මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් දෙනෙක් කියනවා අපිට forex ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඔබ සැම වෙනුවෙන් FOREX වලින් සල්ලි හොයන විදිය ගැන ලිපියක්. හැමෝටම තීරෙන විදියට ලිව්වේ වැඩිය technical terms යොදන්නේ නැතුව. මේකත් ඉහල අවදානමක් ඇති දෙයක්. ඒක නිසා ඉවසීම තියෙන අවදානමක් ගන්න පුළුවන් අයට තමයි සුදුසු. මොනවහරි තේරුනේ නැතොත් අහන්න අමතක කරන්න එපා. හරි වැඩේට බහිමු.
What is forex and how can we earn from Forex trading ?
Forex කියන්නේ මුදල් ගනු දෙනු වෙන ලෝකේ ලොකුම වෙළදපොල. ඉතින් අපිට උපයන්න පුළුවන් මුදල් ඒකක buy /sell කිරීම මගින්. ඔබ binary කරා නම් එකේන් මේ වෙනකොට පොඩි අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ මුදල් එකක ගන්නකොට විකුනනකොට ඇතිවන මුදලේ වෙනස මත තමයි ඔබට සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ.
Forex සහ Binary දෙකක්ද එකක්ද ?
දෙකේම මුලික පදනම එකයි ඒවගේම ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තියෙනවා. දෙකේම අනාගතයේ වෙන දෙයක් වර්තමානයේ අධ්‍යනය කරලා තීරණ කිරීමක් තමයි වෙන්නේ.
Binary වල fix time එකක් මත ඔබ තීරණය කරන්න ඕන වැඩි වෙනවද අඩුවෙනවද කියලා. සාමන්‍යයෙන් තෝරාගත් කාලය අනුව ඔබ සාර්ථක වුනොත් , ඔබට සියයට අනුවක් විතර වෙනකන් දැමු මුදලට අමතරව ලැබෙනවා. ඔබේ නිගමනය වැරදි වුනොත් ඔබට නැති වෙන්නේ ඔබ දැමු මුදල් පමණයි.
Forex වලදී ඔබට එහෙම නිශ්චිත කාලයක් නෑ ඔබට කැමති වෙලාවක ට්‍රේඩ් එක නවත්තලා ලාහය ගන්න පුළුවන් (සාර්ථක නම්). මේ ලාභය ඔබ දැමු මුදල මෙන් කීප ගුණයක් හෝ ඊටත් වැඩිඅති විශාල ලාභයක් වෙන්න පුළුවන් ( සේවා ගාස්තු වගේ සුළු ගානක් කැපෙනවා ). ඒවගේම අසාර්ථක වුනොත් ඔබේ පාඩුව ඔබ දැමු මුදලට වඩා කීප ගුණයක් හෝ ඊටත් වැඩි අති විශාල එකක් වෙන්න පුළුවන්. නුමුත් මේ පාඩුව අවම කර ගන්න forex වල අපි පාවිච්චි කරනවා stop loss කියලා දෙයක්. එකෙන් කරන්නේ ඔබේ පාඩුව අවම කිරීම. ඒක නිසා මේ දේ හරියට පාවිච්චි කරොත් මේකෙන් ඉතා සාර්ථක අදායමක් හොයන්න පුළුවන්.
Forex Trading කරන්න පුළුවන් කාල වේලාවන් මොනවද ?
සදුදා උදේ 2.30සිට සිට සෙනසුරාදා උදේ 2.30 වෙනකන් forex වෙළදපොල ක්‍රියාතමක වෙනවා ( බයිනරි වල වගේ සති අන්තයේ ට්‍රේඩ් කරන්න බෑ හොදේ ! ). නුමුත් මුදල් ඒකක වල මිල ඉහල පහල යෑම වැඩිම හවස 6.30 සිට හවස 9.30 වගේ කාලයන් වල. ඉතින් කුඩා කාලයන් වල ට්‍රේඩ් කරන්න හොදම කාලය එයයි. ( දින ගණන් ට්‍රේඩ් එකක් දාගෙන ඉන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන ගිණුමකට මේ කාල වේලාවන් නම් එතරම් ගැටළුවක් නෑ )
How to choose a reliable regulated broker for forex trading ?
Forex වලත් ඉන්නවා එක එක ජාතියේ brokerලා. Dealing Desk ( market makers ) ලා සහ Non dealing deskලා කියලා දෙවර්ගයක් ඉන්නවා.
Dealing Desk ( market makers ) forex brokers - මාර්කට් මේකර්ස්ලා කරන්නේ ඔවුන්ගේ buyersලා sellersලා පාවිච්චි කරමින් කෘතීම වෙළදපොලක් ආයතනය තුලම නිර්මාණය කිරීම. ඔබේ ට්‍රේඩ් එක් sell එකක් නම් එකට match වෙන buy order එකක් සමග ගැලපීම තමා කරන්නේ. වැරදිලා හරි ගැලෙපෙන එකක් තිවුනේ නැතොත් broker ඔබේ ට්‍රේඩ් එකේ අනිත් පැත්ත ඉබේම ගන්නවා. එම නිසා මෙවැනි බ්‍රෝකර් කෙනෙක් තෝරාගැනීමේදී ඔබ සැමවිටම බලන්න ඕන එම ආයතනය නියාමනය වෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන ආයතනයක් ද කියන එක. එහෙම ආයතනයක් නම් කිසිම ගැටළුවක් නෑ. ඒක නිසා සැමවිටම සොයලා බලන එක අනිවාර්ය දෙයක්.
Non dealing desk forex brokers - ඔවුන් කෙලින්ම ඔබේ buy /sell orders ප්‍රධාන වෙලදපොල සමග සම්බබන්ධ බැංකු/හෙජ් අරමුදල් වැනි liquidity providersලා වෙත යොමු කිරීම. ඔවුන් ඔබෙන් ගන්නේ සේවා ගාස්තුවක් සහ commission එකක් පමණයි. මේකෙත් STP සහ ECN කියලා වර්ග දෙකක් තියෙනවා. දෙකම අවුලක් නෑ. වැඩි මුදලක් යොදවන්න පුළුවන් නම් ECN කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් පොඩි ගානකින් පටන් ගන්නවනම් STP කෙනෙක් වුනත් දැනට ඇති. ඊත් $200ක් වත් යොදවන්න පුළුවන් නම් අනිවාර්යයෙන් spread එක අඩු ECN ගිණුමකට යොමුවෙන්න.