ඔබේ ආදායම වැඩි කර ගන්න – ජීවිතය සාර්ථක ගත හැකි ක්‍රම 8ක්..!

 01) ඔබ සෑමදාම කරන දෙය කිරීම නවත්වන්න.


ඔබට ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යැයි සිතෙන්නේ ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ඉතින් ඔබ දැනට කරන දෙය එලෙසම කරගෙන යෑමෙන් ඇති ඵලය කිම. එනිසා ඔබ කරන දෙය නවතා අළුත් යමක් කරන්න, නැතිනම් දැනට කරන දෙය නව ආරකින් කරන්න.


ඔබ එකම තැන සිට එකම ලෙසකට ගලක් උඩට විසිකරන ගමන් එය වෙනස් තැනකට වැටේවි සිතන්නේ නම් ඔබ වැන්නෙකුට කියන නම උන්මන්තකයා හැර වෙන කුමක්ද.


02)දැනට ඔබ සතුව ඇති මුදලට ඔබව තීරණය කිරීමට ඉඩ නොදෙන්න.


ඔබ ණය බරින් මිරිකී සිටින්නකු විය හැකිය, නැතිනම් බැංකු පොතේ ලක්ෂ ගණන් මුදල් ඇත්තකු විය හැකිය, ඔබ කවුරුන් වුවත් දැනට ඔබ සතුව ඇති මුදලට ඔබ තුල ඇති විභවය හෝ ඔබ හෙට ලබාගන්නා සාර්ථකත්වය හෝ තීරණය කල නොහැකිය.


ඔබ යන මඟ දනීනම්, ඔබට ඔබ ගැන විශ්වාස නම් ඔබේ සාර්ථකත්වය හා දැනට ඔබේ වත්කම් අතර කිසිඳු සාධණීය සබඳතාවයක් නැත. එනිසා කිසිවිටකත් එය හිසරදයක් කර නොගන්න. ආ මඟ නොව යා යුතු මඟ ගැන පමණක් ඔබේ අවධාණය දෙන්න.


03) ඔබේ ආදායම් මාර්ග ගැන වැඩි අවධානයක් යොමු කරන්න.


ඔබගේ දිනය, සතිය, මාසය, වසර සැලසුම් කරන්න. සැලසුම් කිරීමේදී ඔබගේ ආධායම් මාර්ග වැඩි දියුණු කිරීමට හා නව ආදායම් මාර්ග ඇති කර ගැනීමට වැඩි කාලයක් යොමු කරන්න. යමක් කැප කිරීමට වේ නම් එය කැප කරන්න. දවල්ට නිදා ගැනීම, සීමා විරහිත ලෙස විනෝදය සොයා යෑම වැනි දේ ඔබ ආර්ථිකමය වශයෙන් ස්ථාවර වන තෙක් නවත්වන්න.


තාවකාලික සුව සතූට ඔබට පසුතැවීම් හැර කිසිත් ඉතුරු නොකරනු ඇති, නමුත් ඔබ දිනෙන් දින ලැබන සාර්ථකත්වය ඔබට නිරන්තර සතුට, තෘප්තිය ගෙන එනු ඇත.


04) කාලයේ ඇති වටිනාකම වටහාගන්න.


නැතිවූ මුදල් ඔබට ඉපයිය හැක නමුත් කිසිදා ඔබට නැතිවූ කාළය ඉපයිය නොහැක. ලොව සාර්ථක වූ අසාර්ථක මිනිසුන්ට මෙන්ම සාර්ථක මිනිසුන්ටද දිනකට තිබෙන්නේ පැය 24කි. නමුත් ඔවුන් එම පැය 24න් ගත් ප්‍රයෝජන නම් ඉතා වෙනස්ය.


සාර්ථක මිනිසුන් ඔවුන්ගේ දිනකින් එක් තත්පරයකදු ඵලදායී කාර්යක් නොකොට ගෙවීට්මට ඉඩ නොදෙයි.


05)ඔබට වඩා සාර්ථක පුද්ගලයින් ඇසුරු කරන්න.


ඔබ සිටින්නේ ඔබ මෙන්ම තත්වයක සිටින හෝ ඔබට වඩා පහත් මට්ටමක සිටින්නවුන් ඇසුරේ නම් ඔබ සිත තවත් සාර්ථක වීමට අලස වනු නියතයි, ඔවුන් ඇසුරේ සිටින විට ඔබ සාර්ථක යැයි ඔබ සිත මුලාවේවි. එනිසා ඔබට වඩා සාර්ථක අය ඇසුරු කරන්න, ඔවුන් ගැන කියවන්න. ඉගෙන ගත හැකි සියල්ල ඉගෙන ගන්න.


ධනාත්මක මිනිසුන් ඇසුරේ ඔබ ධනාත්මක වේවි, සාර්ථක මිනිසුන් ඇසුරේ ඔබ සාර්ථක වේවි, විශිෂ්ට මිනිසුන් ඇසුරේ ඔබ විශිශ්ට වේවි. ඔබ සඳක් නොවූවත් නියතවම තරුවක් හෝ වේවි.


06)අසාර්ථකත්වය හේතු දැක්වීම අඩුකරන්න.


අසාර්ථකත්වයට හේතු දැක්වීමෙන් ඔබ රවටා ගන්නේ ඔබමයි. එනිසා වහාම එය නවතන්න. ඔබේ අතින් වරදක් වූයේ නම් එය පිළිගන්න. යළිත් එවන්නක් නොවීමට වග බලා ගන්න.ඉන් උගත් දේද සමඟ හෙට දිනයට මුහුන දෙන්න.


සෑම විටම මෙනෙහි කරන්න. “නිමාකරනු මිස වැඩ ඇති තමා අත, පමාවට කරුණු කිසි වකුටත් වුවමනා නැත.” යන වග.


තරිඳු කේ. ජයසිංහ

-copied-