CMarketsහි ෆොරෙක්ස් ට්‍රේඩින් හරහා අමතර හෝ පුර්ණකාලින අදායමක් හොයන විදිය ඉගෙනගනිමු !
ICMarket කියන්නේ ලොව පිළිගත් බලපත්‍රලාභී නියාමනය වන ECN වර්ගයේ
ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතයක්. ඔවුන් 2007 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල
සිට සේවා සපයන ආයතනයක්. ඒවගේම ඔවුන්ගේ spread එක ඉතාම අඩුයි වගේම ඔවුන්
නොමිලේ පුහුණු ගිණුම් සහ ඔබේ ට්‍රේඩින් සදහා උපකාර වන ලිපි සහ වීඩියෝ
රාශියක්ම ලබාදෙනවා. ට්‍රේඩින් කිරීම සදහා MT4, MT5 වගේම සුපිරි ctrader
මෘදුකාංගයද ලබාදෙනවා.
ඔබට ඕනෙම කාලයක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව
පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉන්පසු කැමති ඕනෙම වෙලාවක $200 හෝ ඊට
වැඩි සත්‍ය මුදල් ප්‍රමාණයක් යොදවා ට්‍රේඩ් කිරීමට පුළුවන්.
වැඩි විස්තර සදහා ලිපිය කියවන්න ! ගැටළු තියෙනවනම් inbox කරන්න, වෙබ් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කරන්න හෝ ඊමේල් පණිවිඩයක් එවන්න
මොකක්ද ෆොරෙක්ස් කියන්නේ සහ එමගින් මුදල් හොයන්නේ කොහොමද ?
ෆොරෙක්ස් කියන්නේ ලොව විශාලම මුදල් එකක හුවමාරු වෙන වෙළදපොල නුමුත් අපි වැනි කුඩා තනි පුද්ගලයන්ට මේ වෙලදපොලේ ට්‍රේඩ් කිරීමට හැකි වෙන්නේ බ්‍රෝකර් ආයතනයක් හරහා. ඉතින් මෙහි කරන්න තියෙන්නේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කිරීම ( වෙලාවක් නෑ ෆොරෙක්ස් වල ට්‍රේඩ් එකක් අවසන් වෙන්න ). ඔබේ නිගමනය සාර්ථකයි නම් ඔබට අදායමක් ලැබෙනවා. ඒවගේම ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් සිදුවෙනවා. නුමුත් මෙම පාඩුව අවම කරගැනීමට ඔබ Stop Loss අගයන් දමාගැනීම සහ ට්‍රේඩ් එකක් වැඩි කාලයක් තබාගැනීමට හැකි ශේෂයක් තබා ගැනීම වැදගත් වෙනවා.
1. Icmarketහි නොමිලේ ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ?
මුලින්ම නොමිලේ ලියාපදිංචි වෙන්න තියෙන්නේ. කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් / ගිණුම් නොමිලේ ආරම්භ කරන්න පුළුවන්. ( පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරලා සාර්ථක වූ පසු සත්‍ය ගිණුමක් ආරම්භ කරන විදිය සහ මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ).
නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි
"Try a Free Demo" කියන දකුණු ඇත පැත්තේ තියෙන අළුපාට ලින්ක් එක වෙත යන්න
දැන් ඔබට පහත ආකාරයේ registration form ( ලියාපදිංචි විමේ පෝරමයක් ) එකක් දිස්වේවි.
![2-IC-Markets-demo-account-registration-in-sinhala-sri-lanka v2 2-IC-Markets-demo-account-registration-in-sinhala-sri-lanka updated](https://prathilaba.com/wp-content/uploads/2018/08/fill-your-personel-details-ic-market-new-update.jpg)
Country ඔබ ඉන්න රට අනුව මේක ස්වයංක්‍රියවම තේරේවි නැත්තම් ශ්‍රී ලංකා කියලා තෝරාගන්න ( ඔබේ ස්ථිර පදිංචිය වෙනත් රටක් නම් එය සදහන් කරන්න )
First Name ලෙස මුල්නම ( නම් ගොඩක් තියෙනවනම් මුල් නම් වල මුල් අකුරු යොදවන්න )
Last Name ලෙස වාසගම
Email ලෙස ඔබේ ඊමේල් ලිපිනය ( *** ඔබගේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න )
Receive our newsletter and special offers මේකට හරි ලකුණක් යොදවන්න
Phone කියන තැන ඔබේ දුරකථන අංකය සදහන් කරන්න ( මුල් බින්දුව වෙනුවට +94 ලෙස සටහන් කරලා ඉතිරු ඉලක්කම් ටික යොදවන්න ).
අනිත් ඒවා ටික එහෙමම තියන්න...
ඉන්පසු "Register" තෝරාගන්න.
ඉන්පසු ඔබට ප්‍රධාන ගිණුම පෙන්වාවි පහත ආකාරයේ විස්තරයක් තියෙන popup window එකක් එක්ක. එකේ තියෙන 'OK' ලින්ක් එක වෙත පිවිසෙන්න
![security-tips-ic-market-prathilaba-sri-lanka-forex security-tips-ic-market-prathilaba-sri-lanka-forex](https://prathilaba.com/wp-content/uploads/2020/03/2-b1-security-tips-ic-market-prathilaba-sri-lanka-forex.jpg)
දැන් ඔබට පහත ආකාරයට සමාන පිටුවක් දිස්වේවි
![3-b-Ic-markets-when-ctrader-account-is-choosen-in-sinhala-sri-lanka](https://prathilaba.com/wp-content/uploads/2018/02/3-b-Ic-markets-when-ctrader-account-is-choosen-in-sinhala-sri-lanka.jpg)
Trading Platform එක ලෙස ඔයාට MT4 හෝ Ctrader තෝරාගන්න පුළුවන් ( ඔබ ගාව සාමාන්‍යයෙන් හොද performance තියෙන පරිඝනකයක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනම් Ctrader එක තෝරාගන්න මොකද මේක ටිකක් වැඩිපුර memory භාවිතා කරනවා MT4 එකට වඩා. හැබැයි Ctrader එක ඉතාම පහසුයි ට්‍රේඩ් දාද්දි මොකද ස්වයන්ක්‍රීයවම මෙහි පිප්ස් වගේ දේවල් ගණනය කරගන්න පුළුවන් ට්‍රේඩ් දැමීමේදී ).
MT4 ලෙස Trading Platform තොරාගත්තනම් Account Type ලෙස "Raw Spread" තෝරාගන්න ( Ctrader තෙරුවහම මේක ඉබේම Raw Spread වෙනවා. මේ වර්ගයේ ගිණුම් වල වාසිය වැඩි අනිත් ඒවාට වඩා ).
Currency එක USD / EUR හෝ ඔබ ප්‍රධාන රටක සිටිනවානම් ඒකට අදාල මුදල් ඒකකය තොරගන්නත් පුළුවන්.
Leverage කියන එක 1:500ම තියාගන්න ( අවශ්‍ය නම් වෙනත් අගයක් වුනත් තෝරාගන්න පුළුවන් )
Initial Deposit කියන එක 200ම තියාගන්න ( අවශ්‍ය නම් වෙනත් අගයක් වුනත් තෝරාගන්න පුළුවන් )
දැන් "Proceed" කියන ලින්ක් එක වෙත යන්න.
( ඔයාට අවශ්‍ය නම් මුලින්ම MT4 එකක් හදාගන්න, ඉන්පසුව cTrader ගිණුමකුත් හදාගන්න. දෙකම පාවිචිචි කරලා බලලා ඔයාට හොදයි කියලා හිතෙන එක අන්තිමට තෝරාගන්න... )
දැන් ඔයාගේ පුහුණු ගිණුම හැදිලා තියෙන්නේ ! දැන් ඔයාගේ ඊමේල් ලිපිනයේ inbox එකට යන්න. ඔයාට ඊමේල් පණිවිඩ කීපයක්ම
ඇවිල්ලා ඇති.
පළමු ඊමේල් පණිවිඩය / 1st Email
![4-IC-markets-client-area-username-password-in-sinhala-sri-lanka](https://prathilaba.com/wp-content/uploads/2020/03/4-IC-markets-client-area-username-password-in-sinhala-sri-lanka.jpg)
"Secure Area Login Details" කියලා ඔයාට එවලා තියෙන "username" සහ "password" සුරක්ෂිතව තියාගන්න. මේක තමයි ප්‍රධාන ගිණුම. මේ ගිණුම හරහා ඉස්සරහට ඔයාට ඕන නම් තව පුහුණු ගිණුම් වගේම සත්‍ය ගිණුම් හදාගන්නත් පුළුවන් ( ඔයාට ඕන නම් මෙම මුරපදය වෙනස් කරගන්න My profile එක යටතේ තිබෙන "Change password" හරහා ).
දෙවැනි ඊමේල් පණිවිඩය / 2nd Email
![5-Ic-markets-ctrader-demo-account-registration-in-sinhala-sri-lanka](https://prathilaba.com/wp-content/uploads/2018/02/5-Ic-markets-ctrader-demo-account-registration-in-sinhala-sri-lanka.jpg)
A - cTrader account details
![5b-mt4-demo-account-login-details-email-in-sinhala-sri-lanka](https://prathilaba.com/wp-content/uploads/2018/02/5b-mt4-demo-account-login-details-email-in-sinhala-sri-lanka.jpg)
B - MT4 account details
ඔබ ctrader ගිණුමක් හැදුවා නම් මුල්ම පින්තුරයේ (A) ආකාරයට ඊමේල් එකක් ලැබේවී. 'Confirm cTrader ID' කියන ලින්ක් එක වෙත ගොස් password එකක් යොදවාගන්න. ඔබට ලැබුන cTrader ID එක සහ ඔබ ඇතුලත් කල password එක අවශ්‍ය වෙනවා ctrader ට්‍රේඩින් පුහුණු ගිණුමට පිවිසීමට.
ඔබ MT4 ගිණුමක් හැදුවා නම් දෙවෙනි පින්තුරයේ (B) ආකාරයට ඊමේල් එකක් ලැබේවී "MT4 Demo Account Registration" කියලා. මෙහි විතර ඕන වෙනවා MT4 ට්‍රේඩින් පුහුණු ගිණුමට පිවිසීමට.
මේ විස්තර සුරක්ෂිතව තියාගන්න ( ඕන නම් Mt4 සහ ctrader දෙකේම පුහුණු ගිණුම් හදලා ටෙස්ට් කරලම බලන්න. ඔයාට පහසුයි කියලා හිතෙන එකක් පාවිච්චි කරන්න පුළුවන් ).
2. Icmarketහි ප්‍රධාන ගිණුමේ dashboard
දැන් අපි බලමු ප්‍රධාන ගිණුමේ dashboard එකේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වන දේවල් මොනවද කියලා ඊලග අදියරට යොමු වෙන්න පෙර
![6-ic-markets-client-area-dashboard-in-sinhala](https://prathilaba.com/wp-content/uploads/2018/02/6-ic-markets-client-area-dashboard-in-sinhala.jpg)
Accounts ලින්ක් එක යටතේ තියෙන දේවල්
- Accounts Summary : ඔයාගේ ගිණුම් වල විස්තර බලාගන්න පුළුවන් වගේම ගිණුම් ආරම්භ කරන ඒවත් මේකෙන් කරන්න පුළුවන් .
- Platform Credentials : ඩෙමෝ සහ ලයිව් ට්‍රේඩින් ගිණුම් වල විස්තර බලාගන්න පුළුවන්.
- Open a New Demo Account : ශේනිකව ඩෙමෝ ( පුහුණු ) ගගිණුමක් ආරම්භ කරන්න පුළුවන්.
- Open Live Account : සත්‍ය මුදල් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්.
Profile ලින්ක් එක යටතේ තියෙනදේවල්
- Account details : ඔයාගේ විස්තර බලාගන්න පුළුවන්
- Settings : Social media ඒවා connect කරගන්න පුළුවන් ( මේක නම් ඕන වෙන්නේ නෑ )
- Change Client Area Password : ප්‍රධාන ගිණුමේ මුරපදය වෙනස් කරගන්න පුළුවන්
Trading Tools ලින්ක් එක යටතේ තියෙනදේවල්
- Downloads : ඔබට ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වෙන ට්‍රේඩින් මෘදුකාංග භාගත කරගන්න පුළුවන් ( MT4, cTrader etc..).