරැකුම්පත් පියවීමේ පද්දතියක් හදූන්වා §මත් සමග භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ පරිගනක ගත කරනු ලැබීමෙන් වඩාත් කාර්යක්ෂම විය. 2005 දී ප්‍රථම වරට රාජ්‍ය බැංකු විසින් රජයට දී ඇති බැංකු අයිරා පහසුකම් භාණ්ඩාගාර බැඳූම්කර බවට හැරවීමේ ක්‍රියාවලිය තුළ තුන් අවුරුදූ කල් පිරීමේ කාළයක් සහිත මිළ දර්ශනය හා බැඳි බැඳූම්කර රජය විසින් නිකුත් කිරීමයි.
භාණ්ඩාගාර බැඳූම්කරවල ආයෝජන අවදානම
භාණ්ඩාගාර බැඳූම්කර අවදානම් විරහිත වත්කමක් ලෙසින් හඳූන්වනු ලබයි. එසේ පවසනුයේ රජය විසින් ගෙවීමට පොරොන්දූ වන පොළී අනුපාතය හා නාමික අගය ගෙවීම පිළිබඳව අවිනිශ්චිත තාවයක් නොමැති වීමයි. එනම් භාණ්ඩාගාර බැඳූම්කර සම්බන්ධයෙන් ණ්‍ය අවදානමක් හෙවත් ණය පැහැර හැරීමේ අවදානමක් නැත. එනමුත් භාණ්ඩාගාර බැඳූම්කරවල ආයෝජනය සම්බන්ධයෙන් අවදානම් කිහිපයක්ම දක්නට ලැබේ.
පොළී අනුපාතික අවදානම
පොළී අනුපාතික අවදානම හෙවත් වෙළඳපොළ අවදානම වශයෙන් හදූන්වනු ලබන්නේ අනාගතයේ පොළී අනුපාත ඉහල යාම හේතුවෙන් භාණ්ඩාගාර බැඳූම්කරවල මිළ පහළ යාමේ අවධානමයි.
ප්‍රති ආයෝජන අවදානම
මින් අදහස් වන්නේ අනාගතයේ ලැබෙන පොළී මුදල් නැවත ආයොජනය කල හැකි පොළී අනුපාතිකය පහත බැසීමයි.
උද්ධමන අවදානම
අනාගත සත්‍ය උද්ධමනය ආයෝජනය කරණ අවස්ථාවේ අපේක්ෂා කළ උද්ධමනයට වඩා වැඩිවීම හේතුවෙන් අපේක්ෂිත පොළී හා පරිනත අගයේ මූර්ත වටිනාකම අඩුවීම උද්ධමන අවදානම නම් වේ.
ද්‍රවශීලතා අවදානම
ද්‍රවශීලතා අවදානම යනු භාණ්ඩාගාර බැඳූම්කර පවතින වෙළඳ මිලට ආසන්න මිලකට ඉක්මනින් විකිණීමට නොහැකි වීමේ අවදානමයි.