බොල්ග් වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිය. - ලිපි ටික ලෑස්ති කිරීම

 ලියන්න පුළුවන් නං ඔයාට කරන්න පුළුවන් නියම වැඩක් තමයි මේක.


ලියන්න බැරි අයටත් විසදුමක් තියෙනවා. හොදට ලියන්න පුළුවන් content writer කෙනෙක් හොයාගෙන වැඩේ කරන්න පුළුවන්. ( Fiverr වගේ වෙබ් අඩවියකින් ඕනේ තරම් ලියන අය හොයා ගන්න පුළුවන් ) , ඊට පස්සේ ඉතින් ගැටළුවක් නැතුවම ඔයාටත් වැඩේට බහින්න පුළුවන්.

( මේ ලිපියේ තියෙන විදියට ඔයාට ඔයාගෙම සේවා සපයන වෙබ් අඩවියත් වුනත් හදාගන්න පුළුවන් )

හරි අපි බලමු කොහොමද සාර්ථකව මුදල් හොයන බ්ලොග් එකක් පටන් ගන්නේ කියලා.   මේ වැඩේට ඔයාට වැය වෙන්නේ ඉතාම සුළු මුදලක්. ඩොමේන් සහ හොස්ටින්ග් දෙකටම ප්‍රථම අවුරුද්දේ ඔයාට ගෙවන්න වෙන්නේ $25-$45 වැනි මුදලක් ඔයාම content ලියනවනම්. ඔයා තව කෙනෙකුට කියලා ලිපි ලියවගන්න හිතන් ඉන්නවනම් සාමාන්‍යයෙන් වචන 400-1000ක ලිපියකට $5 - $20 වගේ මුදලක් යන්න පුළුවන් ( ලිපිය ලියන කෙනාගේ පලපුරුද්ද දක්ෂතාවය අනුව මේක වෙනස් වෙනවා ).

Blog Writing Tutorial Includes / මෙම ලිපියේ ඇතුලත් වන කරුණු
1) අන්තරජාලයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සමග ලෑස්ති වෙන විදිය.

2) වෙබ් අඩවියට නමක් සහ වෙබ් අඩවිය  දමා ගැනීමට හොස්ටින්ග් ගිණුමක් අඩුම මුදලකින් විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න විදිය.

3) හොස්ටින්ග් ගිණුමේ wordpress ස්ථාපනය කරණ අයුරු.

4) ස්ථාපනය කරගත් wordpress වලට theme එකක් දමාගෙන බ්ලොග් පොස්ට් පලකරණ අයුරු.

5) වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය.

6) ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය.

7) ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය.



කලින් ලිපියෙන් අපි පලමු කරුනු පහ කතා කලා. දැන් ඊලග කරුනු ටික බලමු.


5. වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය / how to prepare the content for the website

දැන් ඉතින් තියෙන්නේ ලිපි 15-30 විතර ඔබ දන්න ඔබේ ශේෂ්ත්‍රය ගැන සකසාගන්න. කියවන කෙනාට ආස හිතෙන විදියට ලියන්න පුළුවන් නම් වඩා හොදයි ! ලියන්න අපහසු අයට හරි කාලය පිලිබඳ ප්‍රශ්න තියෙන අයට පුළුවන් පහළ තියෙන වෙබ් අඩවියෙන් හොද ලියන කෙනෙක් හොයාගෙන වැඩේට බහින්න ( එහෙම නැත්තම් ලංකවෙන් කෙනෙක් හොයාගෙන කරගන්නත් පුළුවන් ).

5. 1 Content Writer කෙනෙක් පහසුවෙන් සම්භන්ධ කරගත හැකි වෙබ් අඩවි

fiverr for businesses in sri lanka by prathilaba
මේ වෙබ් අඩවියෙන් ඔයාගේ වෙබ් අඩවියට ඕන කරන ලිපි ටික ලියා ගන්න හොද කෙනෙක් හොයා ගන්න පුළුවන් පහසුවෙන්ම (හොද reviews තියෙන කෙනෙක් හොයාගන්න ! ). ඒවගේ වෙබ් අඩවියට ඕන නිර්මාණ සහ වීඩියෝ වුනත් මේ වෙබ් අඩවියේ ඉන්න කෙනෙක් හරහා කරගන්න පුළුවන්.

5. 2 මේ ටිකත් හොදට මතක තියාගන්න :

1) Privacy Policy,  About Us සහ Contact Us පිටු ඉතා පැහැදිලව ලියාගන්න.

මේකට එහෙම ලොකුවට මහන්සි වෙන්න ඕන නෑ. සාමාන්‍යයෙන් දැනට adsense කාලයක් තිස්සේ තියෙන වෙබ් අඩවියක මේ පිටු ටික බලන්න. ඒ විදියට ඔබේ විස්තර දාලා හදාගන්න තියෙන්නේ.

2) ලියන ලිපි හැම තිස්සෙම Unique වෙන්න ඕන.

ඔයාට ලිපි Uniqueද කියලා බලාගන්න පුළුවන් Plagium  වගේ ටූල් එකක් හරහා පහසුවෙන්ම

දැන් ලියපු ලිපි ටික එහෙමත් නැත්තම් කෙනෙක් යොදවලා ලියාගත්තු ලිපි ටික වෙබ් අඩවියට දමාගන්න. ඔබේම පින්තුරු තියෙනවනම් ඒවත් එකතු කරගන්න වෙබ් අඩවිය ලස්සන කරගන්න එහෙම නැත්තම් wikipedia / wikimedia වගේ නීතිමය ගැටළුවක් නැති පින්තුර යොදවාගන්න.  ඔබට අවශ්‍ය artwork එහෙම fiverr හරහාම ඉතාම අඩු $8 වැනි මුදලකට සදා ගන්නත් පුළුවන්. එවගේමේ intro වීඩියෝ අවශ්‍යයි නම් ඒවත් එම වෙබ් අඩවියෙන්ම ඔබට කරගන්න පුළුවන් සාදාරණ මිලකට.

5.3 නොකළ යුතු දෑ !

Prohibited by AdSense එහෙමත් නැත්තම් ඇඩ් සෙන්ස් තහනම් කරලා තියෙන දේවල් ගැන ලිපි ලියන්න එපා
- උස්සපු ලිපි නම් දාන්න හිතන්න එපා, Be Unique !

6.  ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය. / how to submit website to google and install google analytics

6.1 බ්ලොග් වෙබ්අඩවිය google වෙත යොමු කරන්න

https://www.google.com/webmasters/tools වෙත යන්න. දැන් ඔබේ වෙබ් අඩවිය google  වෙත submit කරන්න. දවස් කීපයකින් වෙබ් අඩවිය google සෙවුම් යන්ත්‍රයේ පෙන්නාවී. ( ඔබට මෙය අපහසු වගේ හිතෙනවනම්, වෙබ් ඩිසය්නර් වරයෙකුගේ සහය ලබාගැනීම වඩා සුසුදුසුයි   ). 

6.2 Google Analytics දමාගන්න

Google Analytics එකේ ලියාපදිංචි වෙන්න. Google Analytics Dashboard WordPress plugin  හෝ  Monster Insights Google Analytics Plugin පාවිච්චි කරලා wordpress බ්ලොග් වෙබ් අඩවිය google analytics එක්ක සම්බන්ධ කරගන්න  . දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔබේ වෙබ් අඩවියට එන visitorsලා ප්‍රමානේ දැනගන්න.

7. ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය - How to make revenue with the created blog website

වෙබ් අඩවිය දාපු ගමන් ඔයාට ad network එකක් ලබාගන්න බෑ හොද traffic එකක් නැතුව. ඒක නිසා යම් සැලකියයුතු කාලයක් පාවිච්චි කරලා වෙබ් අඩවියට traffic හදාගන්න ( යාලුවෝ මිත්‍රයෝ හරහා, social media, ඊමේල් මාර්කටින් වැනි ක්‍රම හරහා වෙබ් අඩවියට traffic හදාගන්න ). google  analytics භාවිතා කරලා සතියෙන් සතිය වගේ බලන්න කොච්චර vistorsලා වෙබ් අඩවියට එනවද කියලා.

( ඔබ බ්ලොග් එකක් වෙනුවට සේවා සපයන වෙබ් අඩවියක් නම් කරන්නේ, මේතැනින් පහලට තියෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ )

වෙබ් අඩවියට දලවශයෙන් 6000 - 10,000 කට වැඩි ප්‍රමානයක් visitorsලා එනවනම් සහ ඔයාට ලීපි 50 - 100 ක් විතර තියෙනවනම් පහත අදියරට පිවිසෙන්න

start-a-blog-website-with-google-adsense-to-earn-money-online-in-sinhala


7.1 Google  Adsense හරහා මුදල් උපයන විදිය

දැන්  google  adsense එක්ක ලියාපදිංචි වෙන්න ! ඇඩ්ස් code  ලබාගෙන වෙබ් අඩවියේ ස්ථාපනය කරන්න.  ඔයාගේ traffic එක අනුව මෙම වෙළද දැන්වීම් වලට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා.  ඉතින් දිගටම අලුත් ලිපි එකතු කරන්න. කාලයත් සමග ඔබට මෙයීන් හොද අදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා.  ( ඔන්න තමන්ම ඇඩ්ස් ක්ලික් කරන්න යන්න නම් එපා පුතෝ. ගිණුම පිටින්ම ඉවර වෙනවා !  🙂  )

Adsense ගැන මේ බ්ලොග් එකත් අනීවාර්‍යයෙන්නම කියවන්න.


7. 2 වෙනත් ad network

යම් විදියකින් google adsense එකෙන් ඔබව reject කරොත් මොකද කරන්නේ ? බයවෙන්න එපා. ඒක නිකමට හරි නොලැබුනොත් පහල තියෙන ad network එකකට සම්බන්ද වෙන්න ( Adsense ලැබුණු සහ පාවිච්චි කරන අය මේවා දාගන්න එපා. )


yllix ads sri lanka propellerads adsense alternative prathilaba sri lanka


ජයවේවා !