ට්‍රේඩින් වලදී අනිවාර්ය මුදල් කළමනාකරණය

 


1 - Use only funds that can be used with a risk, avoid loans and day to day funds for expenses - ( ඔබට අවදානමක් ගත හැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න )


ඔබ අනිවාර්යයෙන්ම binary option වේවා වෙන ඕනෑම වියාපාරික ගනයේ ආයෝජනයක් සදහා කිසි විටකට එදිනෙදා වියදමට ඇති මුදල් හෝ කාගෙන් හරි ණයට ගත් මුදල් දීමෙන් වැලකී සිටින්න. හේතුව වන්නේ ආයෝජන කියන්නේ ඉහල ලාභ වගේම හරියට කරේ නැතොත් පාඩු ලැබෙන්න පුළුවන් නිසා.

2- Avoid News Time ( පුවත් වෙලාවල trade කරන්න එපා )


කෙනෙක් හිතන්න පුළුවන් මේක මුදල් වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා.. හේතුව තමයි news තියෙන වෙලාවක trade කරන්න ගියොත් එවෙලාවේ ඇතිවෙන market එකේ වෙනස් වීම නොහිතපු විදියේ එකක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නිරපරාදේ නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා එම කාලයන් වල trade කරන්න එපා

3 - Choose currency pairs that give you 80% and above ( Rate if your prediction is correct or in case of correct prediction )

( සියයට 80% හෝ ඊට වඩා වැඩි trade පමණක් තෝරාගන්න )


ඔබ අනිවාර්යයෙන්ම සියයට 80% වඩා ප්‍රතිලාභ ලැබෙන trade තෝරාගන්න ඕන. හේතුව තමයි එහෙම වුනොත් විතරයි ඔබ දිනකට කරන මුළු trade ප්‍රමාණයෙන් සියයට 60% ප්‍රමාණයක් සාර්ථක වුනත් සැලකිය යුතු ලාභයක් ලැබීම. වැඩි විස්තර සදහා Binary Options Earning Capacity in Sinhala ලිපිය කියවන්න.

4 - Use only 5% of your total investment per trade ( Trade එකකට විස්සෙන් එකක් ( 5%) පමණක් යොදවන්න ! )


ඔබේ ගිණුමෙන් 5% තමයි එක trade එකකට යෙදවිය යුත්තේ.

උදාහරණයකට ගත්තොත් ඔබ $200කින් IQ OPTION එකේ ගිණුමක් පටන් ගත්තා නම් ඔබ එක trade එකකට $10 පමණයි යෙදවිය යුත්තේ. ඇයි එහෙම කියන්නේ ? හේතුව ඔබ හිතමු $100 දැම්මා කියලා එක trade එකකට ( පෙරේත කමට ! ). මුල්ම trade දෙක අසාර්ථක වුනුත් $200 trade දෙකෙන් ඉවරයි. අන්න ඒකනිසා අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න.


$200 balance එක නම් : $10 එක trade එකකට

$250 balance එක නම් : $12.5 එක trade එකකට

$300 balance එක නම් : $15 එක trade එකකට

$400 balance එක නම් : $20 එක trade එකකට

$500 balance එක නම් : $25 එක trade එකකට


ඔබට 10% වෙනකන් trade එකකට යොදන ගණන වැඩි කරගන්න පුළුවන් ටිකක් පළපුරුද්ද ලැබුනහම. නුමුත් ඊට වඩා නම් දාන්න එපා. ඒවගේම $50 වඩා එක trade එකකට දාන්න එපා ඔබට විශාල ශේෂයක් තිවුනත්..

5 - Do not enter multiple trades at the same time interval ( ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. )


ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. එක වෙලාවකට එක trade එකක් පමණයි කල යුත්තේ. ( ඔබ පළපුරුදු නම් එහෙමත් නැත්තම් පළපුරුදු Binary Options Signal Service සමග වැඩ කරනවානම් වැඩි අවදානමක් ගන්න පුළුවන් නුමුත් නවක ඔබ එක trade එකකට වඩා එක සැරයකට යොදවන්න එපා )

6 - Do not place multiple amounts in same trade (එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා )


එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා. ඔබ හිතමු $10 දාලා trade එකකට යොමු වුණා කියලා. ඔබ එම trade එකෙන් අසාර්ථක වේගෙන එනවා කියලා හිතලා අයීත් අනිත් දිශාවට තව $10 දාන්න යන්න එපා. එහෙම වුනොත් $20ම නැති වෙන්න පුළුවන්. ඒවගේම ඔබ සාර්ථක වේගෙන එන trade එකකදී තණ්හාවට තව තව එම දිශාවටම $10 ඒවා දාන්න එපා. මොකද ඔබ පසුව දමන trade අසාර්ථක වුනොත් සාර්ථක වෙන්න තිවුන එකේ ලාභයත් නැතිවෙනවා තණ්හාව නිසා යාලුවනේ.

7 - Use Trading Journal ( ට්‍රේඩ් ඒවා සටහන් කරගන්න නැවත හරි වැරදි ඉගෙන ගන්න )


ට්‍රේඩ් එකකට යොමු වීමට පෙර ඔබ excel sheet එකක හෝ පොතක සටහන් කරගන්න එම ට්‍රේඩ් එකට ඔබ යොමු වුන හේතුත් එක්ක. එවිට ඔබට පහසු වෙනවා හරි වැරදි සොයාගෙන සාර්ථකත්වය වැඩි කරගන්න.

8 - Study the outcome of each trade ( trade එකක් අවසානයේ එය සමාලෝචනය කරන්න )


Trade එකකට පසු ඔබ සාර්ථක වුවත් අසාර්ථක වුවත්. එම trade එක ගැන නැවත chart වලට ගොස් බලන්න. මේ විදියට ඔබට පුළුවන් සාර්ථකත්වය වැඩි කරගන්න.

9 - Do only a fixed number of trades per day ( දිනකට කරන trade ප්‍රමාණය තීරණය කරගන්න )


ඔබ දිනකට trade 10 පමණ විතරක් කරන්න live trading කරනවිට ( ඊට වඩා කරන්න පුළුවන් පුරුදු වුනහම නුමුත් දිනකට යොමු වෙන්න එපා 10කට වඩා ).

10 - If you lose 2 trade continuously, stop trading for several hours ( එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න.)


එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න. පොඩි විවේකයක් අරන් යලි පටන් ගන්න පුළුවන්. හැබැයි ඔබ එක දිගට trade 4-5 අසාර්ථක වෙනවනම්. මේ ලිපි යලි යලිත් කියවන්න. ඒවගේම demo කරන්න සති කීපයක්. එහෙම නැත්තන් ඉතින් Signal සේවාවක සහයෝගය ලබාගන්න වෙනවා.

11 - During trading time, avoid any other work ( trade කරනවානම් එවෙලාවට trade විතරයි කරන්න ඕන ! )


Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න.

12 - Patience and Practice ( ඉවසීම සහ පුහුණුව නැත්තන් ඉතින් ට්‍රේඩින් කරලා වැඩක් නෑ ! )


ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට . පුහුණුව මගින් ඔබට ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් වගේම ඔබ භාවිතා කරන ක්‍රමවේදයේ අඩු පාඩු හදාගන්න පුළුවන්. ඉවසීම අනිවාර්යයෙන් ප්‍රගුණ කරන්න වෙනාවා යාලුවේ මොකද ඔබ කොතරම් සාර්ථක ට්‍රේඩ් කරත් ඔබේ ඉවසීම නොමැති කමින් යොදවන ට්‍රේඩ් කීපයකින් ලැබුණු ලාභය නැති වෙන්න යන්නේ සුළු කාලයක්. ට්‍රේඩ් එකක් දාද්දි ඔබේ නිගමනයට අදාල කරුණු සනාථ වෙලා තියෙනවද කියලා හැම තිස්සෙම බලන්න එහෙම නොමැති නම් ට්‍රේඩ් එකට යොමු වෙන්න එපා.  ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්.