ලෝකයේ ආයෝජකයන්ගේ පරමාදර්ශී චරිතය ලෙස කියවෙන නමක් තමයි වොරන් බෆට් කියන්නෙ.ඔහු ඔබට හොඳ ආයෝජකයෙක් වීමට අවශ්‍ය උපදෙස් තම අත්දැකීම් තුළින් ම ලබාදෙයි.සාර්ථක ව්‍යාපාරිකයෙක් ,හොඳ බුද්ධිමත් ආයොජකයෙක් වීමට සිහින දකින ඔබට බෆට්ගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝයි.මේ ඉන් කිහිපයක් ..
1. Never lose money
2. Never forget rule 01
ඔහු ඔබට ලබාදෙන මුල්ම උපදෙස නම් ආයෝජනයකදී මුදල් අලාභ නොකරගන්න.පළමු නීතිය අමතක නොකර ක්‍රියාත්මක වන්න යනුවෙනි.එනම් ආයෝජනය යනු කුමක්ද යන්න පවා නොදැන ඉක්මනින් මුදල් වැඩිකර ගැනීමට හිතමින් ඔබ ඔබේ මුදල් නාස්ති කරගැනීමට පෙර ඔහු පවසන්නේ ඔබේ මුදල පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසයි.එනම් ආයෝජනයකදී නිකරුණේ මුදල් අලාභ කරගැනීමට තීරණ නොගත යුතු බවයි.
ඔහු පවසන තවත් වැදගත් කරුණක් නම් ආයෝජනය සදහා ඔබ තෝරාගන්නා ආයතනය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.තව වසර කිහිපයකින් හොඳ ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයතනවල පමණක් ආයෝජනය කරන්න යන පණිවිඩය ඒ අතර වැදගත් වේ.ඉක්මනින් මුදල් වැඩිකර ගැනීම නොව කාලයත් සමඟ එය වර්ධනය වන ආකාරය ගැන අවධානය යොමුකරන්න වග බලාගත යුතු බව ඔහු පවසයි.
එමෙන්ම ආයෝජනයකදී කාලය වැදගත් වේ.එය දිගුකාලීන ද කෙටිකාලීන ද යන්න පිළිබඳව ඔබ කල්පනාකාරී වීම වැදගත් වේ.
ඔබ ඔබේ ආයෝජන සදහා තරගකාරී වාසියක් ඇති සමාගම් තෝරාගැනීම වැදගත් බව ඔහුගේ අදහසයි.එනම් කොතරම් විකල්ප තිබුණත් හොඳ වෙළෙඳ නාමයක් සහිත ආයතනයි.උදාහරණ ලෙස Apple ,google ,mcdonald ,cocacola වැනි සමාගම් වේ.එමෙන්ම භාණ්ඩවල මිල කෙතරම් ඉහළ ගියත් අලෙවි කළ හැකි භාණ්ඩ නිපදවන ආයතනයි.
” මම යම් සමාගමක කොටස් මිලට ගන්නවා නම් සොයා බලන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා.ඉන් ප්‍රධානතම දෙයක් තමයි මේ කොටස් හැමදාම මගේ සන්තකයේ තියාගන්න හැකිද කියන එක.හැමදාම වටිනාකමක් එකතු වන කොටස් ගැන විතරයි මම හිතන්නෙ.එවිට එය සදාකාලිකවම මා ගාව තියෙනවා.නමුත් වටිනාකම අඩුවන නැත්නම් වටිනාකම නැතිවන බවට අවදානම් තියෙන කොටස් ගැන මම හිතන්නේ නෑ.මම සමාගමක ආයෝජනය කරන්නේ එය ලැබූ ලාභය ගැන හිතලා නෙවෙයි.ඉදිරියේදී මේ ව්‍යාපාරයට කොතරම් දුර යන්න තියෙනවා ද කියා බැලීම පමණි “
“Be fearful when others are greedy and greedy only when others are fearful “අනිත් අය කෑදර වන විට ඔබ බය වෙන්න.අනිත් අය බය වන විට ඔබ කෑදර වන්න.යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.එනම් අනෙකා අවදානම් ගනිමින් කොටස් මිලට ගන්නා තැන ඔබ ප්‍රවේසම් විය යුතු බවත් අනෙකා ප්‍රවේසම් වන තැන ඔබ නුවණින් කටයුතු කළ යුතු බවයි.
ඔබත් ආයෝජනයන් තුළින් සාර්ථකත්වය කරා යන අයෙක් නම් ලොව හොඳම ආයෝජකයා ලෙස පිළිගන්නා වොරන් බෆට්ගේ මෙම අදහස් ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.