වසර 2008 දී ලොව සුවිශේෂ සිදුවීමක් සනිටුහන් වුණි. එනම් ගෝලීය මූල්‍ය අර්බුදයයි. ඇමෙරිකාවෙන් ඇරඹුණු මෙම කැළඹුමෙන් ලෝක ආර්ථිකය දෙදරා ගියේය. මින් බොහෝ ව්‍යාපාර බංකොලොත්භාවයට පත් වුණි. බොහෝ දෙනාට රැකියාවන් අහිමි විය. මුළු ලොවම අ`දුරු සමයකට සංක්‍රමණය වෙමින් පැවතුණි. සමහරුන් සමස්‌ත මූල්‍ය පද්ධතියටම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස චෝදනා කළෝය. මේත් සමගම ගෝලීය මූල්‍ය ක්‍රමය සහ ඒවා නියාමනය කරන ආයතන, එනම් මහ බැංකු පිළිබ`දව අප්‍රසාදය බොහෝ දෙනා තුළ වර්ධනය වුණි.
මෙම සිදුවීම් පෙළ සිදුවන අතර තවත් පිරිසක් ගෝලීය මූල්‍ය ක්‍රමයේ පදනම වන මුදල්වලට විකල්පයක් සෙවීමේ උත්සාහයක යෙදී සිටියෝය. මෙම විකල්පය තුළින් මෙවන් ගෝලීය මූල්‍ය අර්බුද අනාගතයේ පැමිණීම නවතාලීමට හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කළෝය. මීට විකල්පය ලෙස ඔවුන් දුටුවේ පරිගණක හරහා සංසරණය වන මහ බැංකුවලට හෝ කිසිවකුට පාලනය කළ නොහැකි ඩිජිටල් මුදල් වර්ගයක් නිර්මාණය කිරීමය. නමුත් මෙය සාර්ථක කර ගැනීමට ඔවුන්ට ප්‍රධාන අභියෝග දෙකක් තිබුණි. පළමුව එකල තිබූ තාක්‌ෂණයට අනුව, ඩිජිටල් මුදල් ක්‍රමයක් තුළ එක් ඩිජිටල් ටෝකනයක් වරකට වඩා වැය කිරීමට ඇති හැකියාවයි. එම නිසා එක ටෝකනයකින් බොහෝ වංචනික ටෝකන නිර්මාණය කොට ඒවායෙන් විවිධ ආකාරයේ මිලදී ගැනීම් කිරීමේ හැකියාවක් තිබුණි. දෙවනුව කිසිම ආයතනයකට හෝ පුද්ගලයකුට තනිවම පාලනය කළ නොහැකි විමධ්‍යගත මුදල් ක්‍රමයක් ඇති කිරීම මගින් මුදල් පිළිබ`ද විශ්වාසී භාවයක් ඇති කිරිමයි. මීට කලින් නිර්මාණය කළ ඩිජිටල් මුදල් අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ මෙම බාධකයි.
නමුත් 2009 වසරේදී සටෝෂි නකමොටෝ නම් පුද්ගලයෙක් බ්ලොක්‌ෙච්න් නම් තාක්‌ෂණයක් අනුසාරයෙන් ලොව පළමු සාර්ථක විමධ්‍යගත ක්‍රිප්ටො මුදල් (Cryptocurrencies) වර්ගය වන බිට් කොයින් (Bitcoin) හ`දුන්වා දෙන ලදී. මෙම බ්ලොක්‌ෙච්න් තාක්‌ෂණයෙන් ඉහත ස`දහන් කළ බාධක සාර්ථකවම ජය ගැනීමට හැකියාවක් ලැබුණි. මෙයත් සමගම ඩිජිටල් මුදල් නිර්මාණය කිරීම ස`දහා ප්‍රධාන අඩිතාලම වැටුණි.
ක්‍රිප්ටො මුදල් යනු තනිකරම පරිගණකවල ඩිජිටල් අවකාශයේ පවතින හුවමාරු මාධ්‍යයකි. මේවා රත්රන් වැනි කිසිම වත්කමක් මත පදනම්ව නිකුත් කොට ඇති ඒවා නොවේ. ඊට අමතරව මෙය කිසිම මහ බැංකුවකින් හෝ කිසිම ආයතනයකින් පාලනය වන මුදල් වර්ගයක් ද නොවේ.
මෙම මුදල් නිර්මාණය වන විදිහ අපි එදිනෙදා භාවිත කරන මුදල්වලට වඩා සෑහෙන වෙනස් විදිහකටයි සිදු වන්නේ. සාමාන්‍ය මුදල් නිකුත් කරන්නේ මහ බැංකුව විසිනි. නමුත් ක්‍රිප්ටෝ මුදල් නිර්මාණය පරිගණකවලින් සිදුකරන කැණීම් (mining) ක්‍රියාවලියක් මගින් මෙම කැණීම් සිදු කරන ආයතන මහා පරිමාණයේ පරිගණක (Servers ආධාරයෙන් මුදල් නිර්මාණය කිරීම සිදුකරනු ලබයි.
ක්‍රිප්ටො මුදල්වල තාක්‌ෂණය බ්ලොක්‌ෙච්න් මත පදනම්ව නිර්මාණය කොට ඇති බව කලින් ස`දහන් කරන ලදී. ක්‍රිප්ටෝ මුදල්වල සුවිශේෂත්වය තේරුම් ගැනීමට බ්ලොක්‌ෙච්න් හී වැදගත්කම පිළිබ`දව අවබෝධයක් තිබිය යුතුය. බ්ලොක්‌ෙච්න් තාක්‌ෂණය මගින් ක්‍රිප්ටෝ මුදල් හරහා කරන ගනුදෙනු ස්‌ථිර (verify) කර ගැනීමට ඉතා වේගවත්, ලාභදායී සහ සුරක්‌ෂිත පිළියමක් ලැබී ඇත. බ්ලොක්‌ෙච්න් තාක්‌ෂණය අද "ක්‍රිප්ටෝ" මුදල්වල පමණක් නොව ඉඩම් ලියාපදිංචිය, ප්‍රකාශන අයිතීන් සනාථ කිරීම, බැංකු හා මූල්‍ය ක්‌ෂේත්‍රය, රාජ්‍ය අංශය වැනි අනෙක් අංශවලද විප්ලවීය වෙනසක් සිදු කෙරෙමින් පවතී.
"ක්‍රිප්ටෝ" මුදල්වල තිබෙන ප්‍රධානම වාසිය වන්නේ ඒවා හුවමාරු කිරීම ඉතාමත් වේගවත් වීමය. බැංකුවක් හරහා රටකින් තව රටකට මුදල් යෑවීමට දින කිහිපයක් ගත විය හැක. නමුත් "ක්‍රිප්ටෝ" මුදල් හරහා පැය කිහිපයක් තුළ මුදල් යෑවීමේ හැකියාවක් ඇත. මීට අමතරව "ක්‍රිප්ටෝ" මුදල් හැක් කිරීම හෙවත් පරිගණක ආශ්‍රයෙන් කරන දත්ත සොරකම්වලට ලක් නොවන නිසා ඉහළ සුරක්‌ෂිත භාවයක් ඇත.
නමුත් මෙහි ප්‍රධාන අවාසිය වන්නේ තවමත් "ක්‍රිප්ටෝ" මුදල් හුවමාරු මාධ්‍යයක් ලෙසට භාවිත කරන පිරිස ඉතා සීමිත වීමය. මීට අමතරව "ක්‍රිප්ටෝ" මුදල් පාලනය කරන පාලන අධිකාරයක් නොමැති නිසා "ක්‍රිප්ටෝ" මුදල්වලින් කරන ගෙවීම් නැවත හැරවීමේ හැකියාවක් නැත. මෙම මුදල් පාවිච්චි කිරීමට "ක්‍රිප්ටෝ" මුදල් පසුම්බියක් (wallet) තිබිය යුතුය. යම් හෙයකින් "ක්‍රිප්ටෝ" මුදල් පසුම්බියේ මුර පදය (password) අමතක වුවහොත් හෝ නැති වුවහොත් එහි අන්තර්ගත මුදල් නැවත කිසිදාක ලබා ගත නොහැක.
තාක්‌ෂණය තමා සතු නම් ක්‍රිප්ටෝ මුදල් නිකුත් කිරීමට ඕනෑම ආයතනයකට හැක. මේ හේතුවෙන් කොටස් නිකුත් කරනවා වෙනුවට ක්‍රිප්ටෝ මුදල් නිකුත් කිරිමට ලෝකයේ සමහර ආයතන පෙළඹී ඇත. මෙය මූලික කාසි නිකුතුවක් (Initial coin offering)) එහෙමත් නැත්නම් ICO එකක් ලෙස හ`දුන්වනවා. මෙය කොටස් වෙළෝද පොළේ මූලික කොටස් නිකුතු (IPO) වලට සමානයි. මේ ICO ඇමෙරිකාවේ ඉතාමත් ජනප්‍රියයි. මෙලෙස ICO නිකුත් කිරීම මගින් සමහර ආයතනවලට ඩොලර් බිලියන ගණන් රැස්‌කර ගැනීමට හැකි වී ඇත. නමුත් ඊසඑජදසබගජදප වෙබ් අඩවිය විසින් සිදු කළ සමීක්‌ෂණයට අනුව පසුගිය වසරේ නිකුත් කළ ICOවලින් සියයට 46 ක් මේ වන විට කඩා වැටී තිබෙන බවටත් ICO වලින් සියයට 80 ක්‌ම වංචනික කූටෝපක්‍රම බවටත් වාර්තා කොට තිබුණි.
"ක්‍රිප්ටෝ" මුදල්වල අගය තීරණය වන්නේ වෙළෝදපොළ බලවේගවලට අනුවය. මෙය බොහෝ දුරට කොටස් වෙළෝද පොළ ක්‍රියාකාරීත්වයට සමානයි. මෙවන් "ක්‍රිප්ටෝ" මුදල් හුවමාරු කරන වෙළෝදපොළවලට "ක්‍රිප්ටෝ" මුදල් හුවමාරු මධ්‍යස්‌ථාන ලෙස හ`දුන්වනවා.
"බිට් කොයින්" යනු අද ලෝකයේ තිබෙන ජනප්‍රියතම "ක්‍රිප්ටෝ" මුදල් වර්ගය වන අතර දැනට මිලියන 16කට වඩා වැඩි ප්‍රමාණයක් සංසරණයේ පවතී. "බිට් කොයින්"වලට අමතරව අද වන විට එතිරියම්, රිපල්, ලයිට් වැනි මෙවන් ක්‍රිප්ටෝ මුදල් වර්ග 3000කට අධික ප්‍රමාණයක් නිකුත් වී ඇත. දැනට ලෝකයේ ඇති "ක්‍රිප්ටෝ" මුදල්වලින් සියයට 50 ක් පමණ ඇත්තේ බිට් කොයින්ය. මෑතක සිට "බිට් කොයින්" ගෙවීමේ මාධ්‍යයකට වඩා ආයෝජනයක් ලෙස භාවිත කිරිමේ ප්‍රවණතාවයක් තිබේ. දැනට මෙය "බිට් කොයින්" බුබුලක ලක්‌ෂණ දක්‌වා ඇත. මින් අදහස් කරන්නේ බොහෝ දෙනෙක් ගනුදෙනු කරනවාට වැඩිය එකිනෙකා අනුගමනය කරමින් බිට් කොයින් පිළිබ`දව හො`ද අවබෝධයක් නොමැතිව "රැල්ලට" මිල ඉහළ යනු ඇතැයි කියා ආයෝජනය කිරීමය. මෙලෙස බිට්‌කොයින්වලට තිබෙන ඉල්ලුම අධික නිසා ඒවා මිලෙන්ද ඉතා අධිකය. දැනට බිට් කොයින් එකක මිල රුපියල් මිලියන 1.2ක් පමණ වේ.
ලෝකයේ "බිට්‌කොයින්"වලින් ගනුදෙනු කරන ආයතන අද වන විට ඇත්තේ සීමිත ප්‍රමාණයක් වුවත් පසුගිය අවුරුදු කිහිපය ගත්තොත් ඒ ස`දහා ඇති පිළිගැනීම ඉහළ යැමේ ප්‍රවණතාවයක් පවතිනවා. ශ්‍රී ලංකාවේ දැනට "බිට් කොයින්"වලින් ගනුදෙනු කරන ආයතන නොමැත. ඒ වගේම ශ්‍රී ලාංකික ආයෝජකයන්ට "බිට් කොයින්" මිලදී ගැනීමට ඇති ඉඩ ප්‍රස්‌ථාවද ඉතා සීමිතය. නමුත් අන්තර්ජාලය හරහා අන්තර්ජාතික ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්‌ථානවලින් ඕනෑම පුද්ගලයකුට "බිට් කොයින්" හරහා ගනුදෙනු කළ හැකියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ශ්‍රී ලංකාව ඇතුළත මෙවන් හුවමාරු මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැමට හෝ ශ්‍රී ලංකාවේ ආයතනවලට ICO නිකුත් කරන්නට අවසර දී නැති බව ප්‍රකාශ කොට ඇත.
දැනට ශ්‍රී ලංකාවේ "ක්‍රිප්ටෝ" මුදල් සම්බන්ධයෙන් ඇති නීති අවමය. බැලූ බැල්මට නම් පවතින නීති රාමුව යටතේ මූල්‍ය ව්‍යාපාරික පනත සහ විනිමය පාලන පනත මගින් "ක්‍රිප්ටෝ" මුදල් නියාමනය කිරීමේ අපහසුතාවක් තිබේ. ඊට හේතුව වන්නේ "ක්‍රිප්ටෝ" මුදල් යනු මුදල් විශේෂයක් ද නැත්නම් භාණ්‌ඩයක් ද යන්න පිළිබ`දව යම්කිසි ව්‍යාකූලලතාවයක් පැවැතීමය. "ක්‍රිප්ටෝ" මුදල්වල ඇති අවදානම වන්නේ බැංකු පද්ධතියට අමතරව කොටස් වෙළෝදපොළට විශාල බලපෑමක් කිරීමට මෙලෙස නියාමනය නො කළ ක්‍රිප්ටෝ මුදල් සහ ICO වලට ඇති හැකියාවය. පැහැදිලි නීතිමය අර්ථකථනයක් නොමැති නිසා මෙලෙස ක්‍රිප්ටෝ මුදල් හෝ ICO නිකුත් කරන ආයතනයක් කඩා වැටුණහොත් එහි ආයෝජනය කළ පුද්ගලයන්ට කෙසේ වන්දි ලැබේද යන්න විශාල ප්‍රශ්නාර්ථයක්.
"ක්‍රිප්ටෝ" මුදල් විවිධ අපරාධ සහ නීති විරෝධී වැඩ ස`දහා යොදා ගැනීමේ හැකියාවක් පවතී. උදාහරණ ලෙස මත්ද්‍රව්‍ය වෙළෝදාම, බදු පැහැර හැරීම්, ත්‍රස්‌තවාදී කටයුතුවලට අරමුදල් ලබා ගැනීම, මුදල් විශු=ද්ධිකරණය පෙන්වන්නට පුළුවනි. මීට හේතුව වන්නේ ක්‍රිප්ටෝ මුදල්වලින් කරන ගනුදෙනු නිර්ණාමික නිසා ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන පථය (money trail) එක හඹා යැමට ඉතා අසීරු වීමය. උදාහරණයක් ලෙස අපි බිට්‌කොයින්වලින් ගනුදෙනු කරනවා නම් අනෙක් පාර්ශ්වයේ අපත් එක්‌ක ගනුදෙනු කරන්නේ කවුරුන්ද යන වග දැන ගැනීමට අපට හැකියාවක් නොමැති වීමය. සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් සිදු කළ ගවේෂණයකට අනුව 2017 වසරේ සිදු කළ බිට් කොයින් ගනුදෙනුවලින් සියයට 44 ක් පමණ භාවිත කර ඇත්තේ නීති විරෝධී වැඩ ස`දහා බවට ඇස්‌තමේන්තු කර ඇත.
මේ හේතු නිසා ක්‍රිප්ටෝ මුදල් අද සමහර රටවල් භාවිත කිරීම තහනම් කර ඇත. චීනය තම රටේ ඇති ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්‌ථාන තහනම් කර ඇත. දකුණු කොරියාවද මීට සමාන ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී. ඊශ්‍රායලය ක්‍රිප්ටෝ මුදල් පිළි නොගන්නා බවට නිවේදනය කොට තිබේ. අනෙක් පැත්තෙන් ජපානය, ස්‌විට්‌සර්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් ක්‍රිප්ටෝ මුදල්වලට සහයෝගය දක්‌වා තිබේ.
තනිකර "ක්‍රිප්ටෝ" මුදල් භාවිත වන සමාජයක් කුමන ස්‌වරූපයක් ගනීද යන්න සිතා ගැනීමට අපහසුය. අපි මොහොතකට සිතුවොත් එක්‌තරා දවසක ක්‍රිප්ටෝ මුදල්වල භාවිතය, සාමාන්‍ය මුදල් භාවිතය අභිබවා ඉදිරියට පැමිණෙයි කියලා එවිට පිළිතුරු නොමැති බොහෝ ප්‍රශ්න සංඛ්‍යාවක් මතු වේ. එවන් අවස්‌ථාවක බැංකුවල කාර්යභාරය කෙලෙස වෙනස් වෙයිද ? ක්‍රිප්ටෝ මුදල්වලින් තැන්පතු භාර ගැනීම හෝ ණය ලබා දීම කළ හැකිද ? මෙවිට බැංකු ක්‍රියාකාරකම් මහ බැංකුව අධීක්‌ෂණය කරන්නේ කොහොමද ? රජයකට තිබෙන ප්‍රධාන අභියෝග වන්නේ පුද්ගල වත්කම් ප්‍රමාණය නිර්ණය කිරීමත් "ක්‍රිප්ටෝ" මුදල්වලින් කරන ගනුදෙනුවලින් බදු එකතු කර ගැනීමත්ය. මෙවන් අවස්‌ථාවක නීති රෙගුලාසි නියාමනය කරන්නන්ට මෙම "ක්‍රිප්ටෝ" මුදල්වල ඇති තාක්‌ෂණය සහ සංකීර්ණත්වය නිසා ඒවා සියුම්ව හා ගැඹුරින් හදාරා සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගියපු නීති රෙගුලාසි ගෙනෙන්නට සිදු වෙනු ඇති.
අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ "ක්‍රිප්ටෝ" මුදල් පරිහරණය විශාල වශයෙන් වර්ධනය වුවහොත් ගෝලීය ආර්ථිකයේ සහ සමස්‌ත සමාජයේ විශාල පරිණාමයක් සිදුවීම නොඅනුමානය කියාය.
ලලින්ද සුගතදාසx
